IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පකිස්ථාන මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

(අංජුල මහික වීරරත්න)

තෙදින නිල සංචාරයක් සඳහා පැමිණි පාකිස්ථානයේ  ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානී   ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා (Sahir Shamshad Mirza) මහතා අද (10)  පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය.

මිත්‍ර රාජ්‍යයන් ලෙස ශ්‍රී ලංකාව සහ පාකිස්ථානය අතර දීර්ඝකාලීන සමීප සබඳතාව සිහිපත් කරමින් ජනාධිපතිවරයා ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ඇතුළු පිරිස සමඟ සුහඳ කථා බහකට එක් විය.

මෙම හමුව සනිටුහන් කරමින් ජෙනරාල් සහීර් ෂම්ෂාඩ් මිර්සා මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා  මහත්වරුන් ද, පාකිස්ථාන නාවික හමුදාවේ රියර් අද්මිරාල් අබ්දුල් බාසිත් බට් (Rear Admiral Abdul Basit Butt) මහතා ඇතුළු නියෝජිතයෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.



අදහස් (0)

පකිස්ථාන මාණ්ඩලික ප්‍රධානී ජනපති හමුවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 578 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 727 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 305 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site