IMG-LOGO

පොල් ඔඩිට් එක

2016-06-14-ent-05වයඹ පළාතෙ සුප්‍රකට ආණ්ඩුවෙ සමාගමක අධ්‍යක්‍ෂක කමක් කරන මුදල් භාර කන්තෝරැවෙ ලොකු මහත්තයකුට ඒ පළාතෙම ඉන්න "ශාන්ත දාන්ත" නමක් තියන දියවන්නා මැම්බර් මහත්තයෙක් ලොකු තර්ජනයක් කළා කියලා එක කතාවයි.

ඒකට හේතුව මෙච්චර කල් දියවන්නා මැම්බර් මහත්තයගෙ අණසක යටතෙ පාලනය වුණ මේ සමාගමේ ලොකුම පොල්වත්තක පලදාව ගණන් බැලීමලු.. මෙතෙක් කල් කවුන්සිල් මහත්තයගෙ පාලනෙ යටතෙ තිබුණ අක්කර දාස් ගණනක පොල් වත්තෙ තියන ගස් ගණන ගණන් කරලා ඒ වයින් ලැබෙන පොල් ගෙඩි ගණනත් ගණන් කරපු ආණ්ඩුවෙ අධ්‍යක්‍ෂක තුමාට තරැ විසීවුණාලු..

දීපු ගණන් හිලව්වල හැටියට එක කන්නෙකට මේ පොල්වත්තෙ එක ගහකින් කඩල තියෙන්නෙ එකම එක ගෙඩියයිලු... හලාවත පැත්තෙ සරැවත්තක මෙහෙම නොවෙන බව ටක්කෙටම දැනගත්ත අධ්‍යක්‍ෂතුමා මේ පොල්ගැන ඔඩිට් එකක් කළාලු..

"පොල් ඔඩිට්" එකෙන් සොයාගත්ත කාරණය වුණේ වත්තට ලැබෙන ආදායම තව විසිපස් ගුණයකින් විතර වැඩි විය යුතු බවයි...

ඉතින් අවංක අධ්‍යක්‍ෂ තැන මේ ගැන පරීක්‍ෂණයක් කරන්න යන කොට නාඳුනන පොරක් ටැලිපෝන් එකෙන් කිව්ව වචන ලියන්න බැහැ හැබැයි අධ්‍යක්‍ෂ තැන හොඳ වෙලාවට ඒක රුකෝඩ් කරගත්ත..

අාපු තර්ජනේ බරපතළ නිසා මේක කලේ අහවලාගෙ කස්ටිය කියලා පොලිස් පොතේ ලියන්නත් අමාත්‍යංශ ලොක්කො උපදෙස් දුන්න...

ඒත් ඉතින් අමාත්‍යංශ විෂයභාර ලොක්කගෙන් මේ ගැන අහන්න ගියාම "නැහැ පැමිණිලි දාන්න එපා මන්ත්‍රිවරැ ඕව කරන්නෙ නැහැ. ඒක මම බලාගන්න" ම් කියලා වැඩේ ෂේප් කරගන්න කීවලු... එයා එහෙම බණ කිව්වට අර නිලධාරී තැනට තියෙන තර්ජනේ අඩුවක් නැති නිසා උන්නැහේ ඔය අද්දියක්‍ෂකමට අයි බෝං කියන්න යනවලු.

 

DESHAYA



අදහස් (0)

පොල් ඔඩිට් එක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 531 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 701 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 287 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site