දෙවසරකට පෙර පුත්තලම පොලිස් අධිකාරි කාර්යාලයේ අලුත්වැඩියා කටයුතු කොන්ත්‍රාත්කරුවකු මගින් සිදුකරන බව පවසා ව්‍යාජ බැංකු වාර්තා හා චෙක්පත් ඉදිරිපත් කර පොලිසියේ පිරිසක් සමඟ එම මුදල් බෙදා ගත්තැයි කියන සිද්ධියක් ගැන පරික්ෂණයක් පැවැත්වීමට පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂක මෙවන් ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් කණ්ඩායමක් පත් කර ඇති බව පොලිස්පති පුජිත් ජයසුන්දර මහතා පවසයි.
නවීකරණය කළැයි කියන සමහර ස්ථාන තීන්ත පමණක් ආලේප කර ඇති බව පොලිස් පරික්ෂණ වලින් වාර්තා වෙයි.
මේ සම්බන්ධයෙන් සියළු තොරතුරු අනාවරණය වී ඇති බවත් අදාල පුද්ගලයන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය පවසයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පුත්තලම පොලිසියේ ලොකු හොරයක් අහුවෙයි
බණ්ඩාර කුවේට් Friday, 05 August 2016 04:39 AM
දකුණු ආසියාවේ දුෂිතම තැන් ලංකාවේ පොලීසිය සහ අධ්‍යාපන දෙපාර්තුමේන්තුව. ලැජ්ජයි අපේ රට ගැන. ඉතින් කොහොමද සමාජයක්, පරම්පරාවක් හදන්නේ? පුජිත මහතාණෙනි, මේ ඔබේ අවධානය පිණිසයි (නි)
රොකී Thursday, 04 August 2016 03:00 PM
මේ කට්ටිය කදිමයි ලබන මැතිවරණෙට ඉදිරිපත් කොරන්න.නියම ජාති හිතයිසියෝ!!(රේ)