IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිස රිමාන්ඩ්

(ඉන්දිකා රාමනායක සහ ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය)

නාරහේන්පිටල ඇල්විටිගල මාවතේ පිහිටි වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාර නිලධාරියාගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිසියේ හත් දෙනා මෙම මස 23 වැනි දින දක්වා රිමාන්ඩ් බාරයේ  තබන්නැයි මාලිගාකන්ද ප්‍රධාන මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මයි ෙ නියෝග කළාය.

උප පොලිස් පරීක්ෂක නදුන් නිලංග, පොලිස් සැරයන් ඉදුනිල් උදයංග බාලසුරිය, පොලිස් කොස්තාපල්වරුන් වන ප්‍රදීප් කුමාර ආරියසිංහ, සංජීව සම්පත් කුසුම්සිරි, කසුන් සංජය හේරත්, අභිෂේක් පෙරේරා , තිළිණ මධුෂාන් නමැති පොලිස් නිලධාරීහු මෙලෙස රිමාන්ඩ් බාරයට නියම වුහ.

මනුෂ්‍ය ඝාතනය සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ මෙම පිරිස  මාලිගාකන්ද අධිකරණ හමුවට ඉදිරිපත් කර තිබුණි.

සැකකරුවන්ට බන්ධනාගාර තුළදී තර්ජන එල්ල විමට ඉඩ ඇති නිසා ඔවුනට අවශ්‍ය ආරක්ෂාව ලබා දෙන ලෙසට මහෙස්ත්‍රාත්වරිය බන්ධනාගාර අධිකරිවරයාට නියෝග කළාය.

මත්කුඩු චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් වෘත්තීය පුහුණු අධිකාරියේ කළමනාකාර සහකාරවරයාට පහර දීම නිසා මෙම මරණය සිදු වුයේ යැයි සිද්ධියක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තේය.

 



අදහස් (1)

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ පිරිස රිමාන්ඩ්

saddharathna Saturday, 10 June 2023 09:13 AM

අඟුලාන පොලිසියේ හිටපු ස්ථානාධිපති වරයෙක් ජීවිතාන්තය දක්වාම හිරේ ඉන්නවා මේ වගේ වැරද්දක් කරලා. මිනිහගේ කකුලකුත් හිරේදීම කපලා. දැන් අපා දුක් විඳිනවා. ඒ වගේම මිනිහා දවසකට කී වතාවක් මැරි මැරී උපදිනවා ඇත්ද? තමන් කරපු අපරාධය මතක් වෙනවිට. මේවා පාඩම් හැටියට අරගෙන කටයුතු කරන්න නිලධාරීන් හිතට නොගැනීම කණගාටුවට කරුණක්. බුද්ධිය භාවිතාකර අපරාධකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීම නොකර ශාරීරික වද හිංසා පැමිණවීම මිනිසත් බවට නිගාවක්. මේ උන්නැහැලාටත් ඉතින් අඟුලානේ අය වගේම විඳවන්න වේවි... මහත්මා ගති ඇති නිලධාරීන් බහුතරයක් අතරේ තමන්ට පැවරී ඇති වගකීම කුමක්ද යන්න හරි හැටි තේරුම් නොගෙන ඔලුව උදුම්මා ගත් නිලධාරීන් අතළොස්සක් විසින් පොලිසියේ කිර්ති නාමය කිලිටි කර ඇත. ඉදිරියට මෙවැනි දෑ සම්පූර්ණයෙන්ම නැවතීමට කටයුතු කිරීම වගකිව යුත්තන්ගේ වගකීමකි...

:       0       9

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

දිවයින පූරා දන්සැල් 8581 ක්
2025 මැයි මස 11 62 0

වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.


මෝල් ගස් පහරින් තරුණයා මරුට
2025 මැයි මස 11 452 0

රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි


විදුලි සභාපති ඉල්ලා අස්වේ?
2025 මැයි මස 11 3223 0

විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම


රම්බොඩ අනතුරේ මරණ 11 දක්වා ඉහළට
2025 මැයි මස 11 1604 0

කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.


සටන් විරාමය කඩලා
2025 මැයි මස 11 820 0

සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.


කෘත්‍රිම බුද්ධිය තර්ජනයක්
2025 මැයි මස 11 969 0

14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 891 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1412 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 363 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site