IMG-LOGO

බන්ධනාගාර රැඳවියන් 15 ක් අ.පො.ස සා.පෙළට

(යොහාන් භාසුර)

ලබන සඳුදා (23) ආරම්භ වන අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට බන්ධනාගාර රැඳවියන් 15 ක් ඉදිරිපත් වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියෙක්, නව මැගසින් බන්ධනාගාරයේ රඳවා සිටින එල්.ටී.ටී.ඊ විශේෂ රැදවියන් 4 ක්, වටරැක බන්ධනාගාර සුනීත පාසලේ තරුණ වරදකරුවන් 8 ක් සහ ඉන් නිදහස් වී ගිය තරුණ වරදකරුවන් 2 ක් ඇතුළු 15 ක් පෙනී සිටීමට නියමිත බවත් එම දෙපාර්තමේන්තුව කියයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සහ විභාග දෙපාර්තමේන්තුව එකතුව මැගසින් බන්ධනාගාරයේ සහ වටරැක බන්ධනාගාරයේ සුනීත පාසලේ පිහිටුවා ඇති විභාග මධ්‍යස්ථානයන්හි එම රැඳවියන්ට අවශ්‍ය පහසුකම් සලසා ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් (පාලන හා පුනරුත්ථාපන) චන්දන ඒකනායක මහතා කීය.



අදහස් (0)

බන්ධනාගාර රැඳවියන් 15 ක් අ.පො.ස සා.පෙළට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 288 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 461 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 188 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site