IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


මංකොල්ලයකට සම්බන්ධ කතක් ඇතුළු හතරක් මාට්ටු

(තිලකරත්න දිසානායක)

නිට්ටඹුව ප්‍රදේශයේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් ඔහු සතු මුදල් කොල්ලකෑ බව කියන පුද්ගලයන් සිව් දෙනකු සහ කාන්තාවක් අත් අඩංගුවට ගත් බව ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සදහන් කරයි.

මෙම සැකකරුවන් අවුරුදු 18 , 28 සහ 29 වයස්වල පසුවන පූගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් වන බවත් සැකකාර කාන්තාව 35 හැවිරිදි දූනගහ ප්‍රදේශයේ පදිංචිකාරියක් වන බවත් පොලීසිය පවසයි.

සැකකරුවන් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමෙන් අනතුරුව කොල්ලකරුවන් පැමිණ ඇති වෑන්රථය සහ කුලී රථකරුගෙන් පැහැරගත් බැංකු කාඩ් පතෙන් ලබාගෙන තිබූ රුපියල් දෙලක්ෂ දොලොස් දහසක මුදල් සොයා ගැනීමට හැකි වූ බව පවසන පොලීසිය ,ඔවුන් සන්තකයෙහි තිබූ සෙල්ලම් පිස්තෝලයක්ද සොයාගත් බවත් කියයි.

කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා යක්කල නගරයේ කුලී රථ ව්‍යාපාරයක් පවත්වාගෙන වන අතර කාන්තාවක් විසින් පසුගිය 14 වෙනිදින රාත්‍රියේ දුරකථන ඇමතුමක් ලබා දෙමින් පසුදින උදෑසන මාලඹේ ප්‍රදේශයට යාම පිනිස නිට්ටඹුවට පැමිණෙන ලෙස දැනුම් දෙමින් අදාල ගමන් මාර්ගයද දුරකථනයට යොදා ඇත.

එම ගමන් මාර්ගය ඔස්සේ ඉකුත් 15 වෙනිදින නිට්ටඹුවට ගිය පසුව කොල්ලකරුවන් රථයට ගොඩවී මීවිටිගම්මන ප්‍රදේශයේ පාලු ස්ථානයකින් මුදල් පසුම්බියද ගෙන ඇද දමා ගොස් ඇති අතර මේ සම්බන්ධයෙන් කොල්ලකෑමට ලක්වූ පුද්ගලයා නිට්ටඹුව පොලීසියට කළ පැමිණිල්ලට අදාලව විමර්ශන සිදු කරමින් සිටියදී කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් මත සැකකරුවන් අත් අඩංගුවට ගනු ලැබූ බව එම කාර්යාංශය පවසයි.

 



අදහස් (0)

මංකොල්ලයකට සම්බන්ධ කතක් ඇතුළු හතරක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

රම්බොඩදී බසයක් පෙරලී හතරක් මරුට:35ක් රෝහලට
2025 මැයි මස 11 1 0

කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වූ ලංගම බසයක් කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේහයේදී ප්‍රපාතයකට පෙරලීමෙන් සිව් දෙනකු මියගොස් තවත් 35 දෙනකු තුවාල ලබා ඇතැයි


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 141 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 136 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


සෝවියට් යානය ඉන්දීය සාගරයට
2025 මැයි මස 11 436 0

සෝවියට් දේශය (වර්තමානයේ රුසියාව) සිකුරු ග්‍රහලොව ගවේෂණයට යැවූ ගවේෂන යානයක්, යළි පෘථිවියට කඩා වැටීමට නියමිතය.


ඉන්දුනීසියාවේ සිට වෙසක් බලන්න ඇවිත්
2025 මැයි මස 11 327 0

ශ්‍රි ලංකාවේ පැවැත්වෙන වෙසක් උත්සවයට සහභාගී වීමට සහ මෙරට විවිධ ස්ථානවල ඇති වෙසක් සිරි නැරඹීම සදහා ඉන්දුනීසියාවේ ’’වන්දනම්’’ ( Wandanam ) ථේරවාදී බෞද්ධ වනිත


පළාත් රැසකට තද වැසි
2025 මැයි මස 11 63 0

බස්නාහිර, සබරගමුව, මධ්‍යම,ඌව, දකුණ සහ උතුරු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති ව


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 801 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1402 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 359 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site