(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ සුමිත් පොතුපිටිය)
පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයක වැසිකිළි වළක තිබී සොයාගත් කාන්තා මළ සිරුර සම්බන්ධයෙන් වැදගත් හෝඩුවා රැසක් මේ වන විට ලැබී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
කටුනායක ප්‍රදේශයේ නේවාසිකාගාරයක නැවතී සිටි එම කාන්තාව කඩවත ප්‍රදේශයේ සමාජ ශාලාවක සේවයට පැමිණ දිනක් පමණ වන බව එහි හිමිකරුගෙන් අනාවරණය වූ බව එම නිලධාරියා කීය.
මෙම කාන්තාව ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වන 26 හැවිරිදි දෙදරු මවක බවට තොරතුරු ලැබී ඇතැයි එම නිලධාරියා කීය.
කාන්තාවගේ අබිරහස් මරණය සම්බන්ධයෙන් ඉකුත් 28 වැනිදා රාත්‍රී විද්‍යුත් මාධ්‍යයක ප්‍රචාරය වන දුටු ඇයගේ මිතුරකු පොලීසියට පැමිණ ඇය පිළිබඳ වැදගත් හෝඩුවා රැසක් ලබාදුන් බව එම නිලධාරියා කීය.
එම කාන්තාව පානදුර පින්වත්ත නිවාඩු නිකේතනයේ කාමරයේ ගත කරන අතරවාරයේදී ගීතයකට අනුකූලව මුව විවර කරමින් එම ගීතය ගායනා කරන අයුරින් සිදු කරන ලද නිරූපණයක් දැක්වෙන වීඩියෝවක් ටික්ටොක් ඇප් එකක් හරහා ඇයගේ මිතුරා වන එම පුද්ගලයා වෙත ලැබී තිබියදී පොලීසිය වෙත ඉදිරිපත් කර තිබූ බව එම උසස් පොලිස් නිලධාරියා කීය.
කාන්තාව ඉකුත් 26 වැනිදා නිවාඩු නිකේතනයේ කාමරයේ විදුලි පංකාවේ ගෙල වැලලාගෙන සිටි බවට අත්අඩංගුවේ පසුවන සැකකරුවකු ප්‍රකාශ කළ ද අනෙක් සැකකරුගෙන් එවැනි තොරතුරක් අනාවරණය නොවන බවත් පොලීසිය සඳහන් කරයි.
අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින නිවාඩු නිකේතනයේ කළමනාකරු ඇතුළු තිදෙනා අතර නිවාඩු නිකේතනයට සම්බන්ධ නොමැති කළමනාකරුගේ හිතවතකු වන පිටස්තර පුද්ගලයකු ද සිටින බවත්, එම පුද්ගලයා තොටළඟ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරමක් හේතුවෙන් සිදු වූ වෙඩි තැබීමක් සම්බන්ධයෙන් ද පොලීසිය අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටින පුද්ගලයකු ද වන බවත් පොලිස් ආරංචිමාර්ග පවසයි.
මෙකී කාන්තාවට අයත් අත් බෑගය සැකකරුවන් නිවාඩු නිකේතනයට අයත් වෙරළ ආසන්නයේ පිහිටා තිබෙන ස්ථානයක පුළුස්සා තිබූ හෙයින්, ඇයගේ නිත්‍ය තොරතුරු අනාවරණය කරගැනීමට දැඩි බාධාවක් වී ඇතැයි උසස් පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවැසීය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පින්වත්ත හෝටලයේ මරා දැමූ තරුණිය කාගේ කවුද