IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


'පට්ට' සංගීත ප්‍රසංගය අද මහරගමදී

2016-08-18-ent-21

අමල් පෙරේරා ගායනා කරන "ප්‍රංශ යුවතියන්", කසුන් කල්හාර ගායනා කරන "එනවස්සානේ", අමරසිරි පීරිස් ගයන "තෙමී තෙමී තෙමී", "ප්‍රේමණීය මිනිසා" වැනි ගීත රචනා කළ ඔහු රුවන් නන්දිකය. ඔහුගේ "පට්ට" සංගීත ප්‍රසංගය මෙම මස 19 වැනිදා සවස 6.30 ට මහරගම තරුණ සේවා සභාවේදී පැවැත්වෙයි.

 

මොකක්ද "පට්ට" කියන්නේ?

2016-08-18-ent-24රස ගිලිහුණු සමාජයක රස හොයලා අවතැන් වුණ පිරිසක් ඉන්නවා. ඒ පිරිස රස හොයනවා. අවාසනාවකට ව්‍යාපාරික මුහුණුවරකින් රසගිලි හෙලා ගිහිල්ලා තියෙනවා. මුදල් එක්ක නිර්මාණ බැඳෙන කොට රස ගිලිහෙන්න පුළුවන්. මම මේ ප්‍රසංගය රසට දෙන්න තමයි උත්සහ කරන්නේ. රස පිපාසෙන් ඉන්න අයට මම කතා කරන්නේ. ඇහෙන් දිකින, පපුවට දැනෙන, හැඟීමේ සුන්දරත්වය තමයි මම මේ ප්‍රසංගය හරහා දෙන්න හදන්නේ.

 

මෙය ඉල්ලුමට සැපයුම කියන කාරණාවට ඔබ්බෙන් තියෙන දෙයක්?

ලංකාවෙ වෙලා තියෙන්නේ ඉල්ලුමට සැපයුම දීලා නිර්මාණය බාල වුණ එක. අවුකන පිළිමේ ගන්න, ඒ වගේ එකක් මනුස්සයෙක්ට ගෙදර ගෙනියන්න බැහැ. ඒක පූජණීය තැනක තියෙන්නෙ. මිනිස්සු අවුකන පිළිමේ ගන්න බැරි හින්දා මැටිවලින් හරි ප්ලාස්ටෝ පැරිස්වලින් හරි කරපු පිළිම ගෙදර ගෙනියනවා. ඒ නිසා ලොකු නිර්මාණවලට නිර්මාපකයො නොයා මැටි හෝ ප්ලාස්ටෝ පැරිස් නිර්මාණ කරන්න පෙළෙඹෙනවා. අවුකන පිළිමයට මිලක් නෑ. අනිත් ඒවට මිලක් තියෙනවා. මුදල් පසෙකට දාලා මහන්සියෙන් නිර්මාණයක් කරන නිර්මාණකරවන් අද හිරවෙලා ඉන්නෙ. ඔවුන් ලෝකයට විවර වෙන්න බැරුව ඉන්න කොට, මුදල් මූලික කරගනිමින් සිඟිති නිර්මාණකරුවන් බැබළෙනවා. ඒක කලාවට කරන හානියක්. නිර්මාණයක් නැති සමාජය ලොව බැබලෙන සමාජයක් නෙමෙයි. මම මගේ හිතට දැනෙන දේ කැපවීමෙන් කරන වැඩක් මේක. මුදල් නැති වුණත් මේ දේ කරන්නෙ කැමැත්තෙන්.

 

ඔබ ඉගෙන ගත්තෙ සිනමාව. එකට සාධාරණයක් කරන්න ලැබෙන්නේ නැහැ?

නිෂ්පාදකයෝ ඒකට ඉදිරිපත් නොවනවා නම්, ඉල්ලුමට සැපයුමක් දෙන නිර්මාණයක් නෙමෙයි නම් මම කරන්නේ, මම කොහොමද සිනමාව කරන්නේ. අවර ගණයේ නිර්මාණවලින් සල්ලි හොයන්නේ. බාල වචනවලට සල්ලි ලැබෙන්නේ. මිනිසුන්ට ඇහෙනවා, අහන්නෙ නෑ. මේ තත්ත්වය තමයි අද තියෙන්නෙ. රුවන් නන්දිකව අනුග්‍රහකයෝ දන්නෙ නෑ. ඒ නිසා අනුග්‍රාහකයන් එයාට නැහැ. ඒ අය දන්නෙ භාතිය සන්තුෂ්ලා, ඉරාජ්ලා තමයි. ඒ නිසා මේක අමාරුවෙන් කරන වැඩක්.

 

"පට්ට" ප්‍රසංගයට එකතු වෙන පිරිස ගැන හා ප්‍රසංගය ගැන කිව්වොත්?

මම හඳුනා ගත්ත දැනෙන දක්ෂයන් පිරිසක් ඉන්නවා. 213කින් යුත් කණ්ඩායමක් මෙයට දායක වෙනවා. %නිල් උපුල් නුවන් පෙති එන ඡන්දෙට මං ඉල්ලන්නයි^ ගීත ගායන කළ සුමිත් මන්දනායක, සිරස සුපර්ස්ටාර් 5 අදියරේ දෙවැනි ස්ථානය දිනපු රසින්ත ගායන්, භාච් සුසාන්ත, තුරුණු තරු හි ප්‍රථමා වුණ අකංක ප්‍රදීප්, යුද හමුදාවේ හොඳම ගායකයෙක් වුණ කපිල ප්‍රියංකර මෙයට සම්බන්ධ වෙනවා. ඒ වගේම රංගනය හා නර්තනය මෙහි විශේෂත්වයක් වෙනවා. ඉහළම ආලෝකය හා පසුතල නිර්මාණයක් මෙයට භාවිත කරනවා. ඒ වගේම ඉහළම තාක්ෂණය මේ ප්‍රසංගය සඳහා භාවිත කරනවා. ඒ වගේම ප්‍රේක්ෂකයන්ට ජීවිතයේ අමතක නොවන පැය තුනක් ලබාදෙන බවට මම වගකියනවා.

 

නිදුක් මදුෂික

 

2016-08-18-ent-23
2016-08-18-ent-22



අදහස් (0)

'පට්ට' සංගීත ප්‍රසංගය අද මහරගමදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 388 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 547 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 229 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site