IMG-LOGO

2025 මැයි මස 11 වන ඉරිදා


පේරාදෙණියට නරක් වෙන්න ළඟ බෙහෙත් 12ක් යවලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

කල් ඉකුත්වීමට ආසන්නව තිබූ ඖෂධ වර්ග 12 ක්  පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී පේරාදෙණිය ශික්ෂණ රෝහලට වෛද්‍ය සැපයීම් අංශයෙන් ලබාදී   ඇතැයි ජාතික විගණන  කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

මෙම ඖෂධ පේරාදෙණිය  රෝහලට ලබාදී ඇත්තේ   කිසිදු ඉල්ලීමකින් තොරවවීම  විශේෂත්වයක්  බවද එම වාර්තාවේ දැක්වේ.

පේරාදෙණිය රෝහලට පසුගිය 2022 දෙසැම්බර් 24 දින දී ඇති  මෙම ඖෂධ 12 මේ වසරේ අප්‍රේල් හා මැයි මාසවලදී  කල් ඉකුත්වූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එම ඖෂධවලින් බොහොමයක් එම රෝහල භාවිතයට නොගත් හෙයින් ඒවා මෙසේ කල් ඉකුත්වී ගිය බව වාර්තාව සඳහන් කරයි.

මතභේදයට තුඩුදෙන ගනුදෙනු යටතේ ජාතික විගණන කාර්යාලය මේ පිළිබඳව තොරතුරු  අනාවරණය කර ඇත.

පේරාදෙණිය රෝහලේදී ඖෂධ ගැනීමෙන් පසුව සිදු වූ මරණ  5 ක්  පමණ පසුගිය කාලයේදී වාර්තාවිය.

මේ අතර කුරුණෑගල ශික්ෂණ රෝහලට 2021 වර්ෂයේදී හදිසි මිලදී ගැනීම්  යටතේ ඇස්තමේන්තු මිල ඉක්මවා රුපියල් කෝටියකට ආසන්න වටිනා ඖෂධ වර්ග නවයක් මිලදී ගෙන ඇති බවත්  හදිසි මිලදී ගැනීම් යටතේ එම ඖෂධ මිලදී ගැනීම හේතුවෙන්  රුපියල් ලක්ෂ පනස් දෙකකට වැඩි මුදලක් වැඩිපුර ගෙවීමට සිදුවී ඇති බවත් වාර්තාවේ සඳහන් වේ.

මේ   තොරතුරු සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ 2022 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.



අදහස් (1)

පේරාදෙණියට නරක් වෙන්න ළඟ බෙහෙත් 12ක් යවලා

chandima Friday, 29 September 2023 06:14 PM

ඕක එතරම් දෙයක්ද? නරක් වෙන්න ඔන්න මෙන්න කියලා ඉන්න පිරිසකට මුළු රටම බාර දීලා තියෙන රටක?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

ගින්නට හසු වූ තිදරු පියා මරුට
2025 මැයි මස 11 297 0

කොස්ලන්ද මීරියබැද්ද ප්‍රදේශයේ පුද්ගලයෙකු නිවසේ දී ගින්නකට හසු වී අද (11) ජීවිතක්ෂයට පත්වී ඇති බව කොස්ලන්ද පොලීසිය පැවසීය.


‘තුවාල වූ අය බේරගන්න උපරිමය කරන්න‘
2025 මැයි මස 11 1053 0

කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත


රැඳවියන්ට වෙසක් තෑග්ගක්
2025 මැයි මස 11 277 0

වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ


සිද්ධස්ථාන දෙකක් පූජා භූමි කරයි
2025 මැයි මස 11 1029 0

2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.


වෙසක් සඳ ඔක්කොම එක් කරයි
2025 මැයි මස 11 413 0

රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.


අහසට වෙඩි තබා අසල්වැසියා බය කරලා
2025 මැයි මස 11 606 0

ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 1011 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1440 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 371 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site