IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


පරණ කොටි කටට ‘අපිකා‘ ඉල්ලයි

අතුරුදන්වූවන් පිළිබඳ සොයා බලන කාර්යාලය (අපිකා) කිලිනොච්චිය හෝ මුලතිව් දිස්ත‍්‍රික්කයේ පිහිටවන ලෙස ඉල්ලා යුද සමයේ උතුරේ අතුරුදන්වූවන්ගේ ඥාතීහු පිරිසක් කිලිනොච්චිය නගරයේ පාගමනක නිරත වූහ.

අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු සොයැබැලීම සඳහා පාර්ලිමේන්තුවේ පනත් සම්මත කොට පිහිටුවීමට සූදානම්වන කාර්යාලය කොළඹ ප‍්‍රදේශයේ ස්ථාපිත කළහොත් උතුරේ අතුරුදන්වූ ජනතාවට කිසිදු සහනයක් බලාපොරොත්තුවීමට නොහැකි බවත්  ඔවූහු කියති.

පාගමනේ නිරතවූවන් යුද සමයේ අතුරුදන් තම ඥාතීන්ගේ ඡායාරූප ප‍්‍රදර්ශනය කරමින් පාගමනේ නිරතවූහ.

යුදසමයේ අතුරුදන්වූවන් වැඩි වශයෙන් උතුරේ සිටන අතර ඔවුන් පිළිබඳ සොයා බැලීමට නම් එම කාර්යාලය උතුරේ ස්ථාපිත කළ යුතු බවත් රජය මේ පිළිබඳ අවධානයක් යොමු කොට ක‍්‍රියා කරනු ඇතැයි ද කීය.

ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා සහ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වෙත බාර දීම සඳහා සංදේශයක් දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රි එස්.ශ‍්‍රී දරන් මහතාගේ කාර්යාලයට  බාර දුන්හ.

(1) (2) (3) (4) (5) (6)



අදහස් (0)

පරණ කොටි කටට ‘අපිකා‘ ඉල්ලයි

රූපසිංහ Friday, 19 August 2016 11:41 AM

එතකොට කොටි විසින් බලහත්කාරයෙන් යුද්ධ කිරීමට යැවීමට සහ බදු මුදල් නොදුන්නාට කියා උස්සාගෙන ගිය දමිළ සිවිල් වැසියන් වැටෙන්නේ අතුරුදහන්වූවන් කියා කාගේ ගිණුමටද? (නි)

:       0       0

රෝසි Friday, 19 August 2016 11:48 AM

මේවාට මොනවා කියන්නද කියලා මට නම් තේරෙන්නේ නැහැ (නි)

:       0       0

ලලිත් Friday, 19 August 2016 11:51 AM

හොර නම් වලට පාස්පෝට් අරගෙන රට ගිය කට්ටිය ගැනත් හොයන්න කාර්යාලයක් දැම්මොත් හොඳ නැද්ද? (නි)

:       0       0

පීරිස් Saturday, 20 August 2016 04:34 AM

අතුරුදහන් වුවන් උතුරේ පමණක් නොවෙයි දකුණේත් ඉන්නවා. ඒකාලේ පොලීසියේ , හමුදාවේ ය අල්ලන් ගිහින් වද ‘දීල හන්ගන් ඉඳල , ලේ ටික අරන් මරල , අපේ අතුරුදහන් වුන අය හොයන්න් පුල්වන්ද? (රේ)

:       0       0

නිපුන Saturday, 20 August 2016 07:09 AM

ඇයි කොටි කරපු මිලේච ක්‍රිය සොයන්න වෙනම කාර්යාන්ශයක් පිහිටිවනැතෙ, යුදෙන් පස්සෙ උතුරෙ තිබිල එල්.ටී.ටී.ඊ එකේ ලිපිගොනු ෆයිල්ස් ගොඩාක් අත්,අඩංගුවට ගත නේද?(රේ)

:       0       0

ඉසුරන්දි Sunday, 21 August 2016 06:53 AM

දුක වේදනාව කාටත් දැනෙනවා අපිට නොදැනුනාට. එහෙමයි කියලා එක පාර්ශවයකට පමණක් මෙම ඉල්ලීම් සිමාවුවහොත් අනෙක් පාර්ශවයන්ට එයින් වෙන්නේ ලොකු අසාධාරණයක්. (නි)

