IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බස් බස් අනතුරුනි 25ක් රෝහලට

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ඇඟලූම් කර්මාන්ත ශාලාවක සේවක සේවිකාවන් ප්‍රවාහනය කරන බස් රථයක් සහ පාසල් බස් රථයක් හොරණ ඉළිඹ ප්‍රදේශයේ දී  එකිනෙක ගැටීමෙන් 25 කු පමණ තුවාල ලබා රෝහල් ගතකර ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

ඉලිඹ ප්‍රදේශයේ ජාත්‍යන්තර පාසලක සිසුන් ගැනීම සඳහා පැමිණ පාසල අසන්නයේ බස් රථය නවතා තිබියදී පානදුර සිට හොරණ ගුරුගොඩ ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක් වෙත දහවල් වැඩ මුරය සඳහා සේවක සේවිකාවන් රැගෙන යමින් සිටි බස් රථය ගැටීමෙන් මෙම අනතුර වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

ඇඟලුම් සේවක බස් රථය නවතා තිබූ පාසල් බස් රථයේ පිටුපස ගැටීමත් සමඟ ම පාසල් බස් රථය මීටර් සීයක් පමණ ඉදිරියට ඇදී ගොස් විදුලි කණුවක සහ දුරකථන කණුවක ගැටි අනතුරුව ගරාජයක් තුළට කඩා වැදී නැවතී ඇතැයි පොලිසිය කියයි.

තුවාල ලද ඇඟලුම් සේවක සේවිකාවන් 1990 සුවසැරිය ගිලන් රථයෙන් සහ වෙනත් වාහන වලින් හොරණ මූලික රෝහල වෙත ඇතුළත් කර ඇත.

එම අවස්ථාවේ පාසල් බස් රථය තුළ කිසිදු සිසුවකු සිට නැතැයිද සිසුන් සිටියේ නම් විශාල අනතුරක් වීමට බොහෝ දුරට ඉඩ තිබූ බව පොලිසිය කියයි.

ඇඟලුම් බස් රථයේ එම අවස්ථාවේදී සේවක සේවිකාවන් හතළිහක් පමණ සිට ඇතැයි පොලීසිය සඳහන් කරයි.



අදහස් (0)

බස් බස් අනතුරුනි 25ක් රෝහලට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 726 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site