IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පත්තරෙන් පෙන්වන ජනතා දුක් ගැන හොයන්න ඒකකයක්

(අංජුල මහික වීරරත්න)

ජනතා ගැටලු ගැන මාධ්‍යයේ පළවන පුවත් වල ඇත්ත නැත්ත බලා එම ගැටලු කඩිනමින් විසඳීම සඳහා නව ඒකකයක් ජනාධිපති මාධ්‍ය අංශයේ ස්ථාපිත කෙරිණි.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දෛනික අවධානය යොමු වන ජනතා ගැටළු වලට විසඳුම් ලබා දීම මෙහි මූලික අරමුණයි.

තොරතුරු දැන ගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනය නිමිත්තෙන් ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේ දී මෙම වැඩසටහන පැවැත්විණි.

එහිදී ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මහජන ගැටලු කඩිනමින් විසඳීම අරමුණු කරගත් ‘‘ප්‍රතිචාර" නමැති නව වෙබ් පිටුව( pmd.gov.lk/counter-disinformation-unit ) ද ජනගත කළේය.

වැරදි තොරතුරු ජනගත වීම නතර කොට සත්‍ය‍ ජනගත කිරීම නව ඒකකයේ තවත් අරමුණක් බව ජනාධිපති කාර්යාලය පවසයි. මෙම වැඩසටහනේදී අදහස් දැක්වු ආචාර්ය රංග කලන්සුරිය මහතා සඳහන් කළේ තොරතුරු දැනගැනීමේ පනතින් හදුන්වා දුන් පරිදි රාජ්‍ය තොරතුරු ජනතාව ඉල්ලා සිටීමටත් පෙර ප්‍රසිද්ධ කිරීම මගින් වැරදි තොරතුරු වලින් සමාජයට වන හානිය අවම කළ හැකි බවයි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් සමන් ඒකනායක, රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක,ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ (කර්තෘ මණ්ඩල) ඩී. එම්. පියසේන මහත්වරු ද සහභාගී වූහ.

 



අදහස් (4)

පත්තරෙන් පෙන්වන ජනතා දුක් ගැන හොයන්න ඒකකයක්

සුරංග Thursday, 29 September 2022 05:22 AM

පුවත්පත් වාර්තාව සදහා ඉදිරිපත් කරන පාඨක අදහස් ගැනත් සොයන්න එවිට මඩගැසීම් වගේම වංචා දූෂණ ගැනත් සොයාගන්න පුළුවන් වේවි

:       0       8

senaThursday, 29 September 2022 02:36 PM

ඔය මොකුත් වෙන්නෙ න ැහැ ඔය කරන්න හදන්නෙ ආන්ඩුවෙන් බොරුව ජනගත කිරිම.

:       0       0

සඳුන් Thursday, 29 September 2022 09:50 AM

ජනතා දුක් ගැනවිලි ගැන හොයන්නද එහෙම නැත්නම් තොරතුරු දුන්නෙ කවුද කියල හොයන්නද ඔය හදන්නෙ.

:       2       6

නිමේෂ් Thursday, 29 September 2022 10:04 AM

පිනට අගමැති තනතුර ලැබුණු දා ඉඳන්ම රටේ මිනිසුන්ට බොරු කියන රනිල්ගේ ඔය කමිටු වාර්තාවෙනුත් අන්තිමට එළියට එන්නේ මොන වගේ දෙයක්ද කියලා අපි හොඳට දන්නවා...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 612 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 755 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 318 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site