IMG-LOGO

2025 මැයි මස 02 වන සිකුරාදා


බස් ගාස්තු අසීමිතව ඉහළ යාමේ අවදානමක්?

(යොහාන් භාසුර)

බස් ගාස්තු ලබන ජූලි මාසය වන විට අනිවාර්යෙන්ම අසීමිත ලෙස වැඩි වන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා අද (1) පැවසීය.

ඉන්ධන මිල පහළ දමන්නේ නම් එම සහනය ජනතාවට දෙන බවත් සහන දීමට නම් ඉන්ධන මිල පමණක් නොව අමතර කොටස් සහ භාණ්ඩ පිරිවැයත් පහල දැමීම සිදු කළ යුතු බවත් විජේරත්න මහතා කීය.

සාමාන්‍ය බස් රථයක් එක්කෝටි හැත්තැ ලක්ෂයක් දක්වා මිල වැඩි වීමක් සිදු වී ඇති බවත් එයට සාපේක්ෂව සෙසු පිරිවැයන් ද ඉහළ ගොස් ඇති අතර ජූලි මාසය වන විට එය ගණනය කිරීමට සිදුවන බැවින් බස් ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවත් ඒ මහතා සදහන් කළේය. 



අදහස් (23)

බස් ගාස්තු අසීමිතව ඉහළ යාමේ අවදානමක්?

nilantha Wednesday, 01 January 2025 04:35 PM

අළුත් බස් ගන්නත් අපි ගෙවන්න ඕනෑද?

:       2       77

පොඩිඑකා Wednesday, 01 January 2025 04:36 PM

බඩ පිරෙන්න හම්බවෙයි, බලන් ඉන්න...

:       3       79

Chandani Wednesday, 01 January 2025 05:25 PM

ජනාධිපතිතුමනි, මේ ප්‍රයිවට් බස් ඔක්කොම ජනසතු කරලා රජයට පවරාගන්න. කාර්යක්ෂම පරිපාලනයක් ඇතිකරන්න,එතකොට මේ වගේ නරුමයින්ගේ තර්ජන ගර්ජන බලන්න වෙන්නේ නැහැ.

:       2       3

himalThursday, 02 January 2025 03:52 PM

ඇත්තට, ලංගමය හා දුම්රිය වසරකට කොච්චර පාඩු ලබනවාද? ඒ පාඩුව බස් එකක යන්නෙ නැති, කෝච්චියක යන්නෙ නැති මිනිස්සු කී දෙනෙක් දරන්න ඕනිද?

:       0       0

Chani Wednesday, 01 January 2025 05:35 PM

මෙයාගේ සෙල්ලම් ගැන පොඩ්ඩක් අවදානෙන් ඉන්න

:       0       2

Manoj Ranawaka Wednesday, 01 January 2025 06:01 PM

මේක මාලිමා ආණ්ඩුව, මේකේ ජනාධිපති " අනුර " දැන්වත් හීනෙන් නැගිට්ටනම් හොඳයි ගැමුණු.

:       2       2

ජයනාත් Wednesday, 01 January 2025 06:19 PM

දැන් ඉඳලම ප්ලැන් කරනවා... රනිල් ද කිව්වේ ... ඒවට නම් සූදානම් වෙන්න එපා.. හොඳද?.

:       0       1

ජගත් ලියනගේ Wednesday, 01 January 2025 07:09 PM

මාස හයකින් වෙන්න යන දේ ගැන දැන්ම කියන්න මෙයාට එච්චර බුද්ධියක් තියෙන එක්කෙනෙක්ද? මෙයා කාටද කඩේ යන්නෙ කියලත් අපි හොදාකාරවම දන්නවා. එයා මතක තියා ගන්නත් ඕන ලංගම සහ දුම්රිය කියන දෙකකුත් තියන විත්තියත්.

