IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 කට මිනීමැරුම් චෝදනා

 

(චමිල් රූපසිංහ)
 
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 267 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවත් ඔවුන් අතරින් 33 දෙනෙකුට මිනීමැරුම් චෝදනා යටතේ නඩු පැවරීමට නියමිත බවත් මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය සරත් වීරසේකර මහතා මල්වතු අස්ගිරි උභය මහ විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ අද (16) ප්‍රකාශ කළේය.
 
අමාත්‍යවරයා මහනුවරට පැමින  ශ්‍රී දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව මල්වතු අස්ගිරි උභය මහ විහාර වෙත ගොස් එම පාර්ශවයන්ගේ මහනාහිමිවරු දෙනම බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් පසු මල්වතු පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල,අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමිවරු සමඟ රටේ වත්මන් තත්ත්වය පිළිබඳව ඇමැතිවරයා දීර්ඝ වේලාවක් සාකච්ඡා කළේය.
 
බෝම්බ පුපුරුවා ගැනීමේ සිදුවීම් 8කට අදාළව පොලීසිය විමර්ශන සිදුකර ලිපිගොනු 8ක් නීතිපතිවරයාට බාරදී තිබෙන බවත් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් අතරින් පිරිසක් රැඳවුම් නියෝග මතත් තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාර ගතවත් සිටින බවද එහිදි ප්‍රකාශ කළේය.
 
මේ සම්බන්ධ නඩු පැවරීමේ ප්‍රමාදයක් තිබේද යන්න පිළිබඳව තමන් නීතිපතිවරයා හමුවී විමසූ බවත් දැනට අදාළ සිදුවීම සම්බන්ධයෙන් ජනපති කොමිසමක් ක්‍රියාත්මක බැවින් එම වාර්තාව නිකුත්වන තෙක් නඩු පැවරිය නොහැකි බව එතුමා දැනුම් දුන් බවත් වීරසේකර මහතා දැනුම් දුන් බවත් ජනපති කොමිසමේදී මතුවන අලුත් සාක්කි මත නඩු පැවරීම් කළ හැකි නිසා ඇතිවිය හැකි පරස්පරතා මඟ හරවා ගැනීමට අදාළ වාර්තාව එළිදක්වන තුරු සිටිය යුතු බව නීතිපතිවරයා ප්‍රකාශ කළ බවද ඇමැතිවරයා එහිදි සදහන් කළේය.
 
මෙයට අමතරව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත්කර තිබෙන බැවින් නඩු පැවරීම කළ යුත්තේ මේ සියලු කාරනා අධ්‍යන්‍යය කිරීමෙන් පසුව බවද නීතිපතිවරයා තමන්ට දැනුම් දුන්නේ යැයි අමාත්‍යවරයා එහිදි ප්‍රකාශ කළේය.
 
දැනට මේ සම්බන්ධව අධ්‍යනය කිරීමට නීතිපතිවරයා විසින් නීතීඥයින් 12 දෙනෙකු පූර්ණ කාලීනව යොදවා තිබෙන අතර එයට අමතරව තමන්ද විමර්ශන කටයුතු නිසි ලෙස සිදුව තිබේද යන්න සෙවීමට වෙනම කණ්ඩායමක් යොදවා තිබෙන බවද එහිදි සරත් වීරසේකර මහතා සදහන් කළේය.



අදහස් (6)

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් 33 කට මිනීමැරුම් චෝදනා

WCA Wednesday, 16 December 2020 05:34 PM

පස්සේනේ දැක්කේ තාම තටමනවා නඩු දාන්න. නඩු දාන පාටක් නෑ...

:       0       2

ලලිත් Wednesday, 16 December 2020 06:01 PM

දඬුවම් දෙන්න ඔනෑ... පලවෙනි කෙනා සිරිසේනට දඬුවම් දුන්නත් වැඩක් නැහැ...

:       1       2

ස්ටැන්ලි Wednesday, 16 December 2020 07:43 PM

තම අනුගාමිකයින් තමන්ගේ දේව මන්දිරයේදිවත් රැක ගැනීමට නොහැකි දෙවිදුන් කෙසේනම් අපිව ආරක්ෂා කරත්ද?

:       4       3

L.G..P.Jathunarachchy Thursday, 17 December 2020 03:19 AM

උසාවි යන්න කළීන් උත්සාහ කරලා බලන්න සර්...

:       4       2

Bamunuarachchi Thursday, 17 December 2020 01:15 PM

WCA ඉස්කෝලේ ගිහිල්ලා තිබෙනවද? ගුරුවරයෙක් ළමයෙකුට දඬුවම් දෙන්නෙත් හොඳට හොයලා බලලා. ඔහෙලා ඉස්කෝලේ යන කාලේ දඬුවම් ලැබුනේ ගුරුවරුන්ටනේ නේද? හොඳට හොයලා බලන්නේ නැතුව නඩු දැම්මාම නිදොස්කොට නිදහස් වෙනවා. තේරුණාද?

:       0       0

ana Friday, 18 December 2020 08:33 AM

බලන් කඩතුරා හැර දෑසේ... බෝම්බ කරුවාට දිගු ඉතිහාසයක් ඇත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 39 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 709 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 336 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site