
(ඉන්දිකා රාමනායක, ලුණගල ප්‍රසන්න පද්මසිරි,නිශාන්ත කුමාර,)
මොනරාගල - බදුල්ල මාර්ගයේ 13 කණුව ප්‍රදේශයේ දී අද අලුයම පෞද්ගලික බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් 13 ක් මියගොස් තවත් 32ක් තුවාල ලබ ඇතැයි පස්සර පොලිසිය කියයි.
ලුණුගල සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බස් රථයක් පස්සර 13 කණුව ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරලීමන් එහි ගමන්ගත් විශාල පිරිසක් තුවාල ලබා ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් කණගාටුයි. සාමයේ සැතපේවා...!!!
බැංකු, සීනි මංකොල්ල කන්න දුන්න සල්ලිවලින් ලංකාවෙම මාර්ග ආරක්ෂක වැටවල් දාන්න තිබුණා.. ඒත් අපේ දේශපාලකයින් කවදාවත් ජනතාව ගැන හිතුවේ නැහැ. ඒත් ජනතාව නම් කන්න නැති වුණත් හොරුන්ටම කඹුරනවා.
පව් අසරණ මගීන්... අනතුරෙන් මියගිය සැමට නිවන් සුව අත්වේවා...!!! තුවාල ලැබූ සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
කව්ද කිව්වේ..? බස් වල යන්න පුළුවන් හරි අඩක් කියලා.. නැත්නම් නීතිය ක්‍රියාත්මක කරනවා. කාටවත් "සර්" එක්ක සෙල්ලම් බෑ. ඉතාමත් කණගාටුයි. සැමට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරන්නෙමු.
පව්, අහිංසක මිනිස්සුන්ටනේ මෙහෙම වෙන්නේ? රට කන දූෂිතයින්ට කිසිම අවුලක් නැති හැටි...
Cctv වලින් දැක්ක විදිහට රියදුරු ඕනෑම තැනකින් කිසිම අවුලක් නැතිව දාන්න පුලුවන් කියන අධි මානසිකත්වය නිසා වූ දෙයක් කියලා පේනවා. එතන පාර පටු තැනක් වගෙම ඉදිරිපසින් ආපු ලොරිය යනකල්වත් ඉන්න බැරි හාදයෙක් තමයි රියදුරු විදිහට හිටියේ කියලා පේනවා. මියගිය අයට නිවන් සුව අත්වේවා...!!! තුවාල වූ අය ඉක්මණටම සුවපත් වේවා...!!!
මොකක්ද මේ රටේ මිනිසුන්ට වෙලා තියෙන්නේ? හැමදේටම තදියම... ඔය පටු පාරේ බස් එක මඳක් හෙමින් ධාවනය වුණා නම් අද මේ ජීවිත බේරිලා නේද? හැම මාර්ග අනතුරකටම පොලිසිය වගකිව යුතු නැහැ. මෙවැනි අනතුරුවල වගකීම රියදුරන් දැරිය යුතුයි.
මතු කිසිම භවයක මේ රටේ නොඉපදේවා...!!!
ඉවසීමක් නැති රියදුරන් නිසා සිදුවූ මහා විපතක්.
ලොරි කාරයත් එක පාරට නවත්තන එකෙන් කැත වැඩක් තමයි කරන්නේ.
මෙතැන අනතුරට ප්‍රධානම හේතුව ඒ තැන මාර්ගයේ තිබූ අනාරක්ෂිත බව, ප්‍රදේශවාසීන් මාස 6ක් තිස්සේ ඉල්ලීම් කරලා තිබ්බත් අනතුරක් වෙන්න කලින් ඒ ගැන ගණනකටවත් නොගත්ත මාර්ග සංවර්ධන අධිකාරියේ වගකිවයුතු නිලධාරින් සියල්ලන්ටම දඬුවම් දිය යුතුයි..
මාර්ග නඩත්තු කරන ආයතනය මේ වගේ පටුතැනක බැරියර් දාන්න තිබුණු බස් රියදුරුට ඒ වෙලාවේ කරන්න කිසිම දෙයක් නැහැ. මොනවා කළත් පෙරළෙනවා. පාර කැඩිලා තිබුණේ. ඒක පැහැදිලිව පේනවා. මේවගේ පාරවල් වලට වැටක් දැම්මත් වැඩක් නැහැ. අධික වේගයෙන් එන නිසා ලංකාවේ මගමරුවන් බිලිගන්න ජීවිත ගණන ත්‍රස්තවාදීන් මරාදැමූ ප්‍රමාණයට වඩා වැඩිවෙයි ...
රියදුරන්ගේ මෙන්ම මාර්ග ප්‍රතිසංස්කරණ හා නඩත්තු ආයතනත් මේ සිදුවීමට වගකිව යුතුයි.. මේ ස්ථානයේ මාරගය අවහිර කරමින් කඩා වැටී ඇති විශාල ගල් කොටස මාස 6ක් යනතුරුත් ඉවත් නොකිරීම සහ උචිත රථවාහන හැසිරවීමේ ක්‍රමවේදයක් නොමැති වීමත් යන කරුණුද මේ අවාසනාවන්ත සිදුවීමට බලපා ඇත...
රියදුරන්ලා දෙන්නම වැරැදියි.