(ගයාන් සූරියආරච්චි)
පංචිකාවත්ත ප්‍රදේශයේදී පුද්ගලයකුට වෙඩි තැබීමට උත්සාහ කළ වෙඩික්කරු අත්අඩංගුවට ගෙන සිදුකළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව එම වෙඩි තැබීමට ආධාර අනුබල දුන් පුද්ගලයකු ඊයේ (19) අත්අඩංගුවට ගත් බව මරදාන පොලිසිය පවසයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාලිගාවත්ත ප්‍ර දේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරුගෙන් අනාවරණය කරගත් තොරතුරුවලට අනුව එම අපරාධය සදහා යොදගත් යතුරුපැදිය ද පොලිසිය භාරයට ගෙන ඇත.
පංචිකාවත්ත ප්‍ර දේශයේදී ඉකුත් (13) අලුයම යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනකු විසින් නිවෙසක් අසල සිට පුද්ගලයකුට ගිනි අවියකින් වෙඩි තැබීමට උත්සාහ කිරීමේදී ගිනි අවිය ක්‍රියාත්මක නොවීමෙන් අනතුරුව සැකකරුවන් පලාගොස් තිබුණි.
අනතුරුව මරදාන පොලිසිය කළ විමර්ශනවලින් පසු වෙඩික්කරු වශයෙන් ක්‍රියාකළ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රැදවුම් නියෝග මත කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරුවලට අනුව විමර්ශන ආරම්භ කර තිබුණි.
මරදාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පංචිකාවත්තේ වෙඩි තැබීමට අනුබල දුන් සැකකරුවෙක් දැලේ