IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ප්‍රමිතියක් නැත්නම් ප්ලාස්ටික් බෝතලය විසිවේ

පානීය ජලය ඇසුරුම් කරන ප්ලාස්ටික් බෝතල් සඳහා ප්‍රමිති සහතිකය ලබා ගැනීම සැප්තැම්බර් මස 01 දා සිට අනිවාර්ය කරන බවත් ප්‍රමිති සහතික නොමැති බෝතල්වල අසුරා ජලය විකුණන්නේ නම් ඊට එරෙහිව නීතිමය පියවර ගන්නා බවත් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසයි.

බෝතල් වර්ග කිහිපයක් නිසි ප්‍රමිතියෙන් තොර බව අමාත්‍යාංශය විසින් කරන ලද වැටලීම්වල දී අනාවරණය වී ඇති බවයි.

පාරිභෝගික අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතා කියා සිටියේ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12(2) වගන්තිය අනුව ඇසුරුම් කළ පානීය ජල බෝතල් නිෂ්පාදකයින්, බෙදාහරින්නන් හා වෙළෙඳුන් විසින් පොලිමර් ද්‍රව්‍යෙය්න සාදනු ලබන ජල බෝතල් එස්.එල්.එස්. ප්‍රමිති සහතිකය දරන්නේ නම් මිස එම බෝතල්වල පානීය ජලය ඇසීරීම, බෙදා හැරීම, ප්‍රවාහනය, ගබඩාකිරීම සහ විකිණීම සපුරා තහනම් කරමින් 2015 ජුනි මස 11 වැනි දින ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බවයි. එම නිවේදනය 2016 සැප්තැම්බර් මස 01 දින සිට බලපැවැත්වෙන බවත් තිලකරත්න මහතා කියයි.

පාරිභෝගික අධිකාරිය පවසන්නේ පානීය ජල ඇසුරුම් සඳහා නිෂ්පාදනය කරනු ලබන බෝතල් සඳහා ප්‍රතිචක්‍රීකරණය කළ අමුද්‍රව්‍ය අනුමත ප්‍රමාණය ඉක්මවා යොදා ගැනීමෙත් නිසි සැළකිල්ලකින් තොරව එම නිෂ්පාදන සිදු කිරීමත් නිසා මෙවැනි බෝතල්වල ප්‍රමිතිය පිළිබඳ ගැටලු ඇතිවී තිබෙන බවයි. සෞඛ්‍ය ආරක්ෂිත ජලය පානය සඳහා පාරිභෝගිකයන්ට ඇති අයිතිය තහවුරු කිරීම සදහා මේ තීරණය ගෙන ඇති බවත් එම නීතිය කඩකරන නිෂ්පාදන සමාගම් හා ආයතනවලට එරෙහිව නීතිය ක්‍රියාත්ක කරන බවත් පාරිභෝගික අධිකාරියේ සභාපතිවරයා සඳහන් කරයි.



අදහස් (0)

ප්‍රමිතියක් නැත්නම් ප්ලාස්ටික් බෝතලය විසිවේ

හේවා Friday, 19 August 2016 06:25 PM

බෝතලයේ ප්‍රමිති සහතිකයට කලින් වතුර වලට සහතිකයක් නිකුත් කරන්න (නි)

:       0       0

චමි Saturday, 20 August 2016 05:49 PM

අනේ මම මේ නිතිය දාන්න කලින් අපේ කඩේට බෝතල් කේස් 20ක් ගත්ත.එකකටවත් එස්.එල්.එස් නෑ.දැන් බැලුවේ.මට දැන් ඒවගෙන් නාන්න තමයි වෙන්නේ.(රේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 390 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 548 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site