IMG-LOGO

පොහොර ලැබී නැත්නම් අහන්න දුරකථන අංක දෙයි

(අංජුල මහික වීරරත්න)

දිවයිනේ සියලුම ගොවිජන සේවා මධ්‍යස්ථාන වලට හිඟයකින් තොරව යුරියා පොහොර බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ලංකා පොහොර සමාගමේ හා කොමර්ෂල් පොහොර සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පැවසීය .

පසුගිය සතියේ සිට මේ දක්වා දිවයින පුරා ඇති ගොවි ජන මධ්‍යස්ථානවල එතෙක් තිබු යුරියා පොහොර වලට අමතරව තවත් යුරියා මෙට්‍රික් ටොන් 5100ක් යවා තිබේ.

අද දිනය ඇතුලත තවත් යුරියා මෙට්‍රික් ටොන් 1000ක් බෙදා හැරීමට කටයුතු යොදා තිබෙන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

අද (19) තවත් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 200ක් පොළොන්නරුවට යැවීමට කටයුතු යොදා ඇති අතර පසුගිය සතියේ සිට මේ දක්වා පොලොන්නරුවට යවා ඇති යුරියා පොහොර ප්‍රමාණය මෙට්‍රික් ටොන් 500 ඉක්මවන බව අමාත්‍යාංශය කියයි.

අවශ්‍ය තරම් යුරියා පොහොර තිබෙන බැවින් යුරියා පොහොර නොඑවන ලෙසට ඇතැම් ගොවිජන සේවා මධ්‍යස්ථාන පොහොර සමාගම්වලට දැනුම් දී ඇති බව ද ආචාර්ය ජගත් පෙරේරා මහතා සඳහන් කරයි.

මේ අතර ඇතැම් ගොවි සංවිධාන මාධ්‍යට ප්‍රකාශ නිකුත් කරමින් ඔවුන්ට යුරියා පොහොර ලැබී නැති බව ප්‍රකාශ කර ඇතැයි ද මෙම කාරණය සැලකිල්ලට ගනිමින් කිසියම් ප්‍රදේශයකට යුරියා පොහොර ලැබී නොමැති නම් ඒ සඳහා විමසීම සඳහා රජයට අයත් පොහොර සමාගම්වලින් නිලධාරීන් දෙදෙනෙක් පත් කිරීමට සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහතා පියවර ගෙන තිබේ.

කොළඹ කොමර්ෂල් පොහොර සමාගමෙි අලෙවි කළමනාකරු උපේන්ද්‍ර 0775510674,ලංකා පොහොර සමාගමෙි බෙදාහැරීම් කළමනාකරු නුවන් 0774441417 යන දුරකථන අංක වලින් කිසියම් ගොවිජන සේවා මධ්‍යස්ථානයකට යුරියා පොහොර නොමැති නම් විමසිය හැකි බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (1)

පොහොර ලැබී නැත්නම් අහන්න දුරකථන අංක දෙයි

fairoos Monday, 19 June 2023 01:43 PM

නිකන් කයිය විතරයි.. වැඩ නෑ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 495 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 675 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 275 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site