IMG-LOGO

පාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ?

 

(සුජිත් හේවාජුලිගේ )

බලතුලනයේ යම් ප්‍රශ්නයක් මතුවී ආණ්ඩුවේ බහුතරය  අහිමිවීමේ අවදානමක් මතු වුවහොත් ප්‍රශ්නය කළමනාකරණය කර ගැනීමේ පියවරක්  ලෙස  පාර්ලිමේන්තුව  වාරාවසාන කිරීමට හෝ කෙටි කලකට  කල්තැබීමට රජයේ අවධානය යොමුවී ඇතැයි  දේශපාලන ආරංචිමාර්ගවලින් පැවසේ.

ආණ්ඩුවේ වැඩ කටයුතු නොමැති බව දැනුම්දී ( අණපනත් සම්මත කිරීම )අවුරුදු නිවාඩුව මූලික කරගෙන  එසේ කල් තැබීමක්  කළ හැකි බව ආණ්ඩුවේ ඉහළපෙළේ කිහිපදෙනෙකුම දැනටමත්  කරුණු පෙන්වාදී ඇතැයි දැනගන්නට ඇත.

මේ අතර විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල  යන මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන්  පාර්ලිමේන්තුවේ  වෙනම මන්ත්‍රී බහුතරයක්(113ක්) නිර්මාණය කිරීමේ මෙහෙයුම  දිගටම ක්‍රියාත්මක වන  අතර පසුගිය සතියේත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා   කොළඹ ස්ථාන තුනකදී පැවැත්වී ඇතැයි  රජයේ බුද්ධි අංශ ආරංචිමාර්ගවලින් පැවසේ.

එම පෙරළිකාර කණ්ඩායම  විපක්ෂයේ ප්‍රධාන දේශපාලන කණ්ඩායම් සමගමද    සාකච්ඡා දැනටමත්  ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.

සිය බහුතරය  කතානායකවරයාට ලිඛිතව පෙන්වා  ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට පෙරළිකාර  කණ්ඩායම අපේක්ෂාවෙන් සිටින බව  පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින්  පැවසේ.

පෙරළිකාර කණ්ඩායමේ සාකච්ඡා සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා බුද්ධි අංශ කණ්ඩායම් රැසක්  යොදවා සිටින අතර එම නිලධාරීන්  දිවා රෑ නොබලා ඒ කටයුතුවල නියැලී සිටින බව වාර්තා වේ.

රාජ්‍ය බුද්ධි සේවය  සහ  බස්නාහිර පළාත් ( බුද්ධි ) මේ සඳහා ක්‍රියාත්මක වී සිටින බුද්ධි කණ්ඩායම් වේ.



අදහස් (7)

පාර්ලිමේන්තුව කල්තබන සූදානමක් ?

ravin Saturday, 02 April 2022 12:41 PM

මොකටද කල්තබලා විතරක්...? යටින් ගාණක් දුන්නාම වැඩේ ගොඩ. කොන්දක්, මොලයක් තියන අය ඉන්නවා නම් පමණක් කල්තැබිය යුතුයි.

:       1       41

Prabha Saturday, 02 April 2022 01:00 PM

පවුලේ තුන් හතර දෙනානම් තීරණ ගන්නේ ඕක ඇරලා තිබුණත් එකයි, වහලා තිබුණත් එකයි..!

:       2       54

Nissanka Saturday, 02 April 2022 01:11 PM

අනුර දිසානායක මහතා කියන දේ හරි. මේ ආණ්ඩුවට මිනිස්සුන්ගේ ප්‍රශ්න විසඳන්න වුවමනාවක් නෑ. මිනිස්සුන්ගේ දුක ගැන සංවේදී කමක් නෑ. තමන්ගේ බලය රැකගන්න විදිහ තමයි හිතන්නේ...

:       5       73

Shan Saturday, 02 April 2022 02:06 PM

නායකයෝ ලේ වැගිරීමක් නැතිව යන්න කැමැති නෑ වගේ...

:       3       50

සරසිSunday, 03 April 2022 12:43 AM

ඒ තරම් පෙරේතයි. එදාම අස් උනා නම් මිනිස්සු ගේ අනුකම්පාව ලැබෙන්න තිබුනා

:       0       0

de silva Saturday, 02 April 2022 02:18 PM

මේ ඔක්කොම යාළුවෝ මල්ලි, ඔක්කොම හොරු,... කවුරුවත් විශ්වාස කරන්න බැහැ. ජාතික ආණ්ඩු අවශ්‍ය නැහැ.

:       3       31

Willow Drive Saturday, 02 April 2022 04:51 PM

මණ්ඩලය කචල්....!

:       1       20

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 373 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 533 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 223 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site