IMG-LOGO

පාර්ලිමේන්තුව හකීම්ගේ සමීපතමයන් සොයයි

කොරෝනා වයිරසය ආසාදනය වී සිටින, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් මහතා ආශ්‍රය කළ සමීපතමයන් සෙවීම සඳහා පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය පාර්ලිමේන්තුවේ සීසීටීවී දර්ශන විශ්ලේෂණය කරමින් සිටිති.

ඒ මහතාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව අද(10) උදෑසන අනාවරණය විය.

මන්ත්‍රීවරයා ජනවාරි 5 වැනි දින පාර්ලිමේන්තුවේ පැවති සැසියකට සහභාගී වූ බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.

කොරෝනා වයිරසය ආසාදනය වීම හේතුවෙන් තමා නිරෝධායනයට යොමු වූ බවද, තමා සමඟ පසුගිය දින 10ක පමණ කාලය තුළ සමීප සබඳතා පැවැත්වූවන්ට නිසි සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙස ඉල්ලා සිටින බවද මන්ත්‍රීවරයා සිය ට්විටර් ගිණුමෙහි පළ කර ඇත.

මෙම සතියේදී කොරෝනා වයිරසය ආසාදනය වූ දෙවනි මන්ත්‍රීවරයා රවුෆ් හකීම් මහතාය. මීට පෙර පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතාට ද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ අතර, ඒ මහතා මේ වනවිට නිරෝධායනය වෙමින් සිටියි.



අදහස් (5)

පාර්ලිමේන්තුව හකීම්ගේ සමීපතමයන් සොයයි

Pradeep Sunday, 10 January 2021 08:14 AM

දෙවියන් කියලා කොටසක් නෑ කියලා හිතාගෙන හිටියට දැන් බලපුවාම ඉන්නවා වගේ. දෙවියන්ගේ පිහිටෙන් පාර්ලිමේන්තුවේ ඉන්න සෙට් එකටම කොවිඩ් හැදිලා ඉවරයක්ම වේවි..

:       0       2

De Sunday, 10 January 2021 09:36 AM

2021 වසර රටට සුබ වසරක් වීගෙන එනවද මන්දා.

:       0       1

banda Sunday, 10 January 2021 03:52 PM

කතානායක සහ පවිත්‍රාට කොහොමද දන්නේ නැහැ... හැදුණෝතින් හොඳටම ඇති.

:       0       0

BamunuarachchiMonday, 11 January 2021 08:56 AM

දෙවියන් විසින් තෝරලා බේරලා දෙන්නේ....

:       0       0

Bamunuarachchi Monday, 11 January 2021 08:53 AM

හොඳ වෙලාවට අර කට්ටිය 20ට ඡන්දේ දීලා පැන ගත්තේ නැතිනම් ඔවුන්ටත් කොරෝනා තමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 73 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 761 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 362 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site