(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 23 ක මුදලක් සහ රුපියල් 80.000 ක චෙක් පතක් බැංකුවේ තැන්පත් කිරීමට රැගෙන එමින් සිටියදී හෙයියන්තුඩුව ප්‍රදේශයේ දී යතුරුපැදියකින් පැමිණි කොල්ලකරුවන් දෙදෙනකු විසින් කොල්ලකෑ බවට පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් කළ පුද්ගලික සමාගමක විධායක නිලධාරියකු අත්අඩංගුවට ගත් බව මීගහවත්ත පොලීසිය කියයි.
සැකකරු මෙම ආයතනයේ මුදල් අයථා ලෙස භාවිතා කරමින් එය පියවීම සඳහා මෙම ව්‍යාජ පැමිණිල්ල කර ඇති බවද පොලිසිය සඳහන් කරයි.

COMMENTS
ඔව්වා මොනවද? අර තාප්පෙකුත් කඩලා... වාහනෙත් ගිනිතියලා. ඇටකටුත් අතුරුදන් කෙරෙව්වේ... බලය නැති කාලේ... දැන් තාප්පෙත් අර හදන්නේ.. නඩුව දිරාපත් කරවලා. මේවා නිකන් පොඩි ළමයින්ගේ වැඩ වගේනේ... එව්වා එක්ක බලනකොට...