IMG-LOGO

පුටු ප්‍රශ්නය දුරදිග යයි

2016-08-04-ent-03පසුගිය දවසක ආණ්ඩුවෙ ලොකු මහත්තුරැ දෙන්නගෙම සහභාගිත්වයෙන් මොරගහකන්ද විවෘත කිරීම සිද්ධ වුණා. මහා සංඝරත්නය, මැති ඇමැතිවරැ, ත්‍රිවිධ ජ්‍යොෂ්ඨයො, ප්‍රභූවරැ විශාල ගණනක් එතැනට ඇවිත් හිටිය. 

මේ අයට අසුන් ගන්න ජනාධිපති ලේකම් තැනයි මහවැලි ලේකම් තැනයි තනතුරැ අනුපිළිවෙළට ආසනත් පනවල තිබුණ... කියමුකො... ඒත් ආරක්ෂක අංශයට සම්බන්ධ එක්තරා දෙපාර්තමේන්තු ප්‍රධානියකුට අනෙක් හමුදා නිලධාරීන් හා අමාත්‍යංශ ලේකම් සයිස් මහත්තුරැ එක්ක අසුන් ගන්න කිව්වම මළ පැන්නලු...

මේ ළඟදි ලොකු ආන්දෝලනයකින් පස්සෙ මේ පුටුවට ආපු ආරක්ෂක දෙපාර්තමේන්තු ලොක්ක තමන්ගෙ කටයුතු බාර නිලධාරියට හොඳවයින් දෙකක් කියල වහාම ජනාධිපති අගමැති හා කැබිනට් ඇමැතිල අගමැති හා කැබිනට් ඇමැතිල ඉන්න ප්‍රධාන වේදිකාවෙ මුලම පේළියෙන් තමන්ට පුටුවක් තියන්න නියම කළා. ඒ අනුව ආරක්ෂක නිලධාරිය පුටුව ගෙනත් කියල මේ බලදාරියට ඉඳගන්න සැලැස්සුව....

උන්නැහේ මෙතන අසුන් ගන්නකොට ඊට පස්සෙ පේළි තුනකම හිටියෙ කැබිනට් ඇමැතිවරැ. මේ විප්‍රකාර වැඩේ දැකපු ඇමැතිලට හොඳටම කේන්ති ගියා. මොණරාගල සොයිස උන්නැහේ ඇතුළු පිරිසක් ලොකු වලියක් ඇද්දලු... ඒ වලිය ලබන සතියෙ කැබිනට් මණ්ඩලේටත් එන්න පුළුවන් කියල ආරංචියි.

 

DESHAYA



අදහස් (0)

පුටු ප්‍රශ්නය දුරදිග යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 285 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 457 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 185 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site