:       0       20

nimal Wednesday, 01 January 2025 07:32 PM

වී බිය, පොල් බිය, බස් බිය මේ තුන් බිය දුරලීමට ආණ්ඩුවට ශක්තිය ලැබේවා

:       0       17

Lasa Wednesday, 01 January 2025 08:14 PM

කලින් කරපු සෙල්ලං මේ පාර අමාරුයි , තනි තනි බස් සියල්ල අයින් කරලා කොන්දෝ නැති ලොරි චැසි නෙමෙයි නියම බස් දාන්න පුලුවන් මහා පරිමාණ කොම්පැණිවලට දුන්න නං මගියාත් ගොඩ රටත් ගොඩ

:       0       15

Daaun Wednesday, 01 January 2025 08:14 PM

එව්වා සුම්මා. බස් ටික ජනසතු වනු ඇත

:       0       16

Nalin Thursday, 02 January 2025 05:55 PM

මොකක්ද ජනසතු කියන්නේ? දැන් ලංකාවේ තියෙන ලංගමටද? ඇත්තටම Daaun ඔය ලංගොම කියන හුචක්කුවේ සීට් එකක එකදිගට කිලෝමීටර් දහයක් ඉඳගෙන යන්න පුළුවන්ද? බැහැනේ ඒවායේ තියෙන්නේ ලෑල්ලක ඉඳගෙන යනවා වගේ එකක් තමයි. පුද්ගලික ඒවායේ දෙදෙනෙකුට වෙන්වූ ආසනවල දෙදෙනෙකුට ඉඳගෙන යන්න බැහැ. ඊළඟට හිටගෙන ගියොත් අත්දෙකේ ගෑවුනු ජරාව හෝදාගෙන මිසක් තැනකට යන්න බැහැනේ.. පුද්ගලික ඒවායේ වුණත් මාකුඹුරේ සිට කොළඹට ධාවනය කරන හෝමාගමින් පිටත්වන බස්වල ටිකට් දීමක් නැහැ. පෙට්ටිවල හාල්මැස්සෝ පටවනවා වගේ මගීන් පටවනවා. බස්නාහිර මාර්ගස්ත ප්‍රවාහන අධිකාරියේ එවුන්ලා වැරැදි හයක් සහිත දැන්වීමක් අලවා සිටාණෝලා වගේ ඉන්නවද කියලා හිතෙනවා. සියලුම පළාත් ප්‍රවාහන අධිකාරියේ නිලධාරින් ඉවත්කර හරියාකාරව බස්වලට නැග කටයුතු කරන පිරිසක් පත්කළොත් හොඳයි. නැත්නම් උන්දැලා බලන්නේ මාසික ධාවන සටහන් තිබේද කියලා විතරයි. ටිකට් දුන්නාද බලන්නෙත් නැහැ...!

:       0       0

මරදානෙ චොප්පෙ Wednesday, 01 January 2025 09:23 PM

ගුටි කෑමට නියමිතයි..

:       2       34

Nandasena Thursday, 02 January 2025 05:51 AM

එතකොට මහාමාර්ගයේ බස් නැවතුම්පොළවල සිටගෙන කිසිම රැකියාවක් නොකර බස්වලින් කප්පම් ගන්න එවුන්ට කරන ගෙවීමි නතරවුනා නම් ඔය ආකාරයට බස්ගාස්තු වැඩිකරන්න අවශ්‍යම නැහැනේද

:       0       17

Mahinda Thursday, 02 January 2025 05:58 AM

හිතූ හිතූ මනාපයට මගී ජනතාව පීඩනයටත් අසීරැ තාවයටත් පත් කර න මෙම ගැමුණු මාෆියාව අනිවාර්යෙන්ම පාලනය කල යුතුයි සියලු මගී ප්‍රවාහන බස් රථ ලංගමය යටතේ හෝ පිහිටුවන අධාකාරියකි යට තට පත්කර නඩත්තුව,කාලසටහනකට ධාවනය,විනීත සේවාවක්, මගි යාව ආවරණය වන රක්ෂණයක්, වලන්ගු ටකට් පතක් වැනි මගී යහප ත හා ගුනාත්මක බස් සේවාවක් ඇති කරන්න. මේ මෘග අසික්කිත ජාවාරම නියානයක් පිහිටුවන්න.

:       0       9

සුපුන් චාමර Thursday, 02 January 2025 06:39 AM

මෙයා කියන විදිහට සියලුම දේවල් නිකම් දෙන්න ඕන. එතකොට තමා බස් ගාස්තු අඩු කරන්න පුලුවන්. අනික් එක ඔච්චරම පාඩු විදගෙන මොකටද අප්ප බිස්නස් කරන්නේ . පාඩුවේ ගෙදරට වෙලා ඉන්නවකෝ. අනිත් එක රටේ වැඩිපුරම මාර්ග නීති කඩන කට්ටිය තමා.

