IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතියේ

(ඩයනා උදයංගනී)

බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතිය ඇතුළත සකස් කරන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය, ජී.එල් පීරිස් මහතා  පැවසීය.

එම පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රිකක්වල හුදෙකලා කර ඇති ප්‍රදේශ හැර සෙසු ප්‍රදේශවල පාසල් විවෘත කිරීමේ හැකියාවක් මේ වන විට පවතින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් ආරම්භ කළ හැකි දිනයන්, ආරම්භ කරන ආකාරය, අනුගමනය කළ යුතු කරුණු ආදිය ඇතුළත්ව මෙම සැලසුම සකස් කිරීම සම්බන්ධයෙන් වන සාකච්ඡාවක් අනිද්දා (20) පැවැත්වෙන බව ද අමාත්‍ය ජී.එල් පීරිස් මහතා කීවේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හිදී අද (18) පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

ජනාධිපතිවරයා, සෞඛ්‍ය අංශ බලධාරීන්, අමාත්‍යාංශ ලේකම්, කොවිඩ් මර්දන කාර්ය සාධක බළකා සාමාජිකයින්, බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයා ඇතුළු පිරිසක් අනිද්දා පැවැත්වෙන සාකච්ඡාවට සහභාගී වන බව ද ඇමැතිවරයා පැවසීය.

පෙබරවාරි මාසයේ දෙවන සතියේ සිට මෙරට ජනතාවට කොවිඩ් එන්නත් ලබාදීම ද ඇරඹෙන බැවින් සියලු බලධාරීන්ගේ නිර්දේශ අනුව බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කළ හැකි බව ද මහාචාර්ය ජී.එල් පීරිස් මහතා සඳහන් කළේය.

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින බස්නාහිර පළාත් සිසුන් වෙනුවෙන් පමණක් ලබන 25 වැනිදා පාසල් ඇරඹෙන බව ද ඇමැතිවරයා කීවේය.



අදහස් (0)

බස්නාහිර පාසල් විවෘත කිරීමේ සැලැස්ම ඉදිරි දෙසතියේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 23 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 704 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 334 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site