(යොහාන් භාසුර)
බදුල්ල මහ නගර සභාවේ ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තනතුර අවභාවිත කරමින් වෙළදසැල් සහ ආපනශාලා හිමියන්ට රක්ෂණ ඔප්පු ලබාගැනීමට බලපෑම් කරන බවට නිර්ණාමික ලිඛිත පැමිණිල්ලක් ලැබුණු බව බදුල්ල නාගරික කොමසාරිස් ජගත් ප්‍රියශාන් මහතා පැවසීය.
එම පැමිණිල්ල මත පරීක්‍ෂණයක් ආරම්භ කරන බව කී ජගත් ප්‍රියශාන් මහතා එම චෝදනාව එල්ල වී ඇති මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා මේ වන විටත් වෙළෙඳසැල් නොමැති කොට්ඨාසයකට මාරු කර ඇති බව ද සඳහන් කළේය.
බදුල්ල මහ නගර සභාවට දිස්ත්‍රික්කයේ වෙනත් ප්‍රාදේශීය සභාවක සිට මෑතකදී ස්ථාන මාරු ලැබූ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු රක්ෂණ සමාගමක උප නියෝජිතයකු ලෙස කටයුතු කරමින් මෙම බලපෑම් කරන බවත් ඒ සදහා තවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු කිහිප දෙනකු සහයෝගය දක්වන බවත් ජනතාව පවසති.
ආපනශාලා, වෙළදසැල්වල පරීක්ෂා කිරීම් මෙන්ම ඩෙංගු මර්ධන ක්‍රියාවලිය ඇතුළු ක්ෂේත්‍ර රැසක් ආවරණය කරමින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කරන අතර එසේ රාජකාරී කරන ඇතැම් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන වෙළදසැල් සහ ආපනශාලාවලට අඩුපාඩු වසා දැමීමට නම් එම ස්ථානවල රක්ෂණාවරණය ඔවුන් නියෝජිත තනතුර දරණ රක්ෂණ සමාගමකට මාරු කරන්නැයි බලපෑම් කරන බව ද වැඩි දුරටත් චෝදනා එල්ල වේ.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බදුල්ලේ මහජන සෞඛ්‍ය පරික්‍ෂකවරුට තවත් රාජකාරියක්