IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


බහරේනයේ සිටි 290 ක් ලංකාවට ගෙන එති

(ටී.කේ.ජී.කපිල )          

මැදපෙරදිග බහරේන් රාජ්‍යයේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 290 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද (5)  අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ .

මෙම ගුවන් යානයෙන් පැමිණි වැඩි පිරිසක් එරට රැකියා සදහා ගොස් සිටි ශ්‍රී ලාංකිකයන් බවට තොරතුරු වාර්තා වේ .

බහරේන් රාජ්‍යයේ මනමා ගුවන් තොටුපළේ සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 202 දරන විශේෂ ගුවන් යානය අද (5) දින අලුයම 6.00 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඊට අමතරව 7/04 දින රාත්‍රී 11.45 ට ඩුබායි සිට පැමිණි එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

එමෙන්ම කටාර් රාජ්‍යයේ දෝහා සිට 7/05 අලුයම 1.45 ට , කටාර් ගුවන් සේවයේ කිව්.ආර්. - 668 දරන ගුවන් යානයෙන් ද තවත් ශ්‍රී ලාංකිකයන් 15 දෙනෙකු කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .

මෙසේ කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි සියලු ශ්‍රී ලාංකික මගීන් ගුවන් තොටුපළ තුළ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා ලක් කෙරිණි.



අදහස් (2)

බහරේනයේ සිටි 290 ක් ලංකාවට ගෙන එති

rama Sunday, 05 July 2020 06:04 AM

වැඩිම පිරිසක් ඉන්න සෞදි අරාබියට ගුවන් යානා එවන්නේ නැත්තේ ඇයි.

:       0       0

de silva Sunday, 05 July 2020 07:05 AM

විදෙස් ශ්‍රමිකයන් අනිවාර්යෙන් ලංකාවට ගෙනත් වසා තිබෙන සංචාරක හෝටල් හරහා නිරෝධානය කිරීමෙන් මේ අවස්ථාවේදී අනිවාර්යෙන්ම කලයුතු දෙයක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 76 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 729 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site