
(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තුවේ රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවලදී සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන රුපියල් 750 ප්‍රවාහන දීමනාව (Transport Allowance) පාර්ලිමේන්තුවෙන් වාහන ලබාගෙන ඇති සහ වාහන දීමනාවට හිමිකම් කියන ප්‍රධානීන්ද කාලයක සිට ගැනීමෙන් විශාල මුදල් නාස්තියක් සිදුවන බව පාර්ලිමේන්තු සේවකයෝ පෙන්වා දෙති.
පාර්ලිමේන්තු රැස්වීම් සවස 5.30න් පසු පැවැත්වෙන අවස්ථාවල සාමාන්‍ය සේවක සේවිකාවන්ට ඈත දුර බැහැර ප්‍රදේශවලට රාත්‍රී කාලයේදී පෞද්ගලිකවම මුදල් වැය කරමින් ගමන් කිරීමට සිදුවන හෙයින් ඒ වියදම සැලකිල්ලට ගෙන ඔවුනට මෙම ප්‍රවාහන දීමනාව කාලයක සිට මෙසේ ගෙවනු ලබන්නේය.
සාමාන්‍ය සේවක සේවිකාවන්ට මෙම දීමනාව මෙසේ හිමිවී ඇත්තේ වෘත්තීය සමිති කලකට පෙර ගෙන ගිය අරගලයක ප්‍රතිඵලයක් ලෙස යැයි කියති
කෙසේ වෙතත් සාමාන්‍ය සේවක සේවිකාවන්ට හිමිවන එම ප්‍රවාහන දීමනාව පාර්ලිමේන්තුවෙන් වාහන හෝ වාහන දීමනාව භුක්ති විඳින ඉහළ නිලධාරීන්ද කාලයක සිට ලබා ගන්නා බවට සේවකයෝ තවදුරටත් චෝදනා කරති.
මේ කාරණය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විගණන අංශ පවා මෙතෙක් අවධානය යොමුකර කරුණු පෙන්වා නොදීම කණගාටුවට කරුණක් බව අවධාරණය කරන සේවකයෝ මේ මුදල් නාස්තිය පිළිබඳව කතානායකවරයාටද පැමිණිලි කිරීමට සූදානම් වෙති.
මේ අතර නිවාඩු හිලව් දීමනාව(Leave Encashment) සහ විශේෂ දීමනාව (සියයට 70) කප්පාදු කිරීම හේතුවෙන් පාර්ලිමේන්තු සේවකයෝ දැඩි නොසතුටට පත්ව සිටිති.
පාර්ලිමේන්තු සේවකයන් මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටද පසුගියදා පැමිණිලි කර ඇත. මේ පිළිබඳව මාලිමා රජයෙන් යම් සාධාරණ විසඳුමක් ලැබෙනු ඇතැයි සේවකයෝ බලාපොරොත්තුවෙන් පසුවෙති.
නිවාඩු හිලව් දීමනාව පාර්ලිමේන්තු සේවකයන් දීර්ඝ කාලයක සිට භුක්ති විඳි වරප්‍රසාදයකි.
2025 නොවැම්බර් මස 04
743
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2400
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1756
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පොඩ්ඩන්ගේ ගතමනාව ලොක්කොත් අරන්
ravin Saturday, 12 April 2025 11:17 AM
ඔය ලොක්කෝ කියන අයගේ හොරකම් තව තව හෙළි කළොත් පොඩ්ඩන්ගේ දීමනා ගෙවන එක අමාරු වෙන එකක් නෑ...