IMG-LOGO

2025 නොවැම්බර් මස 08 වන සෙනසුරාදා


මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

 (අජන්ත කුමාර අගලකඩ)
හිටපු ආණ්ඩුකාර එම්.එල් හිස්බුල්ලා  මහතාගේ  මඩකලපුව විශ්ව විද්‍යාලය  සම්බන්ධයෙන්  පාර්ලිමේන්තුවේ  අධ්‍යාපන  ආංගික  කාරක සභාව විසින් දෙන ලද වාර්තාව අධ්‍යනය කිරීමට දී ඇති සති දෙකක කාලය  ප්‍රමාණවත් නොවන බැවින්  එය අධ්‍යන කිරීමට මාස දෙකක කාලයක්  විශ්ව විද්‍යාල  ප්‍රතිපාදන කොමිෂන් සභාවට ලබා දෙන  ලෙස ඉල්ලමින් උසස් අධ්‍යාපපන අමාත්‍යංශය  ඉදිරිපත් කළ යෝජනාවකට ඉකුත් සිකුරාදා (19) කැබිනට් රැස්වීමේදී  ඇමැතිවරුන් පිරිසක් විරෝධය දක්වා ඇතැයි වාර්තා වේ.

අදාළ යොජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූයේ වැඩබලන  උසස් අධ්‍යාපන ඇමැති  ලකී ජයවර්ධන මහතා විසින් බව රජයේ ආරංචිමාර්ග පවසයි. වාර්තාව අධ්‍යනය කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවට සති දෙකක කාලයක් මීට පෙර ලබා දී තිබු අතර  එය ප්‍රමාණවත් නොවන  බැවින් ඒ සඳහා  මාස දෙකක කාලයක් කැබිනට් මණ්ඩලයේ නිර්දේශයෙන් ඉල්ලා ඇත.

එහෙත් එතරම් කාලයක් ඒ සඳහා  ලබා දිය නොහැකි  බව ඇමැතිවරුන් පිරිසක්  පෙන්වා දී ඇති අතර  ඒ අනුව  මාසයක කාලයක්  පමණක් ලබා දීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇතැයි වාර්තා වේ. 



අදහස් (5)

මඩකලපුව සරසවියේ වාර්තාව අධ්‍යයනයට කල් ඉල්ලීමට කැබිනට් විරෝධය

Raveendra Sunday, 21 July 2019 05:25 PM

උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියන්නේ ලංකාවේම තිබෙන කාර්යබහුල මෙන්ම මේ ලෝකේ ඉන්න උගතුන්ගෙන් වැඩිම පිරිසක් සේවය කරන අමාත්‍යංශයක්. එපමණක් නොව ලෝකයේ නව සොයා ගැනීම් සදහා ලබා දෙන නොබෙල් ත්‍යාගය වර්ෂ කීපයක්ම එක දිගට ලබාගැනීමට සමත්වූ මහා බුද්ධිමතුන් පිරිසක්. කෙටියෙන් පවසන්නේනම් එම අමාත්‍යංශයේ රියදුරෙක් ගේ සුදුසුකම් සොයා බැලුවත් රියදුරුකම පිලිබදව ගෞරව උපාධියක් තියෙන කෙනෙක් එහෙව් මිනිසුන් ඔය ඇමතියෝ කියන දේවල් ඇහුම්කන් දෙයිද ?

:       64       244

Nuwan Sunday, 21 July 2019 06:39 PM

පුදුම කාර්ය බහුලකමක් තියෙන්නේ උසස් අධ්‍යාපන අමාත්‍යංශය කියන එකට, එතකොට මෙච්චර ජනතාව බදු ගෙවනවා ඒවායින් අවශ්‍ය පහසුකම් වාහන අරව මේවා සේවකයෝ අතිරික්තයක්ම ඉන්නවා ඕවයේ පුරවලා, කෝ වැඩ?

:       7       266

Hafeel Sunday, 21 July 2019 10:59 PM

නුවන්, ඕක පුදුමයක් නොවේ. අවුරුදු 71 කම අපේ පාලකයෝ මන්දගාමී තමා. අපි එදා ඉඳන් දියුණු වෙමින් රට.

:       0       2

Amila Monday, 22 July 2019 04:04 AM

මේ ආණ්ඩුව ඕකට මොකවත් කරන පාටක් නම් පේන්නේ නැත. අර සයිටම් එක පවරගත්තා වගේ අලි කෙප්පයක් නම් ඉස්සරහට කියන්න පුලුවන්. මොනවා වුනත් මහින්දට ක්ෂණික වැඩ කරන්න කොන්දක් තිවුනා මේ නායකයන්ට වඩා. හරි හෝ වැරදි වුනත් ශ්‍රිලන්කන් එක සහ අර දයාගේ සීනි කම්හල ක්ෂණිකව ගන්න පුලුවන් වුනා නම් ඇයි මේකට මෙච්චර ඇබරෙන්නේ.

:       26       53

parakkramaTuesday, 23 July 2019 06:37 AM

මහින්ද ක්ෂණිකව කරපු වැඩ රටේ බහුතරය දන්නවා . ඒ එකක ප්‍රතිඵල හා ඒවායේ අලගිය මුල ගිය හා දිගු තමයි දැන් රටත් ජනතාවත් වෙලාගෙන අනපේක්ෂිත කලබැගෑණියකට පත් කරලා තියෙන්නේ. මඩකළපුවේ හිස්බුල්ලාගේ ඔය ආයතනය ගොඩනගන්න ඉඩම් දුන්නේ, අනුබල දුන්නේ කවුද ? මේ ගොඩනැගිලි අවුරුදු 4ක් ඇතුලත ඉදිකළ ඒවා දැයි කිව හැකි ද? සයිටම් එකට එරෙහි වුන තරමට මේ ගැන උච්ච්ඡස්වරයක් ඇහෙන්නේ නැහැ නේද ?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 347 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2152 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1631 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site