IMG-LOGO

පිය නිවස බලන්න දරුවෝ එති

බදුලු දිසාවේ 1965/66 සිටි දිසාපති  මැල්කම් අබේරත්න මහතාගේ නිළ නිවස බැලීමට ඔහුගේ දූ පුතුන් වන කුමුදුනී,රොහාන් හා අනිල්  විසි හත් වසරකට පසු ඕස්ට්‍රේලියාවේ සිට බදුල්ලට ආහ.

එම නිවස ඌව මහ ඇමැති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ වත්මන් නිළ නිවසයි.

 



අදහස් (0)

පිය නිවස බලන්න දරුවෝ එති

මානගේ Tuesday, 01 April 2014 08:21 PM

හරිම ලස්සන නිවසක් (නි)

:       0       0

මහේෂ් Tuesday, 01 April 2014 09:43 PM

මොකක්ද මේකේ විශේෂත්වේ. (දී)

:       0       0

මලිත් Tuesday, 01 April 2014 09:44 PM

අපේ ගෙටත් අවුරුදු 100 යකට කිට්ටු වෙන්න යනවා (දී)

:       0       0

ජීවනී Tuesday, 01 April 2014 10:47 PM

සුන්දර නිවහනක් (දී)

:       0       0

සෙනෙවි Tuesday, 01 April 2014 10:53 PM

මමත් 1953 - 1963 දක්වා බදුල්ලේ ධ‍ර්මදූතේ ඉගෙන ගත්තා .අපේ තාත්තා ඒ කාලෙ දිසාපති කාර්‍යාලයෙ ලිපිකරුවෙක් .ඒ කාලේ ටොකු ගස් රාශියක් බදුල්ල මල් වත්තෙ තිබුනා .අපි යාළුවන්ගෙ ඔලු වලට මේ ටොකු ගඩි වලින් ගහපු හැටි තවම මතකයි .කච්චෙරියට ඇතුළුවන තැන විශාල චෙරි ගසක් තිබුනා .ඒකෙ ගෙඩි කන්න අපි නිතර එහි යනවා . … (දී)

:       0       0

අජන්ත Tuesday, 01 April 2014 11:12 PM

මමනම් බදුල්ලේ නෙවේ ,ටොකු ගස් ගැන දන්නෙත් නැහැ . හැබැයි අපි ස්කොලේ යන කලේ හැමදාම ටොකු ...පන්තියෙත් ටොකු...ගෙදර ආවත් ටොකු.. ඒකාලේ හෙල්මට් තිබුනෙත් නැහැනේ අපේ අවාසනාවට...... (දී)

:       0       0

සේන Tuesday, 01 April 2014 03:13 PM

මොකද ලොකු ලොක්කොයි එයාලට සම්බන්ධ උදවියි අපේ රට දාල යන්නේ? මම හිතන්නේ අපිව ගොනාට අන්දවා ගෙන අපේ රට විනශ කරනවා. (ස)

:       0       0

සුනෙත් Wednesday, 02 April 2014 12:51 AM

මේ ලිපියේ හා මේ පින්තුර වලින් අපිට නොපෙනෙන දෙයක් මට නම් පේනවා සුද්දගේ කාලේ අධිරාජ්‍යවාදී කිරීටයේ ඒකාධිකාරය (දී)

:       0       0

අවන්ති Wednesday, 02 April 2014 02:08 AM

මේවා ආණ්ඩුවට පවරා ගත්තේ කොයි කාලේද (දී)

:       0       0

අරෝෂ Wednesday, 02 April 2014 02:08 AM

මේ වගේ පෞරාණික තැන් ලංකාවේ කොයිතරන් ඇතිද (දී)

:       0       0

දුශාන් Wednesday, 02 April 2014 04:05 AM

ඒ ළමයිනුත් ආස ඇතියේ තාත්තාගේ ගේ බලන්න (දී)

