IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපතියාගේ කම්හලේ 10 දෙනාම නිදහස්

(*** නිමන්ති රණසිංහ)

පාස්කු ප්‍රහාරයේදී මරාගෙන මැරුණු කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඉන්සාෆ් නැමැත්තාට අයත් වූ වැල්ලම්පිටිය තඹ කර්මාන්ත ශාලාවේ සිද්ධියේ සැකකරුවන් 10 දෙනා නීතිපති උපදෙස් ප්‍රකාරව නිදහස් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය ඊයේ (19) නියෝග කළාය.

මෙම සිදධියට අදාළ සැකකරුවන් සම්බන්ධයෙන් ඉදිරියට නීති මඟින් කටයුතු නොකරන බවට නිතිපතිවරයා ලබාදී ඇති උපදෙස් ප්‍රකාරව සැකකරුවන් නඩුවෙන් නිදහස් කරන ලෙසට ත්‍රස්ත මර්දන සහ විමර්ශන කොට්ඨාසය අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරිය සැකකරුවන් එලෙස නිදහස් කළාය.

ඒ අනුව පැමිණිල්ලේ ඉල්ලීම  මත සැකකරුවන් දස දෙනා නිදහස් කළ අධිකරණය සිද්ධියට අදාළ නඩු කටයුතු අවසන් කිරීමට නියෝග කළේය.

ඒ අනුව මෙලෙස නිදහස් කරනු ලැබුවේ පුත්තලමේ පදංචි ශෙයියදු අලි මොහොමඩ් අෆිල්, ඩයගම පදිංචි මහාවංශ මුදියන්සේලාගේ සමන්ත, බඩල්කුඹුර පදිංචි මොහොම්මදු වංගීර් මොහොමඩ් වංගීර්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ් සාලීහු මොහොමද් ආරුස්, බඩල්කුඹුර පදිංචි මොහොමඩ් අස්වාන් මොහොමඩ් අස්කම්, පෙරියමඩු පදිංචි සලීම් සන්හින්, වෙලම්බොඩ පදිංචි මොහොමඩ්  හිදාර් මොහොමඩ් සුමෙයිර්, හපුතලේ පදිංචි රෙන්ෂන් ගෝවින්ද සාලි, මුරුතලාගහමුල්ල පදිංචි හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අයවලුන්ය.

මෙහි නව වැනි සහ දස වැනි සැකකරුවන් දෙදෙනා වන හනිෆා අබ්දුල් මුතාලිෆ් සහ කරුපයියා රාජේන්ද්‍රන් නොහොත් ‘අබ්දුල්ලා’ යන අය මේ වන විටත් රක්ෂිත බන්ධනාගාරයේ පසුවන අතර ඔවුන් දෙදෙනා මුදා හරින ලෙසට අධිකරණය බන්ධනාගාර අධිකාරීවරයාටද නියෝගයක් නිකුත් කළේය.

මෙහි මුල් සැකකරුවන් නව දෙනාට එරෙහිව ඇප ප්‍රතික්ෂේප කිරිමට තරම් ප්‍රමාණවත් කරුණු පොලීසිය බී වාර්තාව මගින් අධිකරණය වෙත ඉදිරිපත් කර නොමැති විම හේතුවෙන් අධිකරණය ඔවුන්ට ඇප නියම කළේ ඉකුත් 2019 වර්ෂයේ මැයි මස 06 වැනිදාය. ඒ එක් අයකුට රුපියල් ලක්ෂ පහ බැඟින් වූ ශරීර ඇප දෙකක් මතය. පසුව එයින් එක් සැකකරුවෙක් නැවත රක්ෂිත බාරයට පත් කරනු ලැබීය. ඒ අනුව සැකකරුවන් දෙදෙනක් ඊයේ (19) දිනය වන විටත් රක්ෂිත භාරයේ පසුවූහ.

