එළඹෙන පළමුවැනිදා ඒකාබද්ධ විපක්ෂ පා ගමන කිරිබත්ගොඩ සිට කොළඹට ඇතුල්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර ඉවත දැමුවාය.
පා ගමනින් මේ දක්වා මහජන කටයුතු වලට බාධාවක් හෝ, නීති කඩවීමක් හෝ, අනර්ථවත් දෙයක් හෝ සිදුව නොමැති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
එවන් කිසිවක් සිදුවුවහොත් ඒ පිළිබඳ අධිකරණය දැනුම්වත් කර අදාළ පියවර ගැනීමට පොලිසියට හැකි බවද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පැවසුවාය.
ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී
ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.
පාගමනට කොළඹ තහනම් නෑ
විජේ Sunday, 31 July 2016 04:34 AM
කෙනෙහිලිකම් කරන්න කරන්න මහින්ද ශක්තිමත් වෙනවා! (නි)
මුණසිංහ Saturday, 30 July 2016 01:54 AM
කෙලින් තීරණ ගන්න පුළුවන් අය තවම ඉන්න බවත් පේනවා. (අ)
සිරි Saturday, 30 July 2016 02:48 AM
පුජිත් මහත්තයෝ,දැන්වත් ඔය අජුත වැඩ නැවත්තුවොත් හොදයි නේද?නැතිනම් පොලිසියත් විනෝද සමයක් වෙය (අ)
පැරිස් Saturday, 30 July 2016 04:34 AM
ආණ්ඩුව දැන් හොඳටම බය වෙලා ඉන්නේ. කඩාකප්පල් වැඩ කරන්න හීන් නුල් වැඩ කරයි.සාමකාමී බව නැතිකරන්න ආන්ඩුව මොනවා හෝ කරන්න බලයි (අ)
දොන් Saturday, 30 July 2016 01:06 PM
හිතට දුකයි තමයි. තව ටිකක් හම්බ කරන්න තිබ්බ එක නැති උනානේ. අනේද කියන්නේ.(රේ)
අජිත් ගුණසේකර Saturday, 30 July 2016 05:07 AM
මෙච්චර දගලන්නේ පාදයාත්‍රාව අති සාර්ථක නිසා. (ර)
සුජිත් Saturday, 30 July 2016 05:38 AM
හැම ආණ්ඩුවක්ම අන්තිමට එනකොට ඔහොම කරනවා (ම)
කින් බෙනට් Saturday, 30 July 2016 07:02 AM
අලුත් යහපාලනය යටතේ ලංකාවේ පොලිසිය ඉදිරියට වෙන්න තියෙන අනතුරු ගැනත් කල්පනා කරලා ජනතාව ආරක්ෂා කරන්න පුදුම වෙහෙසක් ගන්නේ. අලුත් ආණ්ඩුවේ මඟපෙන්වීම සහ උපදෙස් වලට අනුව අලුත් පොලිස්පතිතුමා ජනතාව ගැන පුදුම ආදරයකින් වෙළීඉන්න බව පෙනෙනවා. එක අතකට ජනතාවට කන්න බොන්න නැතුව මැරිලා ගියත් පෙළපාලියක් හින්දා වෙන ප්‍රශ්න නවත්වලා හරි ජනතාවව ආරක්ෂා කරන්න ගන්න උත්සාහය ගැන අලුත් ආණ්ඩුවටයි, පොලිස්පතිතුමාටයි මුළු රටේම ජනතාව දණ නමා ගරු කරන්න ඕනෑ (නි)
රත්න Friday, 29 July 2016 05:26 PM
මීට පස්සේ උද්ඝෝෂණ පා ගමන් සංවිධානය කරන කොටම, එය වැලක්වීමට නියෝග ඉල්ලීමට ආණ්ඩුවට පොලිසියට නොහැකි වන පරිදි උසාවි නියෝගයක් ලබා ගෙනීම සංවිදායකයන් මුලින්ම කිරීමට සිදුවේවි. (අ)
සුනිල් Friday, 29 July 2016 05:49 PM
පහුගිය කාලෙත් ඔහොම තීන්දු දුන්නනම් ඉතින් සොරිම තමා! (බ)
චානක Friday, 29 July 2016 06:08 PM
ලංකාවේ තිබෙන සෑම පොලිස් ස්ථානයකටම නීතිවේදියකු බැගින් අනුයුක්ත කරනවානම් පොලිසිය මේ වගේ අවතක්සේරුවලට ලක් නොවී තම ප්‍රතිරූපය ආරක්ෂා කර ගත හැකිය.(බ)