:       0       16

වන්නකු Thursday, 02 January 2025 06:46 AM

මගී ප්‍රවාහනය සේවයක් ලෙස සැලකිය යුතුයි. එය ලාභ ලබන ව්‍යාපාරයක් වුනහම එය රටේ සංවර්ධනයට බාධාවක්. ගමනාගම මණ්ඩලය පණ ගැන්විය යුතුයි.

:       1       15

Chinthaka Thursday, 02 January 2025 12:03 PM

මෙන්න අලුත් ආණ්ඩුවටත් තග දාන්න පටන් අරන් , ලංගම දියුණු කරලා ගත්තනම් මෙයාලට වෙන්නේ මරදානේ පාලම යට ටින් හොල්ලන්ට

:       1       4

ඒ කුමාර Thursday, 02 January 2025 02:13 PM

වරෙං පුතා, මමත් අසීමිතව දෙන්න එකෙක් හොය හොය හිටියෙ.

:       0       1

Suranimala Thursday, 02 January 2025 02:39 PM

ලංගම බස් 100% කරන්න

:       0       4

Suranimala Thursday, 02 January 2025 02:40 PM

ලංගම බස් 100 නේ

:       0       1

PRASANNA Thursday, 02 January 2025 03:26 PM

88/89 කරපු දේ නම් කරන්න එපා බස්වලට...

:       1       2

Hasith Friday, 03 January 2025 10:19 AM

ඔයා ගන්න බස් වලට අලුතෙන් සවි කරනවා, විගඩම් කෑලි වලින් තව බස් එකක් ගන්න පුළුවන්. සුදු යකඩ බට, බස් එක පුරාවටම ස්ටිකර්, තෝරන් , ඩිස්කෝ ලයිට්. කන පුපුරන සවුන්ඩ් සිස්ටම්. නා නාප්‍රකාර සර්ව පිත්තල වැඩ නතර කරන්න නීති දාගෙන දුවන්න. එතකොට අසීමිත වියදමුත් නෑ. මනුස්සයෙකුට යන්න පුළුවන් පාඩුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පිහි ඇනුමකින් අයෙක් මරුට
2025 මැයි මස 02 119 0

මිටියාගොඩ උඩුමුල්ල ප්‍රදේශයේදි පිහියෙන් ඇන අද සවස පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි ගාලු දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලය පවසයි.


ආරක්ෂාව ඉල්ලා දේශබන්දුගෙන් පොලිස්පතිට ලිපියක්
2025 මැයි මස 02 351 0

අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා විසින් ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු


සබරගමු සිසුවාගේ මරණයට සිසුන් 15කගෙන් ප්‍රකාශ ගනී
2025 මැයි මස 02 642 0

සබරගමු සරසවියේ තාක්ෂණ පිඨයේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිවි නසා ගැනිමට නවක වද සිද්ධියක් සම්බන්ධ බවට සරසවි සිසුවකු සමනළ වැව පොලිසියට කළ පැමිණිල්ලකට අන


ප්‍රසන්න ඉෂාරා හොයන්න වෙස් ගැන්වූ කණ්ඩායම්
2025 මැයි මස 02 2072 5

හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අත්අඩංගුවට ගැනීමට රට පුරා විවිධ සැකකටයුතු ස්ථාන දහයක් පරික්ෂා කර ඇතත් මෙතෙක් ඔහු ගැන කිසිදු තොරතුරක් නැතැය


’ටිකිරා’ ඝාතනයට අයෙක් මාට්ටු
2025 මැයි මස 02 514 0

ගල්කිස්ස හුළුදාගොඩ මාර්ගයේ පාළු ඉඩමක් තුළ දී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන මහින්දාරාම පාරේ ටිකිරා නැමැත්තා කපා කොටා ඝාතනය කිරිම සම්බන්ධයෙන් සැකකරුව


පාස්පෝට් නිකුත් කිරීම දින තුනක් සීමාකරයි
2025 මැයි මස 02 385 0

පළාත් පාලන මැතිවරණ රාජකාරී කටයුතු හේතුවෙන් මේ මස 5 වැනිදා සිට 7 වැනිදා දක්වා දින තුන විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවාවන් සැපයීම


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 485 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 127 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1147 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site