ඉන්දියාවේ ප්‍රාන්ත 4 ක පැවැත්වුණු ප්‍රාන්ත සභා මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එම ප්‍රාන්ත 4 වන්නේ මධ්‍ය ප්‍රදේශ්, රාජස්ථාන්, චතිස්ගාර් සහ තෙලංගනා ය.
තෙලංගනා හැර සෙසු ප්‍රාන්ත අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ හින්දු ජාතිකවාදී භාරතීය ජනතා පක්ෂ බලකොටු ලෙස සැලෙකයි. මෙම ප්‍රාන්ත තුනේ බහුතර බලයක් ද සහිතව දිගටම බලය රඳවා ගැනීමට භාරතීය ජනතා පක්ෂය සමත් විය.
මධ්‍ය ප්‍රදේශ් ප්‍රාන්තයේ ආසන 230 න්, 165 ක් භාරතීය ජනතා පක්ෂයට හිමිවිය.
රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 199 න් 115 ක් භාරතීය ජනතා පක්ෂය දිනා ගෙන තිබේ. රාජස්ථාන ප්‍රාන්තයේ ආසන 90 කි. භාරතීය ජනතා පක්ෂය දිනූ ආසන ගණන 56 කි.
තෙලංගනා ප්‍රාන්තයේ බලයේ සිටියේ භාරත් රාෂ්ට්‍ර සමිති නමැති ප්‍රදේශීය පක්ෂයයි. කෙසේ නමුත් මෙවර මැතිවරණයෙන් ඔවුන්ට බලය අහිමි වී ඇති අතර, විපක්ෂය වූ කොංග්‍රසයට බලය හිමිවිය.
භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයේ පසුවෙයි.
තෙලංගනා ප්‍රාන්තයේ ආසන 119 කි. කොංග්‍රස් පක්ෂය ආසන 63 ක් හිමි කර ගනිමින් ජයග්‍රහණය කළේය.
බලයේ සිටි භාරත් රාෂ්ට්‍ර සමිති පක්ෂයට මෙවර හිමිවූයේ ආසන 40 ක් පමණි.
භාරතීය ජනතා පක්ෂය තෙවැනි ස්ථානයට පත් වූයේ ආසන 8 ක් දිනා ගනිමිනි.
(එන්.ඩී.ටීවී.)
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
මාදුරුඔය යුද හමුදා කඳවුරේ විශේෂ කාර්ය බළකායේ විසිර යාම උත්සවයේ පුහුණුවීම් ක්‍රියාවලිය සඳහා පිටත් වූ ශ්‍රීලංකා ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානය
ජාතික ජන බලවේගය( මාලිමාව) ජයග්‍රහණය කළ පළාත් පාලන ආයතන 149ක පාලන බලය පිහිටුවීමට දේශපාලන පක්ෂ ගණනාවක් එකවර උත්සාහ දැරීම හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්ත්ව
දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද (09) පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
බණ්ඩාරවෙල ප්‍රදේශයේ ළමා නිවාසයක නේවාසිකව රඳවාසිටි මාස 3 ක බිළිඳකු රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බව බණ්ඩාරවෙල පොලිසි
2016 වසරේ රාජගිරිය ප්‍රදේශයේ සිදු කළ රිය අනතුරක් පිළිබඳව සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා යටතේ තමා අතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා පවරා ඇ
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ප්‍රාන්ත මැතිවරණ ජය මෝදිට
අරවින්ද මොනරවිල Monday, 04 December 2023 03:09 PM
ජාතිවාදය, ආගම්වාදය කරගෙන බලය ඇවිල්ලා රාජපක්ෂලා ලංකාවට කළ හරිය තමයි අදානිලා අම්බානිලා එක්ක එකතුවෙලා මෝදිත් කවදා හරි ඉන්දියාවට කරන්නේ...!