මෙරට වේදිකාවේ වෙනසක් ඇති කළ "ඊඩිපස්", "තටු ඇවිත්", "අද වගේ දවසක", "ඇන්ටිගනී", "විසේකාරියෝ" වැනි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයා වෙත සමීප කළ කැලණිය විශ්වවිද්‍යාලයේ නාට්‍ය හා රංග කලා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප‍්‍රියංකර රත්නායකගේ නවතම වේදිකා නිර්මාණය වන "පේ‍්‍රමවන්ත කුමාරයෝ" මේ මස 23දා සවස 6.30ට ලයනල් වෙන්ඩ්ට් රංග ශාලාවේදී වේදිකාගත වීමට නියමිතය.
විලියම් ශේක්ස්පියර් නමැති මහා නාට්‍යකරුවාගේ A MIDSUMMER NIGHT’S DREAM නාට්‍යයේ ජයවතී ජයසිංහගේ සිංහල පරිවර්තනය ඇසුරින් "පේ‍්‍රමවන්ත කුමාරයෝ" වේදිකා නාට්‍යය නිෂ්පාදනය කර ඇත.
ශිෂ්‍ය නිෂ්පාදනයක් ලෙස ආරම්භ කළ "ප්‍රේමවන්ත කුමාරයෝ" මහජන දැක්ම දක්වා පැමිණියේ කොහොමද?
විශ්වවිද්‍යාලයේ ශිෂ්‍ය නිෂ්පාදනයක් ලෙස ආරම්භ කළ "ප්‍රේමවන්ත කුමාරයෝ" නාට්‍ය ඊට වඩා එහා ගිය වෘත්තිමය මට්ටමක් තිබෙනවා කියලා අපි දුටුවා. ඒ මොකද මෙම නාට්‍ය ප්‍රේක්ෂකයා අනිවාර්යෙන් බැලිය යුතු නාට්‍යයක්. අපේ රටේ මෑත යුගයේ හාස්‍ය‘යෝත්පාදන නාට්‍යය ලෙස දැක්වෙන නාට්‍ය බොහෝමයක් ඒ ගණයට අයත් වෙන්නේ නැහැ. ඒවා බොහෝමයක් විකට නාට්‍යය.
නමුත්, "ප්‍රේමවන්ත කුමාරයෝ" නාට්‍ය තුළ ප්‍රේක්ෂකයන්ට විඳින්නට පුළුවන් ගැඹුරු හාස්‍ය රසයක් තිබෙනවා?
නාට්‍ය‘යේ ප්‍රධාන තේමාව වන්නේ ප්‍රේමයයි. සමාජ ප්‍රශ්න හමුවේ ප්‍රේමය කොහොමද හැසිරෙන්නේ කියන කාරණය බොහෝම පැහැදිලිව මේ තුළ කතා කරනවා. මේ දේවල් ප්‍රේක්ෂකයා සමග බෙදහදා ගැනීමේ අරමුණින් තමයි මෙය වෘත්තීය මට්ටමේ නාට්‍යයක් බවට පත් කළේ. ටික කාලයක පටන් සමාජය තුළ තිබෙන මතයක් තමයි උසස් නාට්‍යය සාමාන්‍ය ජනයාට රසවිඳින්න බැහැ කියන මතය. ඒ නාට්‍යය රසවිඳින්න ඉගෙන ගත යුතුයි.
දැනුමක් ඇති අයට පමණයි ඒවා රසවිදීමට පුළුවන් කියලා මතයක් සමාජය තුළ ඇති කර තිබෙනවා. නමුත් අපිට මේ නාට්‍යය මගින් වැටහුණ දෙයක් තමයි එහෙම කතාවක් නැහැ කියන එක. විලියම් ශේක්ස්පියර් පිළිබඳව ජීවිතයේ කිසිම දිනක අසා නැති කෙනෙකුට වුවත් ශේක්ස්පියර් රසවිඳින්න පුළුවන්.
එහිදී වැදගත් වෙන්නේ ශේක්ස්පියර් නෙවෙයි. ඔහු කතා කරන මාතෘකාවයි. ශේක්ස්පියර් නාට්‍ය රචනා කර තිබෙන්නෙ වාණිජ අරමුණකින්. වැඩි ප්‍රේක්ෂකයෝ පිරිසක් ගෙන්වා ගැනීමේ අරමුණ ඇතිවයි ඔහු ඒ දේවල් සිදුකර තිබෙන්නේ. නමුත් වැදගත් දේ තමයි ඒ සියලු දේ නාට්‍යයට අදාළ වන ආකාරයට ඇතුළත් කර තිබීම. ඒ නිසාම තමයි අපි මේ නාට්‍ය රඟ දක්වන්න තීරණය කළේ.
මොකද ලංකාවෙ ප්‍රේක්ෂකාගාරයට මේ හරහා සැබෑ ලෙසම අවබෝධයක් ගැනීමට හැකියාව ලැබෙනවා.
නාට්‍ය‘යේ සමකාලීන බව පිළිබඳව කතා කළොත්?
