IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

 
(ඩයනා උදයංගනී) 

ජාතික හෙළ උරුමයේ මහලේකම් ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද(12) සිය ධුරයෙන් මෙන්ම ජාතික හෙළ උරුමයේ පක්ෂ සාමාජිකත්වයෙන් ද ඉවත් විය.   

පාඨලී චම්පික රණවක මහතා සමඟ ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස ක්‍රියාකාරී දේශපාලනයේ නිරත වූ දේශපාලන නියෝජිතයින් කිහිප දෙනෙකු ද ජාතික හෙළ උරුමයෙන් ඉවත්ව ඇත.

ජාතික හෙළ උරුමයේ විශේෂ ජාතික නියෝජිත සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතයේ දී අද (12) පැවති අතර තමන් පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් වන බව මන්ත්‍රීවරයා එහි දී පැවසීය.

දේශපාලන ක්ෂේත්‍රය ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් තුළ මතුව ඇති තත්ත්වය අනුව නව සමාජ බලවේගයක අවශ්‍යතාවයක් මතුව ඇති බවත එම නව සමාජ බලවේගය ගොඩනැනීම වෙනුවෙන් ජාතික හෙළ උරුමයෙන් ඉවත් වන බවත් එහිදී අදහස් දැක්වූ රණවක මහතා කීවේය.

ජාතික හෙළ උරුමයේ සාමාජිකයන් ලෙස කටයුතු කළ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කරුණාරත්න පරණවිතාන, හිටපු පළාත් සභා මන්ත්‍රීවරුන් වන නිශාන්ත ශ්‍රී වර්ණසිංහ, නිරෝෂා අතුකෝරල, එම පක්ෂයේ අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය, මෙන්ම මධ්‍යම කාරක සභාව නියෝජනය කළ තුෂාර ස්වර්ණතිලක, ධනුෂ්ක රාමනායක, බෝසෙත් කළහේපතිරණ, තීක්ෂණ ගම්මන්පිල, තරිඳු දිලීප ගමගේ, සුරංග කාරියවසම්, සුනිමල් ජනරංජන, කිංස්ලි පෙරේරා, ගාමිණී ශාන්ත, ගාමිණී ලියනගේ, තුසිත හේවගේ යන අයද මෙහිදී සිය තනතුරු වලින් ඉල්ලා අස්වූහ.

 



අදහස් (9)

පාඨලී හෙළ උරුමයෙන් ඉවත් වෙයි

hasitha gamage Saturday, 12 December 2020 12:27 PM

කොටියගේ පුල්ලි මැකෙන්නේ නැහැ වගේ මෙයාගේත් ජාතිවාදී හැගීම් නැතිවෙයි කියලා හිතනවද? මෙයාට වෙන්නෙත් අනුර කුමාර දිසානායක ජවිපය අතහැර වෙන පක්ෂයකින් ගිිහින් ඉල්ලගෙන කෑවා. ඒකෙ අනික් එක බව හොදට මතක තියාගන්න.

:       54       102

senaSaturday, 12 December 2020 02:22 PM

ජාතිවාදය කෙසේවෙතත් දැනට විපක්ෂයේ කාර්යය කරන්නට උගත්, බුද්ධීමත් නායකයෙක් අවශ්‍ය රටට ... සජිත්ට බැහැ ඔක කරන්න. රටෙ නායකත්වය ගැන පස්සෙ හිතමු...

:       73       66

Raveendra Saturday, 12 December 2020 12:35 PM

න්‍යායාත්මකව ඉගෙනගත් "ගෙඹි සාස්තරෙ " ප්‍රායෝගිකව ක්‍රියාත්මක කරන්න වගේ මේ තටමන්නේ...

:       33       100

sampath Saturday, 12 December 2020 01:11 PM

තම අරමුණ වෙනුවෙන් උපක්‍රමශීලීව ක්‍රියාකරන දේශපාලකයෙක් .... මෙ ඉවත් වෙන්නේ නිකම්ම වෙන්න බැහැ කියලා ඔනෙ කෙනෙක්ට තේරෙන්න ඔනේ....

:       6       59

de silva Saturday, 12 December 2020 01:42 PM

සමගි බලවෙගේ නියෝජනය කරන ගමන් හෙළ උරුමයේ සාමාජිකත්වය දැරීමෙ තේරුමක් නැති නිසා ඒකෙන් ඉවත් වුණු එක ඉවත් වුණ එක සාධාරණය... එමනිසා මෙ පියවරෙ වරදක් මම නොදකිමි. මෙතන ඇමැතිකම් හෝ පුද්ගලික ලාභ ප්‍රයෝජන බලාගෙන පක්ෂ මාරුවක් සිදුව නැත.

:       24       62

ජගත් Saturday, 12 December 2020 01:49 PM

එතකොට ඒ පක්ෂයට මොකද වෙන්නේ, දිය වෙලාම යයි නේද ?

:       8       26

Demuni Uduwara Saturday, 12 December 2020 02:16 PM

මෙය විය යුතුමයි...

:       7       35

gamunu Saturday, 12 December 2020 02:59 PM

දැනට වසර කිහිපයකට පෙර තරුණයකු වාහනයේ හැප්පුවා නේද?

:       106       94

de silva Sunday, 13 December 2020 12:16 PM

මොහු දක්ෂ දේශපාලකයෙක් හා දක්ෂ රාජ්‍ය ආයතන කළමනාකරුවකු බව මොහුගේ පාලන කාලය තුළ විදුලි බල මණ්ඩලය, තෙල් සංස්ථාව යන ආයතන ලාභ ලැබීමෙනුත් අනික් පුද්ගලයින්ගේ කාලයේදී රුපියල් කෝටි දහස් ගණනින් පාඩු ලැබීමත් ඔප්පු වෙනවා.

:       14       27

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 511 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2249 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1682 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site