:       0       0

නිහාල් Tuesday, 01 April 2014 05:06 PM

අද අප ජීවත් වන්නේ ගෝලීය ලෝකයක සේන. (නි)

:       0       0

චුල ඒකනායක Tuesday, 01 April 2014 05:21 PM

1965දී මමත් හිටියේ බදුල්ලේ. ඒ කාලේ මේ වත්ත ගස් වැල් වලින් පිරුන විශාල ලස්සන ඉඩමක්.ඒකට අපේ පියා කිව්වේ "ඒජන්ත බංගලාව" කියලා. මේ වත්තේ තිබුනා ගහක්, ඒකේ ගෙඩි වලට අපි කිව්වේ "ටොකු ගෙඩි" කියලා. ඒක ලංකාවේ දුර්ලභ ගහක් කියලා මගේ අදහසයි. මේ ගහ දැන් ඇති බවක් නොපෙනේ. බදුල්ල ලස්සන වගේම සෞම්‍ය දේශගුණයක් ඇති නගරයක් (නි)

:       0       0

රාජුන් Wednesday, 02 April 2014 06:31 AM

දැන් ඉතින් මේ දුප්පත් අපෙන් කෙරෙන්න ඕනෑ මොනවද මේ සම්බන්ධයෙන්? (නි)

:       0       0

ගීත් Tuesday, 01 April 2014 06:13 PM

දරුවන්ට බොහොම සතුටු ඇති. (නි)

:       0       0

නයනා Wednesday, 02 April 2014 10:13 PM

මේක දැකලා හරිම සතුටු හිතෙන්න ඇති (දී)

:       0       0

මලී Tuesday, 01 April 2014 06:46 PM

දැන් ඉතින් අපෙන් ම‍ොනවද වෙන්න ඕනෑ? (නි)

:       0       0

සුභාෂිනී විල්ෆර් Tuesday, 01 April 2014 06:56 PM

චුලා, ඒ වගේ ටොකු ගහක් පේරාදෙනියේ මල්වත්තේ තිබුනා 1998 දි. ඒක නම් දැන් ඇති තාම.(නදී)

:       0       0

හිල්මි සමදරා Wednesday, 02 April 2014 09:16 AM

රාජුන්, මලී, සේන සමග මාත් ඉන්නේ එකම බෝට්ටුවේ. නමුත් සංජු කියන කතාව මට තේරෙන්නේ නැහැ මෙතන කිසිම සඳහනක් නැහැ මේ අය බුද්දිමත් මිනිස්සු කියලා. (නදී)

:       0       0

කල්ප Tuesday, 01 April 2014 07:07 PM

චුල ඒකනායකගේ කතාව බැලුවම මට රත්නපුර දිසාපති මැදුර මතක් වුනා. කෞතුකාගාරය ලඟත් ටොකුගහක් තිබුනා. 2012 වසරේ එම ගහත් කපල දැම්මා. ඒජන්ත බංගලා හදද්දී එම ගස් හිටවන්න ඇති දුර්ලබ ගහක් කියල මමත් හිතනවා.(නදී)

:       0       0

අසෝකා Tuesday, 01 April 2014 07:13 PM

අවුරුදු 27 යනකම් දෙමව්පියන් බලන්න ඇවිල්ල නැද්ද? පුදුමයි! (නදී) .

:       0       0

කින් බෙනට් Tuesday, 01 April 2014 07:25 PM

පවු! ඒ දරුවෝ ඕස්ට්‍රේලියාවේම ඉඳලා වයසට ගිහින් වගේ මට නම් පෙනෙන්නේ. ලංකාවේ ලොකු ලොක්කන්ගේ දරුවෝ ඔක්කොම දෙනාට වගේ වෙන්නේත් ඔය ටික තමයි (නි)

:       0       0

සංජු Tuesday, 01 April 2014 07:27 PM

අපේ රටේ බුද්දිමත් මිනිස්සු දියුනු රටවලින් අරන් කියන එක තමයි ඕකේ තේරුම.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 625 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 352 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 494 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site