ශේක්ස්පියර් නාට්‍ය තුළ තිබෙන විශේෂත්වය තමයි මේ නාට්‍ය සමකාලීන වීම. ලෝක සිනමාවට වැඩි වශයෙන්ම බලපෑ නාට්‍යකරුවා තමයි ශේක්ස්පියර් කියන්නෙ. ඒ වගේම ඔහුගේ නාට්‍යය ලෝකයේ ඕනෑම රටකට, ඕනෑම මාධ්‍යයකට නිරන්තරයෙන් අනුවර්තනය වීමේ හැකියාව තිබෙනවා. ඒ නිසාම "ප්‍රේමවන්ත කුමාරයෝ" නාට්‍යය අපේ සමාජයට අවශ්‍ය ආකාරයට පරිවර්තනය කරගැනීමට ඉඩ තිබුණා. අපි ඒ දේ සිදුකළා.
මේ තුළ ප්‍රේමය සහ ප්‍රේමයට බලපාන දේශපාලනය ආදී කරුණු අපේ සමාජයට ගැළපෙන අයුරින් සකස් කර තිබෙනවා. කොහොම වුණත් ඒ වෙනස්වීම් සියල්ල අපේ ප්‍රේක්ෂකයෝ බොහොම ආස්වාදයෙන් යුතුව වැලඳගෙන තිබෙනවා.
විකට නාට්‍ය රැසක් අතර හාස්‍ය දනවන නාට්‍යයක් ජනගත කිරීම අභියෝගයක් වුණාද?
සරල හාස්‍ය නාට්‍ය සඳහා හුරුවෙලා ඉන්න සමාජයක එය අභියෝගයක් තමයි. මොකද සිනහව කියන්නේ ජීවිතය අවබෝධ කරගන්න තිබෙන මාවතක් කියලා අපේ සමාජය විශ්වාස කරන්නෙ නැහැ. ඔවුන් හිතන්නේ සිනහව කියන්නේ ජීවිතයේ ප්‍රශ්න අමතක කරන්නට තිබෙන කාරණයක් කියලයි. නමුත් සිනහව කියලා කියන්නේ ජීවිතය පිළිබඳ අවබෝධය ඇතිකරලා ජිවත්වීමට පහසුව ඇති කරවන මාර්ගයක්.
ඒ වගේ කොමඩි නාට්‍ය තමයි බොහෝ කාලයක් පවතින්නේ. නමුත් අද අපි හිනාවෙවි බලන නාට්‍යය තුළ හිනාවුණේ මොකටද කියලා නාට්‍යය ඉවරවෙද්දි අමතකයි. එවැනි තත්ත්වයක් තමයි තියෙන්නෙ.
මෙරට නාට්‍යය කලාව යහපත් කිරීමට වෙනස්විය යුතු යැයි ඔබ යෝජනා කරන්නේ මොනවාද?
විකට නාට්‍ය රැල්ලක් විසින් විශාල ප්‍රේක්ෂකාගාරයක් ඇති කළා. නමුත්, ඒ ප්‍රේක්ෂකාගාරය හොඳ නාට්‍යය බලන්න තවම යොමුවෙලා නැහැ. විකට නාට්‍යය බලන අය කොමඩි නාට්‍යය බලන්න එන්නෙ නැහැ. ඔවුන් මේ දෙකේ වෙනස දන්නෙ නැහැ. නමුත් අපි කවුරුවත් ඒක පහදලා දීලත් නැහැ. ඒ නිසාම විකට නාට්‍යය රැල්ල සිදුකළ බලපෑම් උසස් නාට්‍යය සඳහා බලපාල නැහැ. මේ තත්ත්වය ඉක්මනින්ම වෙනස් වෙන්න අවශ්‍යයි කියලයි මම හිතන්නේ.
නාට්‍යයට සම්බන්ධ වන රංගන ශිල්පීන් පිළිබඳව කතා කළොත්?
අපේ විශ්වවිද්‍යාලයේ නාට්‍යය හා රංග කලාව හදාරන සිසුන් පිරිසක් මේ සඳහා දායක වෙනවා. ඒ වගේම විශ්වවිද්‍යාලයක නාට්‍යය හා රංග කලාව හදාරන, උපාධියක් ලබාගෙන විවිධ අංශ තුළ කටයුතු කරන පිරිසකුත් මේ සඳහා සම්බන්ධ වී තිබෙනවා. ඒ වගේම අපි සමග වැඩ කරන්නට කැමති පිරිසක් සිටිනවානම් ඔවුන්ට සම්බන්ධ වෙන්න පුළුවන්. නමුත්, නාට්‍යය කලාව පිළිබඳ ඔවුන්ට අවබෝධයක් තිබීම අවශ්‍යයි.
චාමර සම්පත්
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
'ප්‍රේමවන්ත කුමාරයෝ' තුළ විඳින්නට පුළුවන් ගැඹුරු හාස්‍ය රසයක් තිබෙනවා?