IMG-LOGO

2025 මැයි මස 04 වන ඉරිදා


’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’

(යොහාන් භාසුර)

අඩු ආදායම් ලාභීන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගොස් ආදායම පෙන්වා බදු නිදහස හිමිකරගන්නා තෙක් බැංකු පොලියෙන් අය කරන සියයට 10 ක බද්ද නැවත ජනතාවට දීමේ ක්‍රමයක් ආණ්ඩුව සකස් කර නොමැති බවත් ඒ පිළිබඳව ඉදිරියේ කටයුතු කරන බවත් අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා අද (26) පැවසීය.  

බැංකු ගිණුම්වල රදවාගැනීමේ අයකිරීම සියයට 5 සිට 10 දක්වා ඉහළ දැමීමට හේතුව විශාල ප්‍රමාණයෙන් මුදල් තිබුණ ද බදු නොවන පුද්ගලයන්ගෙන් අයකිගැනීමේ පියවරක් ලෙස බවත් මාසික ආදායම රුපියල් 150,000 ට අඩු පුද්ගලයන්ට ඒ පිළිබඳව දේශීය ආදායම් දෙපාර්තමේවන්තුවට කරුණු ඉදිරිපත් කර නිදහස් වියහැකි බවත් අමාත්‍යවරයා කීය.

වර්තමාන ආණ්ඩුව හැකි උපරිම කර ඇති බව කී අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා ආණ්ඩුව ගැටලුවට ක්‍රමයෙන් විසඳුම් දීමට බලාපොරොත්තු වන බව ද වැඩි දුරටත් සඳහන් කළේය.  



අදහස් (9)

’’බැංකුව අයකරන බද්ද නැවත දෙන ක්‍රමයක් නෑ’’

gunarathna Thursday, 26 December 2024 02:58 PM

අඩු ආදායම් ලාභීන්ට බැංකුවට ගිහින් කරුණු ඉදිරිපත් කරලා බදු නිදහස ලබාගන්න ක්‍රමයක් හදන්න. ඉස්සර තිබුනේ එහෙම ක්‍රමයක්. බැංකුවක් හැම නගරයක තියනවා, නමුත් ආදායම් බදු දෙපාර්තමේන්තුවේ කාර්යාලයක් එහෙම නෑ.

:       0       68

චන්දිම Thursday, 26 December 2024 03:56 PM

වයසක අයට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් ඕවා කර ගන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා වෙනත් පහසු ක්‍රමයක් සලසන්න. එතෙක් ඔය බද්ද අයකිරීම කල් දාන්න.

:       0       61

sene Thursday, 26 December 2024 04:01 PM

නියමයි දැන් පලයන්කෝ දවස් ගනනක් පෝලිමේ, හැම දෑම ඔහොමයි. කෙලිනවා අපේ සොච්චමට. තොපිට හෙන.

:       0       50

Kazi Shajahan Thursday, 26 December 2024 04:11 PM

ඔයාලා චන්දෙ ගන්න කලින් ඕවා කියලා මිනිස්සුන්ගෙන් අනුමැතිය ගන්න ඕන නේ .ඔයාලා පොඩි මිනිහට තියන ප්‍රශ්න මදිවට තවත් කාලයත් ,මුදලුත් වැය කරගෙන රස්තියාදු කරන්න ද හදන්නේ .අපි රැවටුනා වගේ .දැන් බලනකොට මෙයාලත් රනිල් වගේම නේ .බදු ගන්නේ අහිංසක මිනිස්සුන්ගෙන්

:       0       37

ජයසුන්දර Thursday, 26 December 2024 04:35 PM

අහිංසක මිනිස්සුන්ට දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ගිහින් සහනයක් ලබාගන්න කියල අසාධාරණ පිලිතුරක් දෙන්නෙ නැතුව, ප්‍රායෝගික ලෙස බැංකුව දැනුවත් කරන්න අදාල නැති ගිනුම් හිමියන්ගෙන් නොකපා ඉන්න. මෙය ඉතාම අසාධාරණ කැපිල්ලක්. අදාල බදු ගෙවිය යුතු අයගෙන් පමනක් කපන්න. දුප්පතුන් තවත් අසරණ කරන තීරනයක් රදවාගැනීමේ බද්ධ.

