(සුමිත් පොතුපිටිය, සමන් කාරියවසම්, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ඉන්දිකා රාමනායක)
පානදුර ඇගළුම් කර්මාන්ත ශාලාවක් ඉදිරිපිට පසුගිය 31 දා රාත්‍රි තියුණු කඩුවකින් කපාකොටා 23 හැවරිදි පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ද (17) හැවිරිදි පාසල් යන වයසේ දරුවෙක් අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකු බව පොලිසිය කීය.
පානදුර මෝදරවිල මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටී සෙබස්තියන්ගේ මියුරු හසංජය නැමැති 23 හැවිරිදි අයට කඩු පහරවල් 10 ක් පමණ එල්ලකර ඉකුත් 31දා රාත්‍රි ඝාතනය කර තිබූණි.
පහරදීම සදහා ත්‍රීරෝද රථ දෙකක් සහ යතුරුපැදි දෙකකින් කණ්ඩායමක් පැමිණ ඇති බවට පොලිස් පරීක්ෂණ වලදී අණාවරණය වී තිබූ අතර, අත්අඩංගුවේ පසුවන සැකකරු, ප්‍රධාන සැකකරුගේ සහයට ත්‍රීරෝද රථයකින් පැමිණ ඇති බවට පරීක්ෂණවලදී තහවුරුව ඇති බව පොලිසිය පවසයි .
සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු පැමිණි ත්‍රීරෝද රථයද පොලිස් භාරයට ගෙන තිබේ.
ඝාතනයට ලක්වූ පුද්ගලයාව ත්‍රිරෝද රථයකින් හැප්පීමට උත්සාහ කර ඇති බවත් , එය අසල තිබූ CCTV කැමරාවක පටිගතව තිබී එය උපයෝගී කරගනිමින් සැකකරු අත්අඩංගුවට ගත්බවත් පොලිසිය කීය.
ප්‍රධාන සැකකරු ඇතුළු අනෙක් සැකකරුවන් සොයා තවදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි .
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ , සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි අපරාධ අංශ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජී.විජේතුංග සහ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකක ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න අමරසේකර යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ සිදුකරති.
වෙසක් පොහොය නිමිත්තෙන් මෙවර දිවයින පූරා දන්සැල් 8581 ක් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
රිදීමාලියද්ද ප්‍රදේශයේ නිවසකට අද (11) අලුයම බලහත්කාරයෙන් ඇතුළු වී නිවෙස් හිමියා සමඟ ඇති කරගත් බව කියන ආරවුලකින් පුද්ගලයකු මෝල්ගස් පහර කෑමට ලක්වී එම නි
විදුලිබිල සහ පිටස්තට අයගේ අත පෙවීම් හේතුවෙන් සිය සභාපති ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළ බව විදුලි බල මණ්ඩලයේ සභාපති තිලක් සියඹලාපිටිය මහතා බලශක්ති අම
කොත්මලේ රම්බොඩ ගැරඬිඇල්ල ප්‍රදේශයේදී බස් රථයක් ප්‍රපාතයට පෙරලීමෙන් සිදු මරණ ගණන 11 දක්වා ඉහළ ගොස් ඇතැයි පොලිසිය කියයි.
සටන් විරාමයක් සදහා කැමැත්ත පළ කළත්, ඉන්දියාව එය උල්ලංගනය කළේ යැයි පාකිස්තානය චෝදනා කරයි.
14 වැනි ලියෝ පාප්තුමන් සහ කාදිනල්වරුන් අතර පළමු හමුද වතිකානයේ දී පැවැත්විණි.
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
පානදුර ඝාතනයට බාලවයස්කරුවෙක් අත්අඩංගුවට