IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


බඩ ඉරිඟු මිල තීරණය කරයි

(අංජුල මහික වීරරත්න)

මෙවර මහ කන්නයේ බඩ ඉරිඟු කිලෝවකට රුපියල් 160ක මුදලක් ලබා දීමට කටයුතු කරන බව බඩ ඉරිඟු ආනයනය කරන ව්‍යාපාරිකයන්  කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පොරොන්දු වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

එළඹෙන මහ කන්නයේ දී  හෙක්ටෙයාර් 60,000ක බඩඉරිඟු වගා කරන අතර ගොවීන්ට ලබා දිය හැකි ඉහළම සහතික මිල තීරණය කිරීම ව්‍යාපාරිකයන්ට බාර කෙරුණු අතර ඒ අනුව බඩ ඉරිඟු කිලෝ ග්‍රෑම් එකක් සඳහා අවම මිල වශයෙන් රුපියල් 160ක් ලබා දීමටත්, වෙළෙඳ පොළේ බඩඉරිඟු මිල ඉහළ යන අවස්ථාන් හි දී එහි වාසියත් ගොවීන්ට ලබා දීමට එකඟතාවය පළ වූ බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. එමෙන්ම ලෝක වෙළෙඳ පොලේ බඩ ඉරිඟු මිල රුපියල් 160ට වඩා පහළ ගිය ද මෙම මිලෙහි වෙනසක් නොවේ.

රටේ විදේශ විනිමය විදේශ රටවලට නොයවා දේශීය ගොවියා ආරක්ෂා කර ගැනීමට තමන් පියවර ගන්නා බව බඩ ඉරිඟු ආනයනකරුවන්ගේ සංගමයේ ව්‍යාපාරිකයන් කෘෂිකර්ම අමාත්‍යවරයාට පොරොන්දු වී ඇත.



අදහස් (4)

බඩ ඉරිඟු මිල තීරණය කරයි

Jeewantha Thursday, 16 February 2023 10:18 AM

අනුරාධපුර,ගල්පොත්තේගම. බඩ ඉරිගු රුපියල් 160 ට ගන්න කෙනෙක් නෑ.

:       0       8

M.a.s.m premarathna Saturday, 25 February 2023 11:03 AM

130ට නේ ගන්නේ ගොවියා අසරණ කරනවා. යන වියදම බලන්න ඕනෑ. හිඟාකෑවා නම් හොඳයි. මීට වඩා ලාබ ගන්නේ අතරමැදියෝ මේවාට කවුරුත් කතාකරන්නේ නෑ. හොයන්නේ නෑ මේවා ගැන...

:       0       3

Mgbs kulathilaka Thursday, 25 January 2024 02:34 PM

ගලෙන්බිදුනුවැව මිල අමු ඇට 75,80 වේලලා 110 ත් තමයි.

:       0       2

Kms chandana Saturday, 03 February 2024 01:39 PM

අම්පාරේ බඩ ඉරිඟු ගන්නේ කුණු කොල්ලෙට. 108 ට ගන්නේ .මිනිස්සු බැංකු වලින් ලෝන් අරගෙන ඒවා ගෙව්වට පස්සේ ඇති දෙයක් නෑ.. අතරමැදියෝ තමා හැමදාම කන්නේ.. මිනිස්සුන්ට වහ තමා කන්න වෙන්නේ බඩ ඉරිඟු 160 රජයෙන් ගන්නවනම් ඒක හොද දෙයක්.. වැඩේ කියන්නේ රජයෙන් කියනවා විතරයි ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 181 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 388 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 165 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site