:       0       39

Kanchana Thursday, 26 December 2024 04:37 PM

බාලවයස් ගිණුම් වලා පොලිය මත අයකරන වැට් එකට මොකද වෙන්නේ ?ඒක නැවත ගන්න පුලුවන්ද ?

:       0       25

PGPThilak Thursday, 26 December 2024 10:25 PM

කෝටි ගනන් ස්ථිර තැන්පතු දාපු උන්ගෙන් අය කර ගනිල්ලා! අපි අමාරුවෙන් හොයාගෙන හදිසියකදී ගන්න තැන්පත් කරලා තියෙන සල්ලි ටිකෙනුත් 10% බැංකුවලට කපා ගන්න ඉඩ දීමෙන් පෙනෙන්නේ හිස හැරුණු අතේ දෙන සහන දුන්නාට ආණ්ඩුව සල්ලි නැති වගයි!!

:       0       30

කල්පනා Friday, 27 December 2024 10:47 AM

නෑ, අපිට ඕනේ නෑ. තව ටික දවසකින් වැඩ බැරි ඕගොල්ලෝ පැනලා ගියදාට රට සම්පූර්ණයෙන්ම යථා තත්වයට පත්කරගන්න පුලුවන් වෙයි

:       0       15

Ramani mallika Friday, 27 December 2024 10:53 AM

15,00,000 අඩු අයගෙන් අඩු නොකර ඉන්න

:       0       11

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ජනපති-වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ ප්‍රධාන ලේකම් හමුවක්
2025 මැයි මස 04 130 0

වියට්නාමයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා, අද (4) පස්වරුවේ හනෝයිහි පිහිටි වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ (CPV) මධ්‍යම කාරක සභා මූලස


දැරියක් අපයෝජනය කළැයි තවත් අපේක්ෂකයෙක් අල්ලයි
2025 මැයි මස 04 991 0

අවුරුදු දාහතරයි මාස හයක් වයසැති දැරියක් ස්ත්‍රී දූෂණයට ලක් කිරීමේ චෝදනාවක් මත මෙවර පස්සර ප්‍රාදේශීය සභාවට තරග කරන අපේක්ෂකයකු සැකපිට අත් අඩගුවට ගත්


නාරාහේන්පිට මෝටර් ට්‍රැෆික් දින දෙකක් වහයි
2025 මැයි මස 04 141 0

නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලය හෙට (මැයි 5) සහ අනිද්දා ( 6 ) යන දෙදින සාමාන්‍ය රාජකාරී සඳහා වසා තැබීමට ත


මැකෝගෙන් අවවාදයක්
2025 මැයි මස 04 236 0

පළාත් පාලන ආයතන මට්ටමින් සහ ඡන්ද කොට්ඨාස මට්ටමින් පිහිටුවා ඇති අවසරලත් නිවේදිත ඡන්ද කාර්යාලයක එම කාර්යාල හැදින්වීම සඳහා සවි කරන වර්ග අඩි 60 නොඉක්ම වූ


සුරාවේ සුපිරි රිය හිටපු ලොක්කෙක් ගෙදර අරන් ගිහින්
2025 මැයි මස 04 983 0

සුරාබදු ත්‍යාග අරමුදලේ රුපියල් කෝටියකට වැඩි මුදලකින් මිලදීගෙන ඇති සුඛෝපභෝගී මෝටර් රථයක් එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානියකු වෙනත් රැකියා ස්ථානයකට මා


ගල්කිස්සේ පුද්ගල ඝාතනයට තුනක් අල්ලයි
2025 මැයි මස 04 410 0

ගල්කිස්ස හුළුදාගොඩ පාළු ඉඩමකදි තියුණු ආයුධ වලින් පහරදී පුළුස්සා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 638 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 165 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1188 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site