IMG-LOGO

මැකෝ ශ්‍රීලනීප ව්‍යවස්ථාව ගැන කතා කරයි

අජන්ත කුමාර අගලකඩ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අර්බුදයක් පවතින බැවින්, පැරණි ව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි මැතිවරණ කොමිෂන් සභාව එම පක්ෂයට දැනුම් දී ඇත.

මැතිවරණ කොමිෂන් සභාව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාට ලිපියක් යවමින් මෙම දැනුම්දීම කර ඇත.

පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අධිකරණයෙන් තීන්දුවක් ලැබෙන තෙක්,පැරණි වව්‍යවස්ථාව අනුව කටයුතු කරන්නැයි ද එමගින් දන්වා ඇත.

පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට ගත් තීන්දුවට එරෙහිව නිමල් සිරිපාල ද සිල්වා මහතා සිවිල් අභියාචනාධිකරණයෙන් ලබා ගත් තීන්දුව ඔහු විසින් මැතිවරණ කොමිෂන් කමිෂන් සභාවට යොමු කරන ලද අතර,එය සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව මෙම ලිපිය නිකුත් කර ඇතැයි දැනගන්නට ඇත.

ආණ්ඩුවට එක් වූ නිමල් සිරිපාල, මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් පිරිසට ඒ තත්වය අනුව ,ඔවුන් කලින් දැරු පක්ෂ තනතුරුද යළි හිමිවන්නට ඉඩ ඇතැයි දැනගන්නට තිබේ.

 



අදහස් (0)

මැකෝ ශ්‍රීලනීප ව්‍යවස්ථාව ගැන කතා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 521 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 698 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 285 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site