පාස්කු ඉරිදා ප්‍රහාරයේදී කොළඹ සිනමන්ග්‍රෑන්ඩ් හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරු වූ මොහොමඩ් ඉන්සාෆ් අහමඩ් නැමැත්තාට අයත් අංක 111/6 ඒ, අවිස්සාවේල්ල පාර වැල්ලම්පිටිය ප්‍රදේශයේ පිහිටි ‘කොලොසස්’ නමින් පවත්වාගෙන ගිය තඹ කම්හලේ සේවකයන් 100 දෙනකු පමණ සේවය කර ඇති බවත් ඔවුන්ගෙන් කරන ලද ප්‍රශ්න කිරිම්වලින් පසු සැකකරුවන් 10 දෙනකු අත්අඩංගුවට ගත් බවත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුලින්ම විමර්ශනය කළ වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණි.

මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා අනුව ඔවුන් පාස්කු ඉරුදින ප්‍රහාරය සිදුවූ දින සහ ඊට පසු දින පංචිකාවත්ත ප්‍රදේශයේ සැරිසරමින් සිට ඇති බවත්, සැකකරුවන් සිම්කාඩ්පත් දෙකකට වැඩි ප්‍රමාණයක් භාවිත කර ඇති බවත් වැල්ලම්පිටිය පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබිණී. ඒ අනුව මෙම සැකකරුවන්ගේ දුරකතන විශ්ලේෂණ වාර්තා කැදවීමට අවශ්‍ය බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කළේය.

පසුව මෙම සිද්ධිය ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය වෙත මාරු කෙරුණු අතර, සිද්ධියට අදාළ විමර්ශන කටයුතු අවසන් කර ඇතැයි එම කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා වෙත දැනුම් දී තිබුණේ ඉකුත් 2019 වර්ෂයේ නොවැම්බර් මස 04 වැනිදාය.

කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ හෝටල් තුනක් ඇතුලු ස්ථාන 8ක ඉකුත් අප්‍රේල් මස 21 වැනිදා සිදුවූ බෝම්බ පිපිරීම් සිද්ධියට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය සහ කොළඹ අපරාධ කොට්ඨාසය සමග එක්ව කළ සෝදිසි මෙහෙයුමකදී මෙම සැකකරුවන් දස දෙනා ඉකුත් 2019 වර්ෂයේ අප්‍රේල් මස 22 වැනිදා අලුයම් කාලයේදි අත්අඩංගුවට ගත් අතර වැල්ලම්පිටිය පොලීසිය ඔවුන් අධිකරණය වෙත ඉදිරිපත් කළේය.

 



අදහස් (24)

පාස්කු ඉරිදා මරාගෙන මැරුණු කෝටිපතියාගේ කම්හලේ 10 දෙනාම නිදහස්

thushara Wednesday, 20 January 2021 06:27 AM

සර් ජනාධිපති වුණාම බලන්නකෝ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ අයට දඬුවම් දෙන හැටි... ඒ දවස්වල මගේ යාලුවෙක් කිව්වේ...

:       7       268

දිලාන් Thursday, 21 January 2021 12:39 PM

මම මේ නොදන්නා කමටයි අහන්නේ? එතකොට මේ මිනිස්සුන්ව සාක්කි අනුව බලලා නිදහස් කරලා තියෙන්නේ සර්ද? අප්පේ... මගේත් නූගත්කමට වැරදියටනේ තේරුම් ගත්තේ...

:       0       1

De Wednesday, 20 January 2021 06:30 AM

ඔබට ස්තුතියි සර්... ‘‘සිංහලයා මෝඩයා.. කැවුම් කන්න යෝධයා...‘‘

:       5       127

thushara Wednesday, 20 January 2021 06:34 AM

පාස්කු ප්‍රහාරයෙන් කාට හරි ඇත්තටම වාසියක් වුණාද? අන්න ඔවුන් තමයි ඔය සිද්ධියේ මුලින්ම ඉන්නේ...

:       3       279

Dilshad Wednesday, 20 January 2021 07:00 AM

මුස්ලිම් මිනිස්සු අවංකයි.

