IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘බින්දුට‘ හිමිකම් කියන හිමියන්ගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

රත්නපුර වේරගම වේරගමකන්දේ කෑලෑබද ඉඩමක බලපත‍්‍ර නොමැතිව රඳවාසිටි කණ්ඩුල  අලි පැටවාට අයිතිවාසිකම් කියන තිස්සමහාරාම විහාරස්ථානයේ දේවාලේගම ධම්මදින්න හිමියන්ගෙන් ප‍්‍රකාශයක් ලබාගන්නා ලෙස රත්නපුර අතිරේක මහේස්ත‍්‍රාත් රාජා සිරිමෙවන් මහේන්ද්‍රරාජා මහතා රහස් පොලිසියට නියෝග කළේය.

මෙම අලිපැටවා ‘බින්දු‘ ළමා චිත‍්‍රපටයේ දර්ශන සඳහා යොදාගත් බැවින් බින්දු යන අන්වර්ථ නාමයෙන් හඳුන්වයි. 

මෙම නඩුවේ ඇපමත මුදාහළ  යහලේවෙල ගොඩකවෙල පදිංචි පී.ආර්. සිසිර කුමාර යන අය සහ වේරගම පදිචි උපුල් නිශාන්ත සැකකරුවන් වෙනුවෙන් කරුණු දැක්වූ නීතීඥ පණ්ඩුල වන්නිආරච්චි මහතා පැවසුවේ බලපත් ලබාගගැනීමට වනජීවී දෙපාර්තමේන්තුවට අයදුම්පත් යොමුකර ඇති බවයි. මෙම සැකකරුවන් අලිපැටවා රැකබලාගත් බවද එහිදී නීතීඥවරයා ප‍්‍රකාශ කළේය.

web_610KANDULA web610P1000292



අදහස් (0)

‘බින්දුට‘ හිමිකම් කියන හිමියන්ගෙන් ප්‍රකාශයක් ගන්න නියෝග

හේවාවිතාරණ Friday, 10 June 2016 06:41 PM

වන සිව්පාවෝ වන අලි, මිනිස්සු නම් දෙපාවෝ නිසා විඳින දුකක්! (නි)

:       0       0

ටෙනිසන් Saturday, 11 June 2016 01:00 AM

පවු! මේ ප්‍රශ්න වලින් දුක් විඳින්නේ කිසිත් නොදන්නා අහිංසක සත්තු (නි)

:       0       0

උපාලි Saturday, 11 June 2016 02:57 AM

අලි පැටියා දැක්කහම මට නම් හරි දුක හිතුනා (නි)

:       0       0

ජයසිරි Saturday, 11 June 2016 03:51 AM

මේ ගොල්ලෝ වනාන්තර වල ඉන්නකොට දවසකට සැතපුම් 12 විතර ගමන් කරනවා, නීරෝගීව ඉන්නවා. දම්වැලකින් බැඳලා ගහක් මුලට කොටුකරලා ඉන්නවා දැක්කම දුකයි. අපි ආදරේ එක ඇත්ත. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site