IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


බසය පෙරැළි12 ක් රෝහලේ

(අජිත්ලාල් ශාන්තඋදය)

ශ්‍රී පලාබද්දල සිට රත්නපුර බලා ගමන් කරමින් තිබු සිරිපා වන්දනා විශේෂ සේවා සඳහා යොදා තිබු රත්නපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයක් එම මාර්ගයේ ඉඳුරුව ප්‍රදේශයේ දී  අද(10)  පාරෙන් ඉවතට පැන අඩි 30 ක් පමණ  හෙළකින් පහළට පෙරළී තුවාල ලැබූ දොළොස් දෙනෙක් ගිලීමලේ රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි.

දහවල් 01.00ට පමණ මෙම අනතුර සිදුව ඇතැයි පොලීසිය කියයි.

අනතුර සිදුවන අවස්ථාවේ බස් රථයේ හතළිස් පස් දෙනෙක් පමණ සිටි බව පොලිසිය සඳහන් කළේය.

තුවාල ලැබුවන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද පොලිසිය සඳහන් කළේය.  මෙම බස් රථය කුරුවිට එරත්න සිරිපා මාර්ගයේ ධාවනය වන බස් රථයක් බව ද පොලීසිය පැවසුවේය. සිරිපා වන්දනාකරුවන්ගේ පහසුව තකා විශේෂ බස් සේවා මේ දිනවල ක්‍රියාත්මකය.

මෙම බස් රථය පලාබද්දල මාර්ගයේ ගමන්වාර සඳහා අද යොදා තිබුනු එකකි. අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නැත.

ඉඳුරුව ප්‍රදේශයේ වංගුවකදී බස් රථය අඩි තිහක් පමණ වු පල්ලමකට පෙරලී ගොස් තිබුණි. බස් රථයේ ගමන්කළ පිරිස අතර සිරිපා වන්දනාවෙ ගොස් පැමිණි කිහිප දෙනෙකුද වන බවට සැකකරන්නේ යැයි පොලිසිය පැවසුවේය.

 



අදහස් (0)

බසය පෙරැළි12 ක් රෝහලේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 577 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 725 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site