IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


'මගේ හිත කරදරයි' ගැන කියයි

20160420-ent-60

තමා විසින් නිමැවූ දහස් ගණන් නිර්මාණ අතර ගායනයෙන් දායක වූ ගීත ස්වල්පයක් වූව මේ වසරේදීත් අලුත් ගීතයකට ගායනයෙන් දායක වන්නට රෝහණ වීරසිංහයන් අමතක නොකළේය. මේ මගේ හිත කරදරයි ගීතය පිළිබඳව සාරවිට සමග දැක්වූ අදහස්වල ගොනුවක්.

"මගේ හිත කරදරයි" තමයි මා මෑතකදී ගැයූ නවතම ගීය. පන්නිපිටියේ ධර්මපාල විද්‍යාලයේ උත්සවයකට තමයි මේ ගීතය ගැයුවේ. එහි ගුරු මහත්මයෙකු වන ඉන්ද්‍රප්‍රිය උදිත කුමාර රචනා කර දුන් පදමාලාව හොඳ තත්ත්වයේ තිබුණා. එනිසාම මමත් එයට උනන්දුවෙන් තනු නිර්මාණය කළා. එහි තිබුණේ බොහොම භාවාත්මක අදහසක්. එයට ගැලපෙන තනුවක් නිර්මාණය කළා. ඒ තනුවත් භාවාත්මක අයුරින් ගායනා කරන්න තරම් ගුරු මණ්ඩලයේ කෙනෙක් ඉදිරිපත් නොවුණු නිසා සහ එහි වැඩ කටයුතු අහවර කළ යුතු නිසයි මම එය ගායනා කළේ. නැතිනම් ගීත ගායනය එතරම් කැමති කටයුත්තක් නෙවෙයි. එය තමයි ගීතයේ කතාව.

එහි රූපරචනයත් ලලිත් ආතාවුද විසින් සිදුකර තිබුණා එහි නිෂ්පාදකවරයා වුණේ අචිර අබේකෝන් මහතායි. ඒ ගීතය පිළිබඳ ඉන්ද්‍රප්‍රිය තුළ තිබූ සුවිශේෂී බලාපොරොත්තුව නිසා ජනගත කළ හැකි සෑම කටයුත්තක්ම සිදු කර තිබුණා. එනිසයි විය හියදම් නොබලා රූපරචනයක් සිදුකොට ගීතයට ඇල්ම ප්‍රකාශ කරන්නයි ඔහු මහන්සි වුණේ. එනිසාවෙන්ම එය හොඳ නිර්මාණයක් ලෙසින් එළිදැක්වී තිබෙනවා. එය මටත් සතුටුදායක කාරණයක්.

 

සටහන ඉඳුනිල් සින්දු

 

related-ARTICAL

රෝහණ වීරසිංහගේ 'මේ හිත කරදරයි'

 



අදහස් (0)

'මගේ හිත කරදරයි' ගැන කියයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 109 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 741 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 367 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site