IMG-LOGO

පොලොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් වහයි

 

(ක.ග.කරුණාරත්න)

කෙරෝනා රෝගීන් වැඩි පිරිසක් හමුවීම නිසා පොලොන්නරුව,කදුරුවෙල නගරයේ කොටසක් අද (06) පස්වරුවේ සිට වසා දැමීමට තීරණයකල බව පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය කියයි.

ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ඩබ්ලිව්.කේ.ඩබ්ලිව්.කුමාරවංශ මහතා ප්‍රකාශ කලේ අද (06) දිනයේ පමණක් කදුරුවෙල නගරයේ ප්‍රධාන පෙලේ ආපන ශාලාවක් ඇතුළු වෙළඳසැල් කිහිපයකින් කොරෝනා රෝගීන් 08 දෙනෙකු හමුවූ බවයි.ගතවූ දින කිහිපය තුල කදුරුවෙල නගරයෙන් කොරෝනා රෝගීන් 20 දෙනෙකු හමුවී ඇතැයිද ඒ මහතා කීය. මේ හේතුවෙන් කදුරුවෙල ප්‍රධාන වීදියේ අතරමැදි කොටස මෙසේ තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවද කීය.

දැනට හඳුනාගෙන ඇති රෝගීන් සියලුම දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇති බවත් ඔවුන්ගේ ආශ්‍රිතයින් නිරෝධායනය සඳහා යොමුකර ඇතැයිද වෛද්‍ය කුමාරවංශ මහතා ප්‍රකාශ කලේය.



අදහස් (0)

පොලොන්නරුව කදුරුවෙල නගරයේ කොටසක් වහයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 384 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 544 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 227 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site