(අනිල් ගාමිණී විජේරත්න)
වල් අලි රංචුවක් කඩා වැදීම නිසා ගල්ගමුව අතරගල්ල කනිටු විදුහල අද වසා දමා සිසුන් නිවෙස්වලට යැවීමට කටයුතු කළ බව විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා කටයුතු කළේය.
අලි පස්දෙනකු සහ පැටවු තිදෙනකු පාසලට යාබද කැලෑ භූමිය තුළ සැඟවී සිටින බව මව්පියන් දැක ඒ සම්බන්ධයෙන් විදුහල්පතිවරයා දැනුම්වත් කර ඇත.
ඒ බව මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා බන්දුලානි බස්නායක මහත්මියගේ නියෝගයකට අනුව පාසල වසා දැමීමට තීරණය කළ බව එහි විදුහල්පති ඩබ්ලිව්. එම්. අනුර වන්නිනායක මහතා පවසයි.
මෙම සතියේ ඉදිරි දින දෙක ද පාසල වසා පාසලේ දරුවන් හා ගුරු මහත්ම මහත්මීන් අවට වෙනත් පාසල් වෙත අනුයුක්ත කර තිබේ.
මෙම සිද්ධිය සැලවීමෙන් අනතුරුව අඹන්පොල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සමන් පෙරේරා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් පැමිණ අලි පන්නා දැමීමට උත්සාහ ගත්තද එය අසාර්ථක විය.
මේ පිළිබඳව සොයා බැලීමට මහව කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක තුමිය ඇතුළු අධ්‍යාපන නිලධාරීන් පාසල වෙත පැමිණ අවශ්‍ය ඉදිරි උපදෙස් ලබා දුන්හ.
පාසලට යාබදව ඇහැටුවැව ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයට අයත් මෙම කැලෑ ඉඩම තුළ මීට පෙරද කිහිප වතාවක්මවල් අලි ගැවසී ඇත.එම කැලෑ ඉඩමේ කැලෑව ඉවත් කිරීමට ප්‍රාදේශීය ලේකම් කාර්යාලය කටයුතු නොකිරීම පිළිබඳව දෙමව්පියෝ දැඩි අප්‍රසාදය පළ කළහ. .
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාසල අසල වල්අලි කැරකෙති:පාසල වසා දමති