ගනේවත්ත ආඳගල අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේ දී යතුරු පැදියක් දුම්රියක ගැටීමෙන් මව සහ දියණියන් දෙදෙනා මියගොස් ඇතැයි පොලිසිය කියයි. මියගොස් ඇත්තේ වේරගල ප්‍රදේශයේ පදිංචි තිදෙනෙකි. මියගිය වැඩිමහල් දියණිය අවුරුදු පහක් වන අතර බාල දියණිය දෙවැනි වියෙහි පසු වෙති.
ඉල්ලීම් කිපයක් සම්බන්ධයෙන් අනාරක්ෂිත දුම්රිය ගේට්ටු මුරකරුවෝ අද වැඩවර්ජනයක නියැලී සිටිති.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බම්බු වර්ජනයෙන් තිදෙනෙක් බිලි
ලුම්බිණි Wednesday, 03 August 2016 10:34 AM
මෙම අනතුරට වග කිව යුත්තේ දුම්රිය ගේට්ටු මුරකරු. මේ සිදු කල අපරාධයට දඬුවම් දිය යුතුයි. (ම)
නලින් Wednesday, 03 August 2016 11:02 AM
ගේට්ටු මුරකරුවෝ වර්ජනය මේකට අදාල නෑ. මම ඕන තරම් දැකල තියනවා ගේට්ටු වහල තියන වෙලාවටත් මෝටර් සයිකල් රේල් පාර හරහා දානවා. වහලා නැති වෙලාවට කොහොමත් දෙපාරක් බලන්න ඕනේ අපි. ගොඩක් වෙලාවට පාරේ යන්නේ කල්පනාවෙන් නෙවෙයි එකයි ගොඩක් වෙලාවට හේතුව. අපරාදේ වටිනා ජීවිත තුනක්. නිවන් සැප පතනවා.! (ර)
චන්න බුවනක Wednesday, 03 August 2016 02:35 PM
තම තමන්ගේ ආරක්ෂාව තම තමන්ම සලසා ගන්න ඕනි කියල හිටපු නායකයෙක් කිව්වා. (අ)
චන්ද්‍රසිරි Wednesday, 03 August 2016 07:51 AM
නිසි පුහුණුවක් නැතිව ගොඩක් කාන්තාවෝ මෝටර් සයිකල් පදවනවා ඔවුනට නිසි පුහුණුවක් ලබා දෙන්න (ම)
තාබෘෘ සිල්වා Wednesday, 03 August 2016 08:36 AM
චන්ද්‍රසිරි ඔබගේ අදසට මම එකගයි (බ)
හෆීල් Wednesday, 03 August 2016 09:03 AM
වෛද්‍යවරු හෝ වේවා අනිකුත් අංශයේ හෝ වේවා, කරන වැඩවර්ජනවලින් පීඩා විදින්නේ අහිංසක මිනිස්සු. වැඩවර්ජන, උද්ඝෝෂණවලට යම් සීමා හා නීති රීති පෙන්විය යුතුයි. (බ)
ප්‍රියාන් Wednesday, 03 August 2016 09:09 AM
නිසි පුහුණුව කෙසේ වතත් ගේට්ටුව වසා තිබුන නම් මේ අපරාදේ වෙන්නේ නැනේ..අර කලින් හොරා කාපු සල්ලි දැන් ඉතුරුනේ..ඒවායින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම දීල තව ජිවිත් වැනසෙන එක නතර කරන්න බලධාරීන්ගේ ඇස ඇරේවා. මිය ගිය අයට නිවන් සුව පතමි..(බ)
ප්‍රියාන් Wednesday, 03 August 2016 09:09 AM
නිසි පුහුණුව කෙසේ වෙතත් ගේට්ටුව වසා තිබුන නම් මේ අපරාදේ වෙන්නේ නැනේ..අර කලින් හොරා කාපු සල්ලි දැන් ඉතුරුනේ..ඒවායින් මේ මිනිස්සුන්ගේ ඉල්ලීම දීල තව ජිවිත් වැනසෙන එක නතර කරන්න බලධාරීන්ගේ ඇස ඇරේවා. මිය ගිය අයට නිවන් සුව පතමි..(බ)