IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


මගේ කෙල්ල නැට්ටුක්කාරියක්

2016-05-13-ent-59

 

සජිත් කොහොමද? මොනවද අලුත් තොරතුරු?

මේ දවස්වල ප්‍රධාන තැන දීලා තියෙන්නෙ අධ්‍යාපන කටයුතුවලට. කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරනවා. දැන් 3 වන වසරේ ඉගෙන ගන්නේ.

නාට්‍ය හා රංග කලාව හදාරන නිසා මේ දවස්වල වේදිකා නාට්‍ය කිහිපයක වැඩ. ඒ ගැන කිව්වොත්, ප්‍රියංකර රත්නායකගේ ප්‍රේමවන්ත කුමාරයෝ වේදිකා නාට්‍යයේ රඟපානවා. ඒක ආයෙ මේ මස 28 නුවරදී වේදිකාගත වෙනවා.

ඊට පස්සෙ ආරියවංශ රණවීර සර්ගේ ස්වතන්ත්‍ර රචනාවක් වන ගිරිකූට කාශ්‍යප කියලා වේදිකා නාට්‍යයේ වැඩ කරනවා. ඒක නම් ජූනි 23 වගේ තමයි වේදිකාගත වෙන්නේ. ඒ වේදිකා නාට්‍ය පැත්තෙන්.

ඊට අමතරව මගේ පළවෙනි ගීතය නිර්මාණය කළා. ගීතය ලිව්වේ මගේ අප්පච්චි. සංගීතය සනුක වික්‍රමසිංහගෙන්. ඒ ගීතය මම බලාපොරොත්තු වෙන්නේ රූප රචනාවක් එක්කම එළිදක්වන්න. ගීතය නම් කරලා තියෙන්නේ "ස්වර්ණපාලි"කියලා. ඒකෙ තියෙන්නේ ස්වර්ණපාලි කුමරිය ගැන. ජූනි අග සහ ජූලි මුලදී එළිදක්වන්න බලාපොරොත්තුවක් තියෙනවා.

අනිත් දේ තමයි මගේ නර්තන හත්තන රිද්දි කියලා නර්තන නාට්‍යයක් කරනවා. හර්ෂිකා රත්නායක තමයි අධ්‍යක්ෂණය කළේ. 14 නුවරදී පෙන්වනවා. ඒ එක්කම බොහිමියානුවා කියන මම ඉන්න නාට්‍යය ස්වර්ණවාහිනියේ විකාශය වෙනවා සහ ඒකේ තව රෑපගත කිරීම් කටයුතු සිදුවෙනවා.

 

2016-05-13-ent-60අක්කා සහ අයියා අතර තියෙන බැඳීම ගැන කතා කළොත්?

අපේ ගෙදර පොඩි කාලේ වගේ නම් නිතර මුණගැහෙන්නේ නෑ, තියෙන කාර්යබහුලකම නිසා. මුලදි අම්මා අප්පච්චිට තිබුණ කාර්ය බහුලකම දැන් අපේ ජීවිතවලත් තියෙනවා. අපි අතර බැඳීම තියෙනවා. මුහුණට මුහුණ හමුවෙන කාලය තමයි අඩු.

 

ජනප්‍රිය පවුලක බාලයා ඔබ. ඔබට කොහොමද ඒ ආදරය දැනුණේ?

අම්මා අප්පච්චි මට කිව්වේ චූටි පුතා. අක්කා අයියාගේ මම චූටි මල්ලි. ඉතිං ඒ චූටි කියන එක තුළම ලොකු ආදරයක් මට දැනුණා. එතන මම බලාපොරොත්තු වුණ ආදරය තිබුණා. මට දැනුණොත් මට දැක් වූ ආදරය අඩුවුණා කියලා, මම ඒ ගැන ගොඩක් හිතලා දුක් වෙනවා. ඒ මගේ හැටි.

 

සජිත් පොඩි කාලෙම අම්ම, අප්පච්චි නිරත කලාවට ආව කෙනෙක්. ඒ අතීතය මතක් කළොත්?

