ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවරට ගොස්, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවී සාකච්ඡා පැවැත්වීමෙන් පසු ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් බටහිර ඉවුරේ රාමල්ලා නුවරදී පලස්තීන ජනාධිපති මොහොමඞ් අබ්බාස් හමුවිය.
ඊශ්‍රායලය සහ ගාසා තීරයේ හමාස් සටන්කාමීන් අතර අර්බුදය සම්බන්ධයෙන් මැක්රොන්, පලස්තීන ජනාධිපතිවරයා සමඟ ද දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වීය.
හමාස් සටන්කාමීන්, පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට කුරුරි ප්‍රහාරයක් එල්ල කළ බව තමන් පිළිගන්නා නමුත්, එය සාධාරණීකරණය කරමින්, ගාසා තීරයේ අහිංසක පලස්තීනුවන්ට පහර දීම යුක්තිසහගත නොවන බව පලස්තීන ජනාධිපතිවරයා, ප්‍රංශ ජනාධිපති මැක්රොන් හමුවේ පැහැදිලි කළේය.
ගාසා තීරයේ ගැටුම් වහා නැවැත්වීමට සටන් විරාමයක් අවශ්‍ය යැයි ද පලස්තීන ජනාධිපති අබ්බාස් අවධාරණය කළ අතර ප්‍රංශ ජනාධිපති මැක්රොන් එය අනුමත කළේය.
ප්‍රංශ ජනාධිපතිවරයා ටෙල් අවීව් නුවරට පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු හමුවූයේ, ඊශ්‍රායල හමාස් අර්බුදයේ දී, ප්‍රංශයේ පූර්ණ සහාය ඊශ්‍රායල රජයට හිමිවන බව අවධාරණය කරමිනි.
වසර ගණනාවක් තිස්සේ ඔඩුදුවන ඊශ්‍රායල පලස්තීන අර්බුදය විසඳීමට නම්, ද්වී රාජ්‍ය විසඳුමක් අවශ්‍ය යැයි මැක්රොන් ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමුවේ පෙන්වා දුන්නේය.
ද්වී රාජ්‍ය විසඳුමක් සෙවීමට නම් පළමුවෙන් ඊශ්‍රායලය, පලස්තීන වැසියන්ට අයත් ඉඩම් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීම සහ ඒවායේ ජනාවාස පිහිටුවීම නැවැත්විය යුතු යැයි ද ප්‍රංශ ජනාධිපති මැක්රොන් පැහැදිලි කළේය.
පසුගිය 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වුණු හමාස් ප්‍රහාරයෙන් පසු, එම ප්‍රහාරය හෙළා දකිමින්, ඊශ්‍රායලයට පූර්ණ සහාය ලබා දෙන බව අවධාරණය කරමින් පළමුවෙන් ටෙල් අවීව් පැමිණ, ඊශ්‍රායල අග්‍රාමාත්‍ය නෙදන්යාහු හමුවූයේ ඇමෙරිකන් ජනාධිපති ජෝ බයිඩන්ය. ඉන්පසු, සහාය පළ කිරීමට පැමිණියේ එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය රිෂී සුනාක්ය.
කොත්මලේ බස් අනතුරින් තුවාල ලැබූවන් සුවපත් කර ගැනීම සඳහා හැකි උපරිමයෙන් දායකත්වය ලබා දෙන්නැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රදේශයේ රෝහල් වලටත
වෙසක් පුර පසළොස්වක පෝය දිනය නිමිත්තෙන් බන්ධනාගාර ගත රැඳවියන්ට විවෘතව අමුත්තන් බැලීම සඳහා (OPEN VISIT) මැයි මස 12 හා 13 විශේෂ අවස්ථාවක් ලබාදීමට බන්ධනාගාර දෙ
2025 රාජ්‍ය වෙසක් මහෝත්සවය වෙනුවෙන් සිද්ධස්ථාන දෙකක් පූජා භූමි ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.
රාජ්‍ය වෙසක් දින උත්සව සැමරුම සඳහා සිංහල, දෙමළ සහ මුස්ලිම් සියලු ජනතාව එකාවන්ව සහභාගී වී සිටීම විශේෂත්වයක් විය.
ගිනි අවියකින් අහසට වෙඩි තබා අසල්වාසී පුද්ගලයකුට මරණීය තර්ජනය කළ සැකකරු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය කියයි.
දසවැනි පාර්ලිමේන්තුව සඳහා ශ්‍රී ලංකා - ඉන්දීය පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සභාපති ධුරයට සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය සහ ආණ්ඩු පාර්ශ්වයේ ප්‍රධාන සංව
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ප්‍රංශ ජනපති පලස්තීන ජනපති හමුවෙයි