ස්වර්ණවාහිනී නාළිකාවේ ඉරිදා රාත්‍රී 08.30ට "බැද්දේ කුලවමිය" ටෙලිනාට්‍ය නිර්මාණයට දායක වන ඇය ටී.වී වන් නාළිකාවේ නිවේදිකාවක ලෙසද කටයුතු කරන්නීය. ගායනය වෙනුවෙන් 2014 රාජ්‍ය සංගීත සම්මාන උලෙළෙ හොඳම ගායනයට සම්මාන හිමි කරගැනීමටද ඇය සමත් වන්නීය. නමින් උපේකා අමාපානි ගල්මන්ගොඩය.
ගායිකාවක් ලෙස පැමිණි ගමන් මග ගැන කතා කළොත්?
යෞවන සම්මාන උලෙළෙ ගාල්ල දිස්ත්‍රික්කයේ පළමු වැනියා බවට පත්වුණා. පසුව මම කසුන් කල්හාර යටතේ කටහඬ පුහුණුවට යොමුවුණා. 2010 දී තමයි මම නවරත්න ගමගේ සමග මුලින්ම ගීත නිර්මාණයට යොමුවෙන්නේ. මේ වෙද්දි මම ගීත තුනක් කරලා තියෙනවා. ජීවිතේ අලුත් ඇසින් බලන්නම්, යාවේවි, පසුව කසුන් කල්හාර සමග අප්පච්චි ටෙලි නාට්‍යයේ තේමා ගීතය ගායනා කළා. 2014 රාජ්‍ය සම්මාන උලෙළෙ හොඳම ගායනයට සම්මානයත් හිමිවුණා. මම දායක වුණ පළමු නිර්මාණය ඒක ඒ ගැන සතුටුයි. ඉක්මනට ගීත කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. ලංකාවේ පවතින රැල්ලට ගීත කරන්න මම හිතන්නෑ. තෝරා බේරාගෙන හොඳ නිර්මාණවලට දායක වෙන්න තමයි මම බලාපොරොත්තු වෙන්නේ.
මේ දිනවල විකාශය වන ඔබ දායක වන "බැද්දේ කුලවමිය" ටෙලි නාට්‍යය ගැන සඳහන් කළොත්?
ආනන්ද අබේනායකගේ "බැද්දේ කුලවමිය" ටෙලිනාට්‍යයේ රූපගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. එය මගේ පළමු ටෙලිනාට්‍යය නිර්මාණය. මම එහි මහේන්ද්‍ර පෙරේරාගේ පෙම්වතිය විදිහට රංගන දායකත්වය ලබා දෙන්නේ. රංගන ශිල්පිනියක් ලෙස කටයුතු කිරීමේ ලොකු බලාපොරොත්තුවක් තිබුණේ නැහැ. ගායනයට හා නිවේදනයට තමයි මම වැඩිපුර අවධානය යොමුකරන්නේ. හඬ‘ කැවීම් ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා.
නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා?
ඔව්. මේ වනවිට ටී.වී වන් නාළිකාවේ නිවේදිකාවක් ලෙස කටයුතු කරනවා. සද්දා මංගල සූරිය බණ්ඩාර යටතේ මාධ්‍ය පාඨමාලාවක් කරන්න මට පුළුවන් වුණා. ඒ පාඨමාලාව හැදෑරීමෙන් අනතුරුව 2010 දී වසරේ නිවේදනයට එන්න හැකියාව ලැබෙන්නේ. රූපවාහිනියේ හා ස්වර්ණවාහිනි නාළිකාවේ නිවේදනය කරන්න මට හැකියාව ලැබුණා.
ඉදිරි කලා කටයුතු?
නිවේදනයෙන් ඉදිරියට යන්න ලොකු බලාපොරොත්තුවක් තියනවා. ඒ වගේම ඉදිරියටත් මෙගා ටෙලිනාට්‍ය නොවන නිර්මාණවලට දායක වෙන්න බලාපොරොත්තු වෙනවා.
මතක් කළ යුතු පිරිස?
මගේ අම්මා, තාත්තා මේ වෙද්දී ජීවතුන් අතර නැහැ. ඔහුවත් මතක් කළ යුතුයි. කොළඹ හැම තැනම මාව එක්ක ගියේ ඔහු. මගේ මහත්තයා කුෂාර සහ මගේ අයියලා දෙන්නවත් මතක් කරනවා.
රංගන මදුසංඛ / ඡායාරූප - කවීත් මිලින්ද
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'බැද්දේ කුලවමිය' ටෙලිනාට්‍යයේ මහේන්ද්‍ර පෙරේරාගේ පෙම්වතිය මමයි