:       0       0

වසන්ත Friday, 19 August 2016 07:07 AM

ඕක පිහිටවන්න ඕනෑ රට මැද. රණවිරුවන් සහ සිංහල මිනිස්සු අතුරුදහන් වුණ ඒවා කව්ද හොයන්නේ? (නි)

:       0       0

නුවන් Friday, 19 August 2016 07:25 AM

ඔතනින් බාගයක් පිටරටවල ඇති. අනිත් බාගේ කොටි ත්‍රස්තවාදී විදිහට යුද්ධ කරන්න විත් මැරුම් කෑ අය නොවේද? (නි)

:       0       0

බුද්ධික Monday, 22 August 2016 12:38 PM

ඉන්නකෝ බලාගෙන.(හේ)

:       0       0

සඳුන් Friday, 19 August 2016 07:44 AM

තේරුනේ දැන් තමයි. (බ)

:       0       0

නීල් Sunday, 21 August 2016 07:45 AM

අනේ අපි දන්නෙ නැහැ මොනවා කියන්නද කියලා (නි)

:       0       0

රුවන් Friday, 19 August 2016 07:48 AM

සූ ගාලා සෙනග...(බ)

:       0       0

චන්න බුවනක Friday, 19 August 2016 08:54 AM

1971 සිට මේ දක්වා සැම තරාතිරමකම අයගේ ජීවිත අහිමිවීම් වලට කවුරු කවුරුත් වගකිව යුතුයි. එ්ක සිංහලද , දෙමළද, මුස්ලිම්ද කියන එක නොවෙයි ප්‍රශ්නය. නමුත් මේ අතුරුදහන්වීම් පිළිබඳව එ්ක පාර්ශවීයව පරීක්ෂණ කරන්නේ නම් එය බරපතල වැරැද්දක්. (නි)

:       0       0

සම්පත් පතිරණ Friday, 19 August 2016 08:58 AM

ඔබට සතුටුයිද දැන්? (නි)

:       0       0

කුමාර Friday, 19 August 2016 09:23 AM

කොහොමත් ඒක තමයි වෙන්නේ. (හේ)

:       0       0

ඇසළ Friday, 19 August 2016 09:20 AM

රට පාලනය කරන දෙන්නගේ කන්තෝරු දෙකත් ඔය පැත්තටම ගන්න. (අ)

:       0       0

ප්‍රදීප් Friday, 19 August 2016 09:02 PM

මෙයාලා අතුරුදන් කිවුවට වෙනත් රටවල වැඩි දෙනෙක් ඉන්නවා. තව කොටසක් සයනයිඩ් කරල් එල්ලාගෙන බෝම්බ පුපුරවාගත්තා. (නි)

:       0       0

රුචිර Friday, 19 August 2016 09:37 AM

මේ අතුරුදහන් වෙලා තියෙන්නේ සිල්ගත්ත අහිංසක උපාසකයෝ වෙන්න ඇති.(හේ)

:       0       0

අසංක Friday, 19 August 2016 09:43 AM

මේ අතුරුදහන් වෙලා ඉන්නේ හරිම අහිංසක අය. එම නිසා කොහොම හරි එයාලව හොයල දෙන්න. (අ)

:       0       0

ඉන්දු Friday, 19 August 2016 10:47 PM

ධම්ම හරි. එයාලා ඉල්ලන එක එයාලට ලැබෙයි (නි)

:       0       0

ධම්ම Friday, 19 August 2016 10:06 AM

අපි ඒක එහෙ තමයි පිහිටුවන්නේ. 71 හා 88-89 එක පිහිටුවන්නේ කොළඹ. (අ)

:       0       0

අමාලි Friday, 19 August 2016 10:16 AM

අසල ඔබට මගේ ප්‍රණාමය. මේ යන විදියට මේ ඉල්ලීමත් දෝතින් පුදලා දෙයි මේ රට පාලනය කරන කට්ටිය. (හේ)

:       0       0

ගයාන් Friday, 19 August 2016 10:22 AM

දැන් කොහොමද අතුරුදන් වූ අය ගැන හොයන්නේ.(හේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 392 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 549 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site