ඒ කියන්නේ මට නොතේරෙන කාලේ සිදුවීම් පවා අම්මා අප්පච්චි මට කියලා තියෙනවා. මම පෙරපාසල් ගියේ මේ ළඟම තියෙන විශාඛා පෙර පාසලට. මම ගිය පළවෙනි දවසේම මට කිව්වලු ගීතයක් කියන්න කියලා. එතකොට මම කියලා තියෙන්නේ මට මෙහෙම කියන්න බෑ මට වේදිකාවක් ඕනේ කියලා. ඊට පස්සේ ඒ ගුරුතුමිය මේස 2ක් එකතු කරලා ආ මේ තියෙන්නේ කිව්වම මම අහලා තියෙනවා කෝ මයික් එක කියලා. ඒකටත් මට පැන්සල් පෙට්ටියක් දුන්නම තමා සින්දුව කියලා තියෙන්නේ. මම කොහොමත් අප්පච්චිගෙ නාට්‍ය බලලලා ඒවා කරන්න උත්සාහ කළා. එතකොට නෙයිනගෙ සූදුව ගෙදර තියෙන රබානක් අරගෙන කියන්න උත්සාහ කරලා තියෙනවා.

ඒ වගේ පොඩි කාලේ ඉඳලම මම ආසාවෙන් හිටියා. ඔය කාලෙදී තමයි ජර්මන් අධ්‍යක්ෂවරයෙක් ලංකාවට ඇවිත් චිත්‍රපටයක් කරන්න කට්ටිය තෝරා ගත්තේ. අප්පච්චි මාව ඒකට එක්කගෙන ගියා. මම ඒ චිත්‍රපටයේ රඟපෑවා පොඩි හාමුදුරුවෝ කියන චරිතය. ඒක ලංකාවේ තිරගත වුණේ නෑ. ඊට පස්සේ තමයි සූරිය අරණ චිත්‍රපටයේ රඟපෑවේ. මම ආසාවෙන් හිටියා. මගේ අයියා ගත්තොත් ඊට හාත්පසින්ම වෙනස්. එයා පසුකාලීනව තමයි කලාවට ආසවෙලා ආවේ. මම ඊට වඩා වෙනස්. මම පොඩි කාලේ ඉඳන්ම ආසා වුණා රඟපාන්න.

 

සජිත්ගෙන් ඇහුවොත් කලාවට ආවේ මවිපියන් කලාකරුවන් නිසාද කියලා?

මට මතකයි මම සූරිය අරණ චිත්‍රපටයේ රඟපාලා ඒ වෙනුවෙන් මට ලැබුණා ජනාධිපති සරසවි කුසලතා සම්මානයක්. එදා මට කෙනෙක් කිව්වා, ඔයා ඔය ජැක්සන්ගෙ පුතා නොවුණා නම් ඔයාලව හොයාගන්නත් බෑ. දක්ෂතාවට ආපු කෙනෙක් නොවෙයි, ජැක්සන් ඇන්තනිගෙ පුතා නිසයි කලාවට ආවේ කියලා. මට එතනදි දුක හිතුණා. මම හැබැයි පොඩියි එතකොට.

 

ඔය කතාව සජිත් අප්පච්චිට කිව්වද?

ඔව්. මම ඇහුවා අප්පච්චිගෙන්. මම දක්ෂයෙක් නෙවෙයිද මම මේ ක්ෂේත්‍රයට ආවේ අප්පච්චි නිසාමද මගේ කියල දෙයක් නැද්ද මම පොඩි වුණාට මම ඒ ගැන අප්පච්චිගෙන් ඇහුවා. අප්පච්චි එතකොට මට කිව්වා මම ඔයාට කියන්නම්. දැන් නොතේරුණත් පස්සෙ හරි තේරෙයි කියලා.

 

අප්පච්චි මට කිව්වේ, දක්ෂයා යනු කවරෙක්ද? කොහොමද දක්ෂයෙක් හැදෙන්නේ?

