(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
රටේ පසුගිය දිනවල ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලින් පොදු සහ පෞද්ගලික දේපළවලට සිදුවූ අලාභය සම්බන්ධයෙන් සභාව කල්තබන අවස්ථාවේ විවාදය හෙට (20) දිනයේද පැවැත්වීමට තීරණය කළ බව සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද (19) පැවසීය.
මේ අනුව ඒ කාරණය විවාදයට ගන්නා දින ගණන හතරක් දක්වා ඉහළ යනු ඇත.
රටේ පසුගිය දිනවල ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන්වූ විවාදය පාර්ලිමේන්තුවේදී පසුගිය 17 වැනිදා, ඊයේ (18) සහ අද (19) පැවැත්විණ.
ප්‍රචණ්ඩකාරීන් අතින් නිට්ටඹුව ප්‍රදේශයේදී ඝාතනය කෙරුණු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා වෙනුවෙන් ශෝකය පළකිරීමේ යෝජනාව අද(20) දිනයේ විවාදයට ගැනීමට නියමිතව තිබුණත් එය කල් ගියේය.
පසුගිය දිනවල ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අද දිනයේද විවාද කළ යුතු බව මන්ත්‍රීවරුන් ගණනාවක් ඉල්ලීම් කර ඇති හෙයින් එම පියවර ගත් බවද සභානායකවරයා කීවේය.
මේ අතර ඝාතනය කෙරුණු අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා වෙනුවෙන් අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ ශෝක යෝජනා විවාදයට යම් යම් ප්‍රශ්න නිසා සහභාගිවීමට නොහැකි වන බව ඒ මහතාගේ පවුලේ ඥාතීන් ප්‍රකාශ කර ඇතැයි දැනගන්නට ඇත
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
ප්‍රචන්ඩ ක්‍රියා ගැන විවාදය හෙට :ශෝක යෝජනා විවාදය කල් යයි
de silva Thursday, 19 May 2022 07:35 PM
ප්‍රචණ්ඩ ක්‍රියා ගැන වාද විවාද කළා හොඳටම ඇති. දැන් තෙල්, ගෑස් සහ බෙහෙත් ප්‍රශ්නවලට විසඳුමක් දෙන්න. එහෙම කරන්න බැරි වුණොත් කුපිත වෙන ජනතාව කුමකි කරාවිද කියලා කියලා බැහැ. තෙල්, ගෑස්, බෙහෙත් ප්‍රශ්නවලට විසඳුම් නොමැතිනම් කරුණාකර ගෝඨාභය සමග ගෙදර යන්න.