(එම්.සුසිල් පියන්ත)
බටපොළ බරදූව නිවාඩු නිකේතනයක් තුළදී දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමක් බේරීමට ගිය අයකුට කඩු පහරක් කා ඔහු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු අද(24) අලුයම් කාලයේදී මිය ගිය බව බටපොල පොලීසිය කියයි.
මෙසේ ඝාතනයවී ඇත්තේ බටපොළ කොබෙයිතුඩුව පදිංචි පොන්නම්පෙරුම ආරච්චිගේ නුවන් සම්පත් නමැති 37 හැවිරිදි අයකු බව ද පොලීසිය කියයි.
බටපොල බටදූව, පිහිටි නිවාඩු නිකේතනයක ඊයේ(23) රෑ 8.30 ට පමණ පුද්ගලයන් කිහිප දෙනකු මත් පැන් පානය කර ඇති බවත් එම ස්ථානයේ තවත් මත්පැන් පානය කළ පිරිසක් අතර ආරවුලක් ඇති වි අතින් පයින් පහර දිමක් සිදු වි ඇති බවත් පොලීසිය කියයි.
පසුව ඝාතනයට ලක් වූ පුද්ගලයා එම ගැටුම බේරා ඇති අතර ඊට සුළු වේලාවක පසුව පැමිණි දෙදෙනකු මෙම පුද්ගලයාට තියුණු ආයුදවලින් පහරදී පළාගොස් ඇත. කැපුම්තුවල සහිතව සිටි මියගිය අය කඩිනමින් රෝහලට රැගෙන ගොස් ඇති අතර සුළු වේලාකවට පසු ඔහු මියගිය බව රෝහල් ප්‍රකාශකයෙක් පැවැසිය.
පසුව මේ පහර දිම සම්බන්ධයෙන් ලැබුණු පැමිණිල්ලක් අනුව එහිදීම පහරදීමට අදාල දෙදෙනකු සැකපිට අත් අඩංගුවට ගත් බවත් පොලීසිය කියය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
බටපොළ ඝාතනයක්