කාරණා 3ක් සම්පූර්ණ වෙන්න ඕනේ.

1. කුසලතාව

2. ව්‍යුත්පත්තිය - අත්දැකීම

3. සතත අභ්‍යාසය

මෙන්න මේ කාරණා තුන සම්පූර්ණ කරනවා නම් කාටවත් බෑ ඔයා දක්ෂයෙක් නෙවෙයි කියන්න. අප්පච්චි මට කිව්ව ඒ දේ ගැන අදටත් මම හිතනවා. මම ඒ දේ කරනවා. ඒක තමයි මම අසීමාන්විතව මේ හැමදෙයක්ම කරන්නේ. ඒ හරහායි මම සජිත අනුත්තර ගොඩනගන්නේ. ඒ නිසා දැන් කාටවත් එහෙම කියන්න බැරිවෙලා තියෙනවා.

 

පවුලේ සියලුදෙනාම ජනප්‍රියයි. පස් දෙනාටම වෙනස් වූ ජනප්‍රියතාවක් තියෙනවා. ඒ ගැන මොකද හිතන්නේ.

ගිය ආත්මෙ කරපු විශාල පුණ්‍ය කර්මයක් කරලා තියෙනවා. ඒ නිසාම අපි පස්දෙනාම එකතුවෙලා Jackson’s කියලා Show එකක් කරන්න බලාපොරොත්තු වෙනව. අපේ මේ ශක්තිය ඔක්කොම එකතු කරලා.

 

කාගෙද ඒ බලාපොරොත්තුව?

ඒක මගේ අප්පච්චිගේ බලාපොරොත්තුවක්. ඒකේ නැටුම් ගැයුම් රුඟුම් හැමදෙයක්ම තියෙන අලුත්ම අත්දැකීමක් වේවි.

 

කවදා වගේද?

ඒක අනිවාර්යයෙන්ම මේ අවුරුද්ද තුළ කරන්න බලාපොරොත්තු වෙනව.

 

පෞද්ගලික තොරතුරු ඇහුවොත් දැන් පෙම්වතියක් ඉන්නවද?

ඔව්. මට පෙම්වතියක් ඉන්නවා. මම ඒ ගැන හංගන්නේ නෑ. නමුත් වැඩි විස්තර පසුව කියන්නම්. දැනට කියනවා නම් මට ලොකු සහයෝගයක් ලබාදෙනව ඇය. ඇය ගැන කියනවා නම් ඇය නර්තන ශිල්පිනියක්.

 

අනාගත බලාපොරොත්තු?

මගේ බලාපොරොත්තුව..... දවසක් මට අප්පච්චි කිව්ව මෙහෙම කතාවක්. මට පුතා තව අවුරුදු 10ක් තියෙයි. ඒකෙත් අවුරුදු 5ක් වැඩ කරයි. ඊට පස්සෙ මම දුර්වල වෙයි. නටාගන්න බැරිවෙයි. මගෙ කටහඬ අවුල් වෙයි. ඒ වුණාට රටට කරන්න ගොඩක් දේ තියෙනව. කලා පවුලක් විදියට මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන දේවල් තියෙනවා. ඒ දේ අපි කරන්න ඕනෙ කියලා.

ඒ නිසා අප්පච්චි මට කිව්වා කවද හරි දවසක මේ රේස් එක දුවලා නවතින්නේ මේ බැට්න් එක ඔයාට දීලා කියලා. ඒ නිසා මම බලාපොරොත්තු වෙනවා අප්පච්චිගේ ඒ බලාපොරොත්තුව ඉටු කරන්න. එයා නවත්තපු තැනින් මම ඉදිරියට යනවා. කවදා හරි දවසක ජැක්සන් ඇන්තනි කියන නම අමරණීය කිරීම මගේ එකම බලාපොරොත්තුව.

 

අනූෂා රණසිංහ / සේයාරෑ | FB 

 

DESHAYA

 



අදහස් (0)

මගේ කෙල්ල නැට්ටුක්කාරියක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site