IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ

(සුමිත් පොතුපිටිය)

මත්කුඩු වැටලීමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබා ගැනීමට ගිය පොලිස් සැරයන්වරයකු ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් ‍පැමිණි ජාවාරම්කරුවන් පිරිසකගේ පහරදීමට ලක්ව  පානදුර මූලික රෝහලට ඇතුලත් කර ඇතැයි රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.

මෙසේ පහරකෑමට ලක්ව ඇත්තේ පානදුර කොට්ඨාස බුද්ධි අංශයට අයත්ව රාජකාරි නියුතු පොලිස් සැරයන්වරයෙකි.

පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ හෙරොයින් මත්කුඩු ජාවාරමක් සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලබාගැනීම සදහා අදාල සැරයන්රයා එහි ගොස් ඇති අතර අදාල තොරතුරු ලබාගෙන ගාලුපාර දෙසට එමින් සිටියදී පහරකැමට ලක්ව ඇතැයි සදහන් වේ. ත්‍රීරෝද රථ තුනකින් සහ යතුරුපැදියකින් පැමිණි කාන්තාවන් තිදෙනකු ඇතුළු දස දෙනකුට ආසන්න පිරිසක් ඔහු වටකර පොලු මුගුරු වලින් පහරදී ඇතැයිද පැවසේ.

සිද්ධිය සම්බන්ධයෙන් පානදුර පොලිස් කොට්ඨාසයේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායමක් පරීක්ෂණ පවත්වති .

 



අදහස් (0)

මත්කුඩු ගැන හොයන්න ගිය සැරයන් ගුටි කා රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 183 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 390 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 167 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site