ගුණාත්මක තත්ත්වයේ බෙහෙත් තිබුණා නම් මවකගේ ජීවිතය බේරාගත හැකිව තිබිණැයි ප‍්‍රසව හා නාරිවේද වෛද්‍ය අනුර එස්.එස්. රුවන් පතිරණ කොළඹ නාගරික මරණ පරීක්ෂක එඞ්වඞ් අහංගම මහතා ඉදිරියේ සාක්කි දෙමින් පැවැසීය. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී සිසේරියන් සැත්කමකින් දරුවකු බිහිකළ නිට්ටඹුව හොරගොල්ලේ ආර්. මධුශානි නිසංසලා (27) මහත්මියගේ මරණය සම්බන්ධයෙන් මේ පරීක්ෂණය පැවැත්විණි. උදරයේ ශ්‍රෝණියේ ආසාදනය හා පැසැවීමෙන් බහුවිධ අවයව අක‍්‍රිය වී මරණය සිදුවී යැයි කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දොස්තර සී.ජේ. රාජගුරු කීවේය. ”බාල බෙහෙත් නිසා රෝගියාට ප‍්‍රතිකාර කරන්න බැරිවුණා. හොඳ ප‍්‍රතිජීවක බෙහෙත් තිබුණා නම් රෝගියාගේ ජීවිතය බේරා ගන්න තිබුණා” යැයි දොස්තර රුවන් පතිරණ කීවේය.
2025 නොවැම්බර් මස 04
724
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2389
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1752
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බාල බෙහෙතින් ලෙඩා එලොවට
ගාමිනී ලේකම්ගේ Thursday, 01 March 2012 07:48 PM
සුව ඇමති තුමනි මේ කියන කතාව ඇත්තක්ද........එහෙනම් අසරන ලෙඩ්ඩුන්ට වෙන්නෙ මොකක්ද........අපි කල යුත්තෙ කුමක්ද........?
Yoonus Thursday, 01 March 2012 10:28 PM
කට ඇරල කියන හැටි බාල බෙහෙත් කියල..බාල බෙහෙත් ගෙන්නන්න අවසර දුන්නේ කව්ද? ඇයි බාල බෙහෙත් රොහල් වල තියාගන්නේ?ඇයි ඒවා පාවිච්චි කරන්නේ?දැන් මේ ජීවිතයට කව්ද වන්දි ගෙවන්නේ? දොස්තරලත් දැන් ඉන්නේ නිකං....වචනයක් තියෙනව කියන්න.නැහැ එපා. කිව්වයි කියල හිතාගන්න...
සංජී Friday, 02 March 2012 02:45 AM
මොනවද දොස්තර මහත්තයො මේ කියන්නේ? ලෙඩා මැරුනම බාල බෙහෙත් කියලා හරි යනවද?
වීරසිංහ Friday, 02 March 2012 05:44 AM
බාල බෙහෙත් ගෙන්නන්නේ දොස්තර මහත්තුරු නෙවෙයි.
උපුල් Friday, 02 March 2012 07:49 AM
බාල බෙහෙත් කියල කියන්නෙ මලාට පස්සෙද? ඇයි ඉස්සෙල්ල කියන්න බැරි? ඒ අයට කිව්වනම් පිටින් හරි ගෙනත් නොදී ඉන්නෙ නැහැනේ.
ෆනෑන්ඩු Friday, 02 March 2012 09:20 AM
සෞඛ්‍ය ඇමැතිතුමනි මෙහෙමද වැඩ කරන්නේ?
නිසල් Friday, 02 March 2012 12:46 PM
මේ නැති වුණේ මගේ අක්කා. එයා නැතිවෙලා දැන් මාස 7කටත් ළගයි. දැනුයි මේ මිනිස්සු කියන්නේ මගෙ අක්කාට බාල බෙහෙත් දීලා කියලා. දැන් කිව්වා කියලා මට නැතිවෙච්ච අක්කා ආයෙ ලැබෙනවද? අක්ක නැති පාඩුව පුරවන්න පුළුවන්ද?
මධුර Friday, 02 March 2012 01:15 PM
මීඨ කලිනුත් මෙහෙ මෙහෙම දේවල් වුණා. මෙනින් ජයිටීස් වලින් මැරුණෙත් මෙහෙදි..
රවිමාල් Friday, 02 March 2012 02:29 PM
බාල බෙහෙත්වලින් කොහොමද මිනිහෙක් මැරෙන්නේ. ඇත්තම හේතුව නම් දොස්තරලගේ නොසැලකිල්ල. ඒගොල්ලන්ගේ වැරැද්ද වහගන්න තමය මේවා කියන්නේ.