:       23       79

Ben 10Wednesday, 20 January 2021 08:58 AM

ඒක ඇත්ත මල්ලි. ඒ අවංකකම වැඩි නිසා තමයි... අටලුගම කොරෝනා හැදිලා ප්‍රතිකාර කරන්න ගෙනියන ආසාධිත මුස්ලිම් අය පාර දෙපැත්තේ ඉන්න අයට කෙල ගැහුවේ. හරිම අවංකයි නේද?

:       28       30

fairoos Wednesday, 20 January 2021 07:34 AM

දැන් පාස්කු ප්‍රහාරයෙන් ඡන්ද ගන්න බැහැ.

:       4       74

Rata Perata Wednesday, 20 January 2021 07:39 AM

අපේ රටේ කරන්නේ දේශපාලකයින්ගේ නියෝගවලට මිනිස්සු නිදහස් කරන්න විතරයි වගේ.. පිල්ලෙයාන්ගේ නඩුවත් ඕනෑ නැහැ කියලා නිදහස් කළානේ. හරියට පරරාජසිංහම් තමන්ටම වෙඩිතියාගෙන වගේ..

:       2       46

thusharaThursday, 21 January 2021 08:08 AM

ඔන්න කුරුණෑගලත් මිනීමරුවෙක් අද නිදහස් කරලා..!!!

:       0       1

Nuwan Wednesday, 20 January 2021 07:41 AM

ජිනීවා වලින් අහනකොට යුද්ධය කලේ හිටපු හමුදාපතිලු. නමුත් ඡන්ද වේදිකාවේ සහ පොත් ලියනකොට යුද්දෙ කලේ එයාලු!

:       4       62

මහසෙන් Wednesday, 20 January 2021 07:44 AM

මෙම ප්‍රහාරය කිසිම අන්තවාදී කණ්ඩායමක් කරන ලද ක්‍රියාවක් නොවන අතර පිපිරීම සිදුවූ පල්ලි භාරව කටයුතු කල පියතුමන්ලාගේ දුර්වලතා හේතුවෙන් සිදුවූ සිද්ධියක් පමණි. එමනිසා එම පියතුමන්ලාට එරෙහිව පරීක්ෂණ කටයුතු කිරීම කෙරෙහි අවධානය යොමුව ඇත....

:       3       61

Sunil Wednesday, 20 January 2021 07:47 AM

පරණ කොටි බෝම්බ මතක් වුණු මිනිස්සු තාම මේ පාස්කු බෝම්බෙට බයවෙලා ඡන්දෙ දුන්නේ.. මේ ගොල්ලෝ රට බේරාගනීවි කියලා. බලන් ගියාම පාස්කු බෝම්බ කාරයින් හොඳයිනේ මේ ගොල්ලන්ට වඩා...

:       2       49

Don perera Wednesday, 20 January 2021 08:24 AM

කෝ අපේ කොළඹ අගරදගුරුතුමා..? හැංගිලාද?

:       5       39

කුමාරWednesday, 20 January 2021 11:40 AM

බැටළු හම් පොරවා ගත්තු අයට මිනිස්සු ඉක්මණින්ම රැවටෙනවා. සල්ලිවලට යටවෙලා රඟපාන රූකඩයක් ගැනද ඔබ අහන්නේ..?

:       0       1

araWednesday, 20 January 2021 01:02 PM

ඇයි කාදිනල්තුමා?

:       0       1

Kodi Wednesday, 20 January 2021 08:37 AM

අනුර තමයි කියන්න ඇත්තේ... එයාගේ යාළුවා කියලනේ කිව්වේ..

:       38       16

Raveendra Wednesday, 20 January 2021 10:07 AM

සර් එක්ක සෙල්ලම් බෑ...

:       2       35

lankasri Wednesday, 20 January 2021 11:33 AM

එහෙම කියන්න එපා... ආපහු ඡන්දයක් ළං වෙනකොට සේරම අල්ලලා කූඩුවට දායි... නැත්නම් අපිව මෝඩයාට අන්දනවා බොරු...

:       0       1

Prabha Wednesday, 20 January 2021 11:54 AM

කර්මාන්ත ශාලාවේ වැඩකළා කියලා හැමෝම මේකට සම්බන්ධයි කියන්නේ කොහොමද? පොලිසිය බලන්නේ කවුරු හරි කමක් නැහැ අල්ලලා කූඩුවේ දාලා වරද පටවන්න. නියම වැරැදිකරුවෝ කීයක් හරි වියදම් කරලා එළියට යනවා. ඕකයි ලංකාවේ ඇත්ත තත්වේ..

:       0       0

banda Wednesday, 20 January 2021 01:15 PM

ඔය ගමන්ම මහ බැංකු හොරු ටිකත් නිදහස් කරන්න..

:       0       0

නමිනං Wednesday, 20 January 2021 02:17 PM

තඹ මැටි වෙන්නත් පුලුවන් මේ විදියට ....

:       0       0

සෙනෙවිරත්න Wednesday, 20 January 2021 03:34 PM

සර් 69 ලක්ෂය රැවැට්ටුවා තව පාරක්, මහ බැංකුව කැඩුවා කැඩුවා කියන අයටත් මේකමයි.. කඩපු කෙනෙක් නැහැනේ... ඒක නිසා රාජපක්ෂවරුන්ගේ බොරු මෙතැනින් අහවරයි.

:       0       1

Ashan Wednesday, 20 January 2021 10:05 PM

දැන්වත් තේරෙනවද පාස්කු ප්‍රහාරයේ නියම සැලසුම් කරුවන් කව්ද කියලා?

:       0       3

H s p fonseka Thursday, 21 January 2021 06:37 AM

කතෝලික ජනතාවට කළ සාධාරණය මොකක්ද? 

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අල්ලස් ගත් ප්‍රා.සභා අපේක්ෂක මාට්ටු
2025 මැයි මස 01 239 0

ගාල්ල ප්‍ර දේශයේ පවත්වාගෙන යනු ලබන හෝටලයකට මෙම වසර සදහා වෙළෙද බලපත්‍රය ලබාදීම සදහා රුපියල් 25,000 ක අල්ලස් මුදලක් ලබාගත් බව කියන මෙවර ප්‍ර දේශීය සභා මැතිව


ජනපති ප්‍රේමදාස ගුණ සැමරේ
2025 මැයි මස 01 137 0

හිටපු ජනාධිපතිවරයෙකු වන දිවංගත රණසිංහ ප්‍රේමදාස මහතාගේ 32 වන ගුණ සමරුම් උත්සවය කොළඹ අලුත්කඩේ උසාවිය අසල එතුමාගේ පිලිරුව අභියසදී අද (01) පැවැත්විණි.


බටලන්ද විවාද දින තීරණයට පක්ෂ නායක රැස්වීමක් හෙට
2025 මැයි මස 01 77 0

බටලන්ද ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාව පිළිබඳ මීළඟ විවාදය පැවැත්වෙන දිනය හෙට (2) තීරණය කිරීමට නියමිතය.


ටී.බී ඉලංගරත්න පිළිරුවට පුෂ්පෝපහාර
2025 මැයි මස 01 136 0

හිටපු වාණිජ ආහාර කර්මාන්ත හා නාවික අමාත්‍යවරයෙකු මෙන්ම කෘතහස්ත ලේඛකයකු වූ ටී.බී ඉලංගරත්න මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දැක්වීම අද(01) කොළඹ නවම් මාවතේ පිහ


පැය 21ක් තුළ දුම්රිය තුනක් පීලි පනී
2025 මැයි මස 01 174 0

මරදාන හා කොටුව අතර ඊයේ (30) පස්වරුවේ සහ අද (01) පෙරවරුවේ දුම්රිය දෙකක්ද ඊයේ (30) රාත්‍රී පොල්ගහවෙල දුම්රිය ස්ථානයේදී තවත් දුම්රියක්ද වශයෙන් දුම්රිය තුනක් පීල


භූතයෙක් විකුණා ලක්ෂ 38 ක් වංචා කරලා
2025 මැයි මස 01 255 0

අස්වනු නෙළන යන්ත්‍රයක් විකුණා රුපියල් තිස් හත් ලක්ෂ අනූපන් දහසක මුදල් ලබා නොදුන් බව කියන පුද්ගලයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩාය


මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 316 